Union Health 360

Union Health 360 යනු ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත්, අනපේක්ෂිත රෝහල්ගතවීමකදී අත්‍යවශ්‍යම මූල්‍ය සහය සලසමින් පරිපූර්ණ රැකවරණයක් හිමිකර දීම උදෙසා නිර්මාණය වූ සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණාවරණයකි.

Union Health 360

පරිපූර්ණ සෞඛ්‍ය රැකවරණයක් සඳහා වන
නිවැරදිම ආයෝජනය

සෞඛ්‍ය අභියෝග කවර මොහොතක ඇතිවේදැයි කිසිවෙකුටත් නිශ්චිත ලෙස අනුමාන කළ නොහැක. මෙනිසාම, ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත් අනපේක්ෂිත රෝහල්ගතවීමකදී පරිපූර්ණ මූල්‍යමය රැකවරණය සලසන සෞඛ්‍ය රක්ෂණාවරණයක ආයෝජනය, සුරක්ෂිත වූත් වඩාත් විශ්වසනීය හෙට දවසක් වෙනුවෙන් කළ හැකි වඩාත් කාලීන ආයෝජනයකි.

අප හා සම්බන්ධ වන්න

අපගේ ජීවිත රක්ෂණ උපදේශකවරයෙකු හා සම්බන්ධ වීමට ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න.








    අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය වෙත පිවිසෙන්න.

    ඔබ Union Health 360 සෞඛ්‍ය රක්ෂණාවරණයක් තෝරාගත යුත්තේ ඇයි?

    ඔබට වඩාත් සුරක්ෂිත හෙට දිනක් ගොඩනංවා ගැනීමට අත්වැලක් වීම පිණිස, Union Health 360 සෞඛ්‍ය රක්ෂණාවරණයට අන්තර්ගත වන සුවිශේෂී අංග පහත පරිදි වේ.

    Cashless ලෙස ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව

    රෝහල්ගතකිරීම් වලට අදාළ වන බිල්පත් Cashless ආකාරයට පහසුවෙන් ගෙවීමේ අවස්ථාව.

    ඔබටම අනන්‍ය සෞඛ්‍ය රක්ෂණාවරණයක්

    ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන ලෙස, තනි හෝ මුළු ...
    ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන ලෙස, තනි හෝ මුළු පවුලටම එක් සෞඛ්‍ය ආවරණයක් ලෙස සෞඛ්‍ය රක්ෂණාවරණයක් සැලසුම් කරගැනීමේ අවස්ථාව.

    රු. මිලියන 60 ක් දක්වා වූ සෞඛ්‍ය රක්ෂණාවරණයක්

    ඔබට, ඔබගේ දරුවන්ට සහ ඔබගේ දෙමව්පියන් සඳහා රු. මිලියන 60 ක් දක්වා වූ පරිපූර්ණ ...

    ඔබට, ඔබගේ දරුවන්ට සහ ඔබගේ දෙමව්පියන් සඳහා රු. මිලියන 60 ක් දක්වා වූ පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාගැනීමේ අවස්ථාව.

    විදේශීය ප්‍රතිකාර සඳහා ගෝලීය ආවරණයක්

    ඔබ ලොව කොතැනක සිටියත් පහසුවෙන්, අවැසි මොහොතේදී වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු ...
    ඔබ ලොව කොතැනක සිටියත් පහසුවෙන්, අවැසි මොහොතේදී වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීමේ අවස්ථාව.

    ඇතුළත්වීමේ සුදුසුකම්

    The Health 360 Investment Plan is perfect for those embracing change. Check your eligibility below.

    ඇතුළත්වීමේ අවම වයස

    අවුරුදු 18 (ආසන්නතම උපන්දිනය)

    ඇතුළත්වීමේ උපරිම වයස

    අවුරුදු 65 (ආසන්නතම උපන්දිනය)

    මාතෘ ප්‍රතිලාභය ලබාගැනීම සඳහා වන වයස් සීමාව

    අවුරුදු 18 - අවුරුදු 40
    (මාතෘ ප්‍රතිලාභ ආවරණය අවුරුදු 45 න් අවසන් වේ)

    වාරික ගෙවිය හැකි ක්‍රම

    මාසික l කාර්තුමය l අර්ධ - වාර්ෂික l වාර්ෂික

    *කොන්දේසි සහ නියමයන් අදාළ වේ.

