අධ්‍යක්ෂක මණ්ඩලය

ක්‍රිශාන් බලෙන්ද්ර
(2019 ජනවාරි මස සිට අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි) යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සභාපති (විධායක නොවන අධ්යක්ෂ) ලෙස කටයුතු කරන ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ සභාපතිවරයාද වේ. ලංකා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු වන ඒ මහතා ශ්‍රී ලංකාවේ පෝලන්ත කොන්සල් ජෙනරාල් වරයා ලෙසද කටයුතු කරයි. මීට පෙර ඒ මහතා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සහ කොළඹ කොටස් හුවමාරුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේ හොංකොං හි UBS Warburg සමග එක්වීමෙන් වන අතර එහිදී ආයෝජන බැංකුකරණ ක්ෂේත්රය තුළ කොටස් ප්‍රාග්ධන වෙළඳපොළ සම්බන්ධයෙන් ඒ මහතාගේ ප්‍රධාන අවධානය යොමුවිය. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් ලබා ඇති ඒ මහතා INSEAD වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් (MBA) හිමිකරගෙන තිබේ.

සුරේෂ් රාජේන්ද්‍ර
(2011 අගෝස්තු මාසයේ සිට අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි) සුරේෂ් රාජේන්ද්‍ර මහතා 2011 අගෝස්තු මාසයේ සිට යුනියන් ඇෂුවරන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සමූහ විධායක කමිටුවේ සාමාජිකයෙකු සහ දේපළ ව්‍යාපාර සමූහයේ සභාපතිවරයා වන ඒ මහතා Asian Hotels and Properties PLC හි අධ්‍යක්ෂවරයෙකුද වේ. ඒ මහතා දේශීය හා විදේශීය මට්ටමින් මූල්‍ය, දේපළ වෙළඳාම්, සංචාරක සේවා සහ ව්‍යාපාර සංවර්ධනය යනාදී ක්ෂේත්‍ර වල අත්දැකීම් රැසක් ලබා ඇත. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය හා සම්බන්ධ වීමට පෙර ඒ මහතා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NRMA Motoring and Services හි වාණිජ හා ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී, Aitken Spence Hotel Managements (පුද්.) සමාගමේ අධ්‍යක්ෂක/සාමාන්‍යාධිකාරී ලෙස මෙන්ම Aitken Spence සමූහ ව්‍යාපාරයේ හෝටල් වල අධ්‍යක්ෂක මණ්ඩලයන්හි සේවය කර තිබේ. එක්සත් රාජධානියේ Chartered Institute of Management Accountants හි අධි සාමාජිකයෙකු වන ඒ මහතා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ලැයිස්තුගත නොවූ සමාගම් රැසක අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරමින් සිටී.

දමින්ද ගම්ලත්
දමින්ද ගම්ලත්
ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ
(2020 ජූනි මස සිට අධ්යක්ෂ මණ්ඩලය සාමාජිකයෙකි)
දමින්ද ගම්ලත් මහතා 2020 ජූනි 10 වන දින යුනියන් ඇෂුවරන්ස් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වීම් ලැබී ය. මොරටුව විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ප්‍රථම උපාධිය (B.Sc.) ලබා ඇති ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (MBA) ලබා තිබේ. මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය, ව්‍යාපාර විශ්ලේෂණය, විකුණුම්, අලෙවිකරණය සහ පොදු කළමනාකරණය වැනි අංශ සම්බන්ධ විශේෂඥ දැනුමක් ඒ මහතා සතු ය. CIMA UK සුදුසුකම් සපුරා ඇති ඒ මහතා දැනට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආහාරපාන සම්බන්ධ සමූහයේ (Consumer Foods Industry Group) සභාපති ලෙස කටයුතු කරන අතර Ceylon Cold Stores PLC සහ Keells Food Products PLC යන සමාගම් වල අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි. තවද ඒ මහතා John Keells Computer Services (පුද්.) සමාගම සහ ජෝන් කීල්ස් සමූහයේ තොරතුරු තාක්ෂණය අංශය (IT Industry Group) සමගද සම්බන්ධ වී සිටී. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සමග එක්වීමට පෙර ඒ මහතා Hayleys Electrocis සමාගම සහ Hayleys Indstrial Solutions (පුද්.) සමාගම යන සමාගම් වල සේවය කළේ ය.

