ඔබේ ඉදිරි ගමනට හොඳම සවිය
ඔබේ අපේක්‍ෂාවන් ජයගන්න, ඔබේ සාර්ථකත්වය හඳුනාගන්න, ඔබේ අරමුණු තරණය කරන්න මෙන්ම ඔබ පතන දියුණුව උදාකරගන්න යූනියන් ඇෂුවරන්ස් හිදී ඔබට ඇති තරම් අවස්ථා උදා කරගත හැක
අපගේ කාර්‍ය මණ්ඩලය අපගේ මූලිකම සවිය වටිනාකම බව අපේ විශ්වාසයයි. අප පාරිභෝගිකයින්, සේවා සපයන්නන්, රටේ ජනතාවගේ සිත් සතන් අතර අපේ සන්නාමය සනිටුහන් කිරීමේ සැබෑම ශක්තිය ඇත්තේ ඔවුන් සතුවයි. ඒ අපේ විශ්වාසයි.
මානව සම්පත් පදනම වැඩි දියුණු කිරීම තුළින් අප කාර්‍ය මණ්ඩලයේ එක් එක් සේවකයාගේ හැකියාවන් අභිලාෂයන් හඳුනාගෙන ඒවා වර්ධනය කිරීම සඳහා සැබෑම සේවා වටපිටාවක් අපි නිර්මාණය කර ඇත. ඒ අපගේ සන්නාමයේ ප්‍රතිඥාවකි. ඒ පිළිබඳව අපි අවංකවම ආඩම්බර වන්නෙමු. උසස් පුහුණුව, කුසලතා වැඩි දියුණු කිරීම, සාමූහික වැඩසටහන් මගින් වෘත්තිය සංවර්ධනය සහ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා අඛණ්ඩ මූල්‍යාධාර පිරි නැමීම අපගේ කාර්‍ය මණ්ඩලයට පිරි නමන වරප්‍රසාද අතුරින් කිහිපයක් පමණයි.
අප ආයතනයේ ක්‍රියාත්මක “කාර්ය මණ්ඩල යෝජනා ක්‍රමය’ මගින් කාර්‍යක්‍ෂමව ක්‍රියාත්මක වීමටත් ක්‍රියාකාරී ලෙස සේවය සැපයීමටත් සැම විටම ඔබව දිරිමත් කිරීම සිදු කරනු ලබයි. අපේ අලෙවි කණ්ඩායමට වාර්ෂිකව සම්මාන පිරිනැමීම, ඔවුන් ඇගයීම ඔවුන්ට හිමි දිරිගැන්වීම් ලබා දීමත් නිරන්තරවම සිදුවේ.
යූනියන් ඇෂුවරන්ස් සාර්ථක සමාගමක් ලෙසත්, වැටුප්, ප්‍රතිලාභ, පුද්ගල දියුණුව යන අංශයන් ගෙන් ඉහළම ස්ථානයන්හි ශ්‍රේණිගතව ඇත.
ක්‍ෂේත්‍රය තුළ සේවකයන්ගේ කැපවීමට දිරියට නිසි ඇගයුම ලබා දෙන ආයතනයක් බවට සැවොම හඳුනාගෙන ඇති යූනියන් ඇෂුවරන්ස් යනු සම්මානනීය ආයතනයක් මෙන්ම සේවය කිරීමට කැමතිම ආයතනයක් ආයතනයන්ගෙන් එකක් බව සැබෑවකි.