සේවාවන් / මූල්‍ය වාර්තා / කාර්ය මණ්ඩලය /
යූනියන් ඇෂුවරන්ස් පිළිබඳව
තිස් වසරකට අධික රැකවරණයේ විශ්වාසය

1987 වසරේ ආරම්භ වූ යූනියන් ඇෂුවරන්ස් යනු මේ වන විට ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත හා බැංකු රක්‍ෂණ සේවා විසඳුම් සපයන්නෙකි . ජීවිත වලට රැකවරණය ගෙනෙමින් , ශ්‍රී ලාංකික සිහින සැබෑ කරමින් , සිතේ සැනසිල්ල සහතික කළ ව්‍යාපාරයක් ලෙස යූනියන් ඇෂුවරන්ස් හැඳින්විය හැක.
ඔබේ දිවියට අපේ සවිය යන තේමාව පෙරටු කරගත් අපි අපගේ රක්‍ෂණ ඔප්පු හිමියන්ට සහ ඔවුන්ගේ සමීපතමයන්ට සවියක් වීමේ අරමුණ ඇතිව අපි සෑම ශ්‍රී ලාංකික සිහිනයක්ම බලගන්වන්නෙමු. පරිපූර්ණ ජීවිතයක් සඳහා අවශ්‍ය ආයෝජනය, අධ්‍යාපනය, සෞඛ්‍යය රැකියාව සහ විශ්‍රාම සැලසුම් යන ජීවිතයේ සියලු පැති ආවරණය කෙරෙන පරිදි ජීවිත රක්‍ෂණ සැලසුම් රැසක්ම අපි ලබා දෙන්නමු. පළපුරුදු වෘත්තිකයන් කණ්ඩායමක මූලිකත්වයෙන් සහ සවිමත් ප්‍රාග්ධන පදනමක් සහ ගෝලීය වශයෙන් ඉහළ ශ්‍රේණිගත ප්‍රතිරක්ෂණකරුවන් සමග සබැඳුණු අපගේ රක්‍ෂණ සේවාවන් සහ නිමැවුම් සැම විටම ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත බව අපි ඔබට සහතික කරමු.
දිවයින පුරා පිහිටි 110 අධික ශාඛා ජාලයක් / 33 වසරක ප්‍රවීණත්වය / 20 අධික හවුල් කාර බැංකු ජාලයක් , 4000කට අධික ක්‍ෂේත්‍ර අලෙවි බලකායක්.
මෙහෙවර
ගනුදෙනුකරුවන්ට රැකවරණය, මූල්‍යමය සුරක්ෂිතතාව සහ වත්කම් උත්පාදනය පිරිනමමින් අපගේ සාමාජික සාමාජිකාවන්, ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය, ව්‍යාපාරික හවුල්කරුවන්, පාර්ශ්වකරුවන් සහ සමස්ත ප්‍රජාව වෙත වටිනාකම් එක්කිරීම.
දැක්ම
දිවයිනේ ජනප්‍රියම රක්ෂණ විසඳුම් සපයන්නා බවට පත්වීම.
අපේ වටිනාකම්
Excellence, Caring, Innovation, Trust, Ethics and Integrity
ඉතිහාසය
සමාගම් කතාව
යූනියන් ඇෂුවරන්ස් සන්නාමය
දශක තුනකට අධික කාලයක් තිස්සේ ජීවිත සුරක්‍ෂිත කරමින් “ රැකවරණය සඳහ විශ්වාසවන්ත නාමයක් දිනාගත් යූනියන් ඇෂුවරන්ස් ශ්‍රී ලංකාවේ විශ්වසනීයම ජීවිත රක්ෂණ සන්නාමයක් ලෙස සැමදා හැඳින්විය හැක . ගනුදෙනු කරුවන්ට මුල් තැන ලබා දීම, ඔවුන්ට හිමි නිසි රැකවරණය ලබා දීම, අපට හිමි වූ නොසැලෙන විශ්වාසයේ ඇරඹුමයි .
ඔබේ දිවියට අපේ සවිය යන තේමාව මුල් කරගත් යූනියන් ඇෂුවරන්ස් හි අපේක්‍ෂාව ශ්‍රී ලාංකික සිහින බලගැන්වීමයි. ජීවිතය උපරිමයෙන් විඳීමට ජීවන රටාවන් සුරකිමින්, අනපේක්‍ෂිත අභියෝග වලට විසඳුම් ගෙනෙමින්, සබඳතාවයන් සදා සුරකිමින්, ඔබේ ළබැඳියන් සහ ඔවුන්ගේ ජීවිතත් ඔවුන්ගේ අභිලාෂයන් සහ අරමුණු මෙන්ම අපේක්‍ෂාවන්ද සැබැවින්ම සුරක්‍ෂිත කරමින් ඉදිරියටම යාම අපගේ අරමුණයි.