දුමිත් ප්‍රනාන්දු
(2018 අගෝස්තු මාසයේදී අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කරන ලදි) දුමිත් ප්‍රනාන්දු 2018 අගෝස්තු මාසයේ සිට යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කරයි. ඒ මහතා මෙරට ප්රමුඛ පෙළේ ස්වාධීන ආයෝජන බැංකුවක් සහ පර්යේෂණ හා කොටස් තැරැව්කරු සමාගමක් වන Asia Securities (පුද්.) සමාගමේ සභාපති ලෙසද කටයුතු කරමින් සිටී. 2013 වසර දක්වා ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ JP Morgan Chase & Co, සහ ස්විට්සර්ලන්තයේ Credit Suisse AG බැංකු වල ජාත්‍යන්තර ආයෝජන බැංකුකරණය සම්බන්ධයෙන් දශක දෙකකට අධික අත්දැකීම් සම්භාරයක් ලබා ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 2.5 කට අධික ආදායමක් සහිත, රටවල් 12 ක ව්‍යාප්ත වූ Credit Suisse සමාගමේ ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස මෙන්ම එම සමාගමේ ගෝලීය නායකත්ව කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර තිබේ. ප්‍රනාන්දු මහතා කොළඹ කොටස් හුවමාරුවේ සහ සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ අධ්යක්ෂවරයෙකි. ආසියානු කලාපයේ ප්රමුඛ පෙළේ කළමනාකරණ සමාගමක් වන හොංකොං හි Tybourne Capital Management සමාගමේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන ඒ මහතා ආරම්භක මට්ටමේ සමාගම් කිහිපයක විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි. ඇමරිකාවේ Middlebury College වෙතින් භෞතික විද්‍යාව සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ ගෞරව උපාධියක් හිමි ප්‍රනාන්දු මහතා Harvard Business School වෙතින් MBA සුදුසුකම් සපුරා තිබේ.

ස්ටේෆන් ඇප්ලියාඩ්
(2019 වසරේ ජනවාරි මාසයේ සිට අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි) ස්ටීවන් ඇන්තනි ඇපල්යාඩ් මහතා යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කරයි. දැනට ඒ මහතා බෙදාහැරීම් ප්‍රධානී (AXA Asia Markets – Life and Non Life Insurance) ලෙසද කටයුතු කරමින් සිටී. ඇපල්යාඩ් මහතා යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය සහ ආසියානු කලාපයේ SCB Life (තායිලන්තය), AIA (හොංකොං), Allianz (Ayudhya Allianz C.P, තායිලන්තය), American International Group (යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය සහ ආසියාව) යන සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරී සහ කලාපීය ප්‍රධාන විධායක නිලධාරී තනතුරු වල කටයුතු කරමින් ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වසර 20 කට අධික කාලයක් අත්දැකීම් ලබා තිබේ. ක්‍රමෝපාය, බෙදාහැරීම්, අලෙවිකරණය සහ මූල්‍ය හා මෙහෙයුම් පරිවර්තන යනාදී අංශ සම්බන්ධ අත්දැකීම් සම්භාරයක් ඔහු සතු ය. AXA කලාපීය කාර්යාලය (හොංකොං) සහ Direct Money (වියට්නාමය) සඳහා උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළ ඇපල්යාඩ් මහතා තවත් මූල්‍ය-තාක්ෂණ සමාගම් රැසක උපදේශකවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ෂෙෆීල්ඩ් හැලම් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ඇති ඇපල්යාඩ් මහතා මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (MBA) හිමිකරගෙන ඇත.
ප්‍රධාන විධායක නිලධාරී

ජූඩ් ගෝමස්
ගෝමස් මහතා යූනියන් ඇෂුවරන්ස් ආයතනයට සම්බන්ධ වූයේ 2011.12.1 දින ය
ඔහු වසර 27 කට වැඩි පොහොසත් මූල්‍ය සේවා පළපුරුද්දක් ඇත. මීට පෙර ගෝමස් මහතා පිලිපීනයේ මැනුලයිෆ් චයිනා බෑන්ක් ලයිෆ් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ලෙස කටයුතු කළේය. ඔහු 2012 සිට මැනුලයිෆ් සමූහය සමඟ කටයුතු කර ඇති අතර වියට්නාමයේ බැන්කැෂුරන්ස් හි පුරෝගාමී වී.පී. සහ හවුල්කාරිත්ව බෙදාහැරීමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
ගෝමස් මහතා කැනරා එච්එස්බීසී ඕබීසී ජීවිත රක්ෂණ සමාගමේ ජ්‍යෙෂ් V වීපී සහ නාලිකා ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර පසුව හොංකොං වෙත එච්එස්බීසී රක්ෂණ (ආසියා-පැසිෆික්) කලාපීය ව්‍යාපාර සංවර්ධනයෙන් APAC වෙළඳපලවල් හරහා වැඩ කළේය.
ඔහු ඉන්දියාවේ පළමු පුද්ගලීකරණය කරන ලද ජීවිත රක්ෂණ, HDFC ස්ටෑන්ඩර්ඩ් ලයිෆ් හි පුරෝගාමීන් අතර වූ අතර පන්ජාබ්හි සෙන්චූරියන් බැංකුවේ වෙල්ත් මැනේජ්මන්ට් හි නායකත්වය ද දැරීය.
ගෝමස් මහතා 2013 සහ 2015 දී මැනුලයිෆ් හි ගෝලීය විශිෂ්ටතා සම්මානය සහ 1999 දී ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ කලාපීය සම්මානයෙන් පිදුම් ලැබීය.
විධායක කමිටුව

