ඔබේ ජීවිත රක්ෂණ සැලසුම, ඔබටම අනන්‍ය ලෙස නිර්මාණය කර ගැනීමේ අසමසම පහසුව, අපගේ අතිරේක ආවරණ හරහා ඔබට හිමිවේ.
මෙම අතිරේක ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ ඇතිවන අනපේක්ෂිත රෝහල්ගතවීමකදී, අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නිසි අවස්ථාවේදී ලබාගැනීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය රැකවරණය සපයයි.
ඔබගේ සියලුම සෞඛ්‍ය රක්ෂණ අවශ්‍යතා සපුරන මෙම සුවිශේෂී අතිරේක ආවරණය ඔබගේ රක්ෂණ සැලසුමට එක් කරගැනීමෙන් ශ්‍රී ලංකාව හෝ ලොව පුරා (ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව හැර) රෝගාබාධයක් හෝ ශල්‍යකර්මයක් සඳහා වන රෝහල්ගතවීමකදී වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය කළ හැකිය. තවද වඩාත් ඉහල මූල්‍යමය රැකවරණයක් සඳහා අතිරේක ආවරණ ලෙස මාතෘ ප්‍රතිලාභ සහ අතිරේක අක්ෂි ප්‍රතිලාභ එක් කරගත හැකිය.
ප්‍රතිලාභ රැසක් සමඟින් පැමිණෙන මෙම අතිරේක ආවරණය හරහා ජීවිත රක්ෂිතයා, ජීවිත රක්ෂිතයාගේ දෙමව්පියන් සහ වයස අවුරුදු 23 ට අඩු දරුවන් සඳහා වන රෝහල්ගතවීමකදී වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය කළ හැකිය.
රෝහල්ගතවීමකදී, අමතර වෛද්‍ය වියදම් පියවා ගැනීම සඳහා රක්ෂණ ඔප්පුවෙහි සඳහන් කර ඇති පරිදි, මෙම අතිරේක ආවරණය යටතේ රක්ෂිත මුදල දෛනික ප්‍රතිලාභයක් ලෙස ගෙවනු ලැබේ.
ජීවිත රක්ෂිතයාගේ දරුවෙකුගේ රෝහල්ගතවීමකදී, අමතර වෛද්‍ය වියදම් පියවා ගැනීම සඳහා රක්ෂණ ඔප්පුවෙහි සඳහන් කර ඇති පරිදි, මෙම අතිරේක ආවරණය යටතේ රක්ෂිත මුදල දෛනික ප්‍රතිලාභයක් ලෙස ගෙවනු ලැබේ.
හදිසි අනතුරකදී හෝ රෝගාබාධයකදී සිදුකළ යුතු ශල්‍යකර්මයක් සඳහා අවශ්‍ය වන මූල්‍යමය සහය සපයයි.
බරපතළ රෝගාබාධයකදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මූල්‍යමය ප්‍රතිලාභ එකවර ලබාදේ.
රෝහල්ගතවීමකදී දෛනික මූල්‍යමය ප්‍රතිලාභ ලබාදෙන අතරම, ළමුන් සඳහා සැත්කම් 244ක් දක්වා ආවරණය කරනු ලබයි
රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන පූර්ණ හෝ අර්ධ නිත්‍ය අකර්මණ්‍යතාවකදී මූල්‍යමය රැකවරණය සපයයි.
රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන පූර්ණ සහ නිත්‍ය අකර්මණ්‍යතාවකදී මෙම අතිරේක ආවරණය යටතේ රක්ෂිත මුදල සමාන වාරික 5 කින් ගෙවනු ලැබේ.
රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන අර්ධ සහ නිත්‍ය අකර්මණ්‍යතාවකදී මෙම අතිරේක ආවරණය යටතේ රක්ෂිත මුදලින් ප්‍රතිශතයක් ගෙවනු ලැබේ.
මෙම අතිරේක ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ අනපේක්ෂිත වියෝවීමකදී, ආදායම් අහිමිවීම් පියවා ගැනීමට උපකාරී වේ.
ජීවිත රක්ෂිතයාගේ අනපේක්ෂිත වියෝවකදී, ආදායම් අහිමිවීම් හේතුවෙන් ඇතිවන මූල්‍යමය අපහසුතාවලින් පවුලේ සාමාජිකයින්ට සහනය සැලසීම සඳහා රක්ෂණ සැලසුම් කාලසීමාව අවසන් වනතුරු මෙම ආවරණය යටතේ රක්ෂිත මුදල කාර්තුමය ගෙවීම් ලෙස ප්‍රතිලාභීන්ට ලබාදෙනු ලැබේ.
මෙම අතිරේක ආවරණ රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ වියෝවකදී, මරණ ප්‍රතිලාභයෙන් ඔබ්බට ගොස් අතිරේක මූල්‍යමය රැකවරණය සපයයි.
සුළු අමතර වාරිකයකින් ඔබේ මරණ ප්‍රතිලාභය 20 ගුණයක් දක්වා ඉහළ නංවා ගැනීමට මෙම අතිරේක ආවරණය හරහා අවස්ථාව හිමිවේ.
රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ හදිසි අනතුරක් හේතුවන් සිදුවන ජීවිත රක්ෂිතයාගේ වියෝවකදී, මරණ ප්‍රතිලාභයට අමතරව මෙම අතිරේක ආවරණය යටතේ රක්ෂිත මුදල එකවර ගෙවනු ලැබේ.
රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ඔබගේ සහකරු හෝ සහකාරියගේ අනපේක්ෂිත වියෝවකදී, මෙම අතිරේක ආවරණය හරහා මූල්‍යමය රැකවරණය හිමිවේ.
රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ අනපේක්ෂිත වියෝවකදී අවමංගල්‍ය වියදම් මෙම ආවරණය යටතේ ආවරණය කෙරේ.