ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් සහාය අවශ්‍යද? නිතර අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න. සුරක්ෂිත සැලසුමක් සමඟින් වඩාත්ම වටිනා සැම දේ රැකගන්න.
ජෝන් කීල්ස් සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ ප‍්‍රථම පෞද්ගලික රක්ෂණ සැපයුම්කරු ලෙස වසර 38 ක් පුරා මෙරට සමාජ-ආර්ථික ක්ෂේත‍්‍රය හැඩගස්වමින් සිටින අතරම රැකවරණයෙන් සවිබල ගැන්වෙන මානව ප‍්‍රගතිය උදාකර ගැනීම සඳහා ජනතාවට සහාය වීමට කැප වීමෙන් කටයුතු කරයි.
[email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් යොමු කිරීමට ඔබට හැකිය. නැතිනම් 1330, අංකයෙන් අපගේ 24/7 ක්ෂණික ඇමතුම් සේවාව හරහා, හෝ +94 11 2990990 ඔස්සේ අප අමතන්න.
ඔබේ පහසුව පරිදි පහත ලිපිනයේ පිහිටි අපගේ ප‍්‍රධාන කාර්යාලයට පැමිණෙන්න:
යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී.
20, සාන්ත මයිකල් පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.
අපගේ වෙබ්අඩවියේ “ශාඛා ජාලය”. යටතේ යූනියන් ඇෂුවරන්ස් කාර්යාල පිළිබඳ ලැයිස්තුවක් ඔබට බලා ගත හැකිය. දීපව්‍යාප්තව කි‍්‍රයාත්මක වන ශාඛා අප සතුව ඇත.
අපගේ කාර්යාල සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 5 දක්වා විවෘතය.
ආයෝජනය, රැකවරණය, විශ්‍රාම දිවිය, අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු අංගසම්පූර්ණ ජීවිත රක්ෂණ සැලසුම් රැසක් අපි පිරිනමන්නෙමු. අපගේ සැලසුම් ඔස්සේ අපගේ පුළුල් සැලසුම් පෙළ පරීක්ෂා කිරීමට ඔබට හැකිය.
අපගේ ජීවිත රක්ෂණ උපදේශකවරුන් "Clicklife App" සහ අපගේ කැපවූ බැංකු හවුල්කරුවන් හරහා ඔබට රක්ෂණ ඔප්පුවක් මිලදී ගත හැකිය: ජීවිත මෙහෙයුම් අංශයේ ලචිනි චිත්‍රසේන සමඟ ලියාපදිංචි වන්න.
සෑම වසරකම ආරම්භයේදී, අවම ලාභාංශ අනුපාතයක් සහතික කර, වසර පුරාම තනිපුද්ගල අරමුදල්වලට මාසිකව බැර කරනු ලැබේ. බැර කිරීමට නියමිත සැබෑ ලාභාංශ අනුපාතය සෑම වසරකම අවසානයේදී තීරණය කෙරෙන අතර, වසර තුළ සමස්ත අරමුදලේ සැබෑ කාර්යසාධනය මත එය රඳා පවතිනු ඇත. කවර තත්ත්වයක් තුළ වුවද, ප‍්‍රකාශයට පත් කරනු ලබන සැබෑ ලාභාංශය සැමවිටම වසර සඳහා සහතික කරන ලද අවම ලාභාංශයට සමාන හෝ ඊට වැඩි වනු ඇත.
යූනියන් ඇෂුවරන්ස් විසින් මෑත කාලයේ ප‍්‍රකාශයට පත් කරන ලද ලාභාංශ බලා ගැනීම සඳහා ලාභාංශ ප‍්‍රතිලාභ වෙත පිවිසෙන්න.
මේ ගැන වැඩි විස්තර සඳහා 1330 අංකයෙන් අපගේ 24/7 ක්ෂණික ඇමතුම් මඟින් හෝ +94 11 2990990 ඔස්සේ ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
ඔව්, ඔබේ පහසුව සඳහා අපගේ වෙබ්අඩවියේ විශ්‍රාම දිවිය, අධ්‍යාපනය සහ රැකවරණය පිළිබඳ ගණක යන්ත‍්‍ර අප සතුව ඇත.
Clicklife App එක යනු පාරිභෝගිකයින්ට අදාළ සැබෑ කාලය තුළදීම රක්ෂණ ඔප්පු පරීක්ෂා කිරීමේ හැකියාව, අවහිරතා රහිත ඩිජිටල් ගනුදෙනු, සහ ප‍්‍රසාද තිළිණ පිරිනමන සෞඛ්‍ය පිරික්සුම් වැනි සියලූ දේ එකම ස්ථානයකින් පාරිභෝගිකයින්ට ලබාදෙන සුහුරු ස්වයං-සේවා රක්ෂණ යෙදවුමකි.
AppStore වෙතින් හෝ GooglePlay ඔස්සේ ඔබට එය බාගත කර ගත හැකිය.
Union Assurance Platinum Circle යනු ඉහළ වටිනාකම් සහිත පාරිභෝගිකයින් අතරින් තෝරාගත් සමූහයකට සුවිශේෂ ප‍්‍රමුඛතා සහාය, පුද්ගලබද්ධ යහපැවතුම් විසඳුම්, සහ ජීවන රටා ප‍්‍රතිලාභ පිරිනමන, යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ ඔප්පුහිමියන් සඳහා වන සුවිශේෂ සාමාජිකත්ව මට්ටමකි.