    පරිපූර්ණ රැකවරණයට අමතරව හිමිවන අනෙකුත් සුවිශේෂී ප්‍රතිලාභ

    සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරන ඔබ සඳහාම හිමිවන සුවිශේෂී ප්‍රතිලාභ

    රක්ෂණ හිමිකම් ලබා නොගන්නා සෑම වසරක් සඳහාම, ඔබ ලබාගන්නා Union Health 360 ආවරණ වටිනාකම 25% කින් ඉහළ නැංවීම සිදුවේ. මේ අනුව අඛණ්ඩව වසර 4 ක් රක්ෂණ හිමිකම් ලබා නොගැනීමකදී ඔබේ ආවරණ වටිනාකම, දෙගුණ කරගැනීමේ සුවිශේෂී අවස්ථාව හිමිවේ.

    ඔබේ ආදරණීයයන් සඳහා වන අසමසම පරිපූර්ණ රැකවරණයක්

    Union Health 360 ආවරණයක් ඔබේ ජීවිත රක්ෂණ සැලසුමට ලබාගැනීමකදී , ඔබට සහ ඔබගේ දරුවන්ට පමණක් නොව, ඔබගේ දෙමව්පියන් සඳහාත් වඩාත් පුළුල් සහ පරිපූර්ණ රැකවරණයක් ලබාගැනීමේ සුවිශේෂී අවස්ථාව හිමිවේ.

    අභියෝගාත්මක වර්ෂයකදී පවා හිමිවන පරිපූර්ණ රැකවරණය

    වසරක් තුළ ඔබගේ සමස්ත Union Health 360 ප්‍රතිලාභය ලබාගෙන ඇති අවස්ථාවකදී පවා, ඔබට හෝ ඔබගේ පවුලේ වෙනත් සාමාජිකයෙකු සඳහා වන හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාවකදී, සම්පූර්ණ ප්‍රතිලාභ වටිනාකම ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.

    වාරික මුදල අඩු කරගැනීමට හිමිවන සුවිශේෂී අවස්ථාව

    රක්ෂණ හිමිකම් වලින් කොටසක් ඔබට පියවා ගත හැකි අවස්ථාවකදී, ඔබගේ Union Health 360 වාරික සඳහා සුවිශේෂී වට්ටම් හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවේ.

    Discover Your
    Heart Age with Health 360

    Assess your cardiovascular health and take control of your future. Calculate now for free. Your heart age reflects how your lifestyle impacts your heart’s health compared to your actual age. Use our quick calculator to find out and get personalized tips to improve it, all powered by Union Assurance Health 360.

    Enter Your Details

    Fill in the fields with your latest health data.

    Get Your Result

    Click calculate to see your heart age instantly.

    Receive Tips

    Get tailored advice to lower your heart age if needed.

    Track Progress

    Monitor changes over time via the Clicklife App.

    අපගේ අනෙකුත්
    ජීවිත රක්ෂණ සැලසුම්

    ඔබටම සුවිශේෂී වූ අවශ්‍යතා සඳහා ලබාගත හැකි අපගේ ජීවිත රක්ෂණ සැලසුම් සමඟින් සුරක්ෂිත හෙට දිනක් සඳහා වන නිවැරදි පළමු පියවර තබන්න.

    Union Assurance FlexLife

    සුරක්ෂිත හෙට දිනකට නම්‍යශීලී ජීවිත රක්ෂණ සැලසුමක්.

    Thumbnail වැඩිදුර කියවන්න

    Union Life Plus

    පරිපූර්ණ මූල්‍යමය රැකවරණය සමඟින් ආකර්ෂණීය කල්පිරීමේ ප්‍රතිලාභ.

    Thumbnail වැඩිදුර කියවන්න

    Union Pension Advantage

    මූල්‍යමය වශයෙන් සුරක්ෂිත විශ්‍රාම දිවියකට නිවැරදිම ආයෝජනය.

    Thumbnail වැඩිදුර කියවන්න