ආශා පෙරේරා
යුනියන් ඇෂුවරන්ස් සමග සම්බන්ධ වීමට පෙර ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපතිවරියක ලෙස කටයුතු කළ ආශා පෙරේරා මහත්මිය තොරතුරු තාක්ෂණය, සංචාරක සේවා සහ වැවිලි කර්මාන්ත සේවා යනාදී අංශ වල වසර 12 කට වැඩි කාලයක් ඇතුළුව විවිධ අංශවල වසර 20 කට වැඩි කාලයක් වෘත්තීය අත්දැකීම් ලබා ඇත. 2005 වසරේදී ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය හා එක්වූ එම මහත්මිය ඊට පෙර ඇඟලුම් ක්ෂේත්රයේද මෙහෙයුම් හා මූල්‍ය අංශවල තනතුරු රැසක් දරා තිබේ. Post Graduate Institute of Management (PIMA) වෙතින් MBA උපාධියක් හිමිකරගෙන ඇති ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ ප්‍රථම උපාධියක්ද ලබා ඇති අතර, එක්සත් රාජධානියේකළමනාකාරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ(Chartered Institute of Management Accountants)සහකාර සාමාජිකාවක ලෙසද කටයුතු කරයි.

හර්ෂ සේනානායක
හර්ෂ සේනානායක යුනියන් ඇෂුවරන්ස් හා සම්බන්ධ වූයේ 2016 ඔක්තෝබර් මාසයේදී ය.
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහයේ තොරතුරු තාක්ෂණ අංශයට එක්වී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ හර්ෂ මේ වනවිට තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය සම්බන්ධයෙන් වසර 14 ක පමණ අත්දැකීම් ලබා ඇත. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ විසඳුම් නිර්මාණ ශිල්පී මට්ටමේ සිට ආයතනික යෙදුම් ප්‍රධානී දක්වා විවිධ තනතුරු හොබවා ඇති ඔහු ක්ෂේත්රය ගැන පුළුල් දැනුමක් සහ අත්දැකීම් සම්භාරයක් හිමිකරගෙන සිටී.
ලන්ඩන් මෙට්‍රෝපොලිටන් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලැබූ හර්ෂ කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු පද්ධති කළමනාකරණය සම්බන්ධ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිකරගෙන තිබේ.

සේනත් ජයතිලක
ජයතිලක මහතා 2007 දී ජෝන් කීල්ස් සමූහයට බැඳුණු අතර ඔහු යූනියන් ඇෂුවරන්ස් පීඑල්සී හා සම්බන්ධ වීමට පෙර ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විය. ඔහු ජෝන් කීල්ස් සමූහයේ උප සභාපතිවරයෙකු වන අතර ව්‍යාපාර සංවර්ධනය, මෙහෙයුම් කළමනාකරණය, විකුණුම් සහ අලෙවිකරණය, මූල්‍ය විශ්ලේෂණය සහ උපාය මාර්ග පිළිබඳ වසර 12 කට වැඩි පළපුරුද්දක් ඇත. ඔහු එක්සත් රාජධානියේ නොටින්හැම් විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය හා ගණකාධිකරණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති අතර වරලත් කළමනාකරණ ගිණුම්කරණ ආයතනයෙන් ආශ්රිත සාමාජිකත්වයක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ගත්තේය.

සුරේෂ් මුත්තයියා
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පාරිභෝගික වෙළඳ අංශයේ උප සභාපති (මානව සම්පත්) ලෙස වසර 5 ක කාලයක් සේවය කිරීමෙන් අනතුරුව සුරේෂ් මුත්තයියා මහතා 2016 මැයි මාසයේදී යුනියන් ඇෂුවරන්ස් සමාගම හා එක්විය. ඊට පෙර ඒ මහතා ඩයලොග් ආසිආටා සමාගමේ කාර්ය සාධන කළමනාකරණ සහ මානව සම්පත් ක්‍රමෝපාය මෙහෙයුම් කළමනාකරු ලෙස වසර 4 ක කාලයක්ද, කාසන්ස් කම්බර්බැච් සමූහයේ මානව සම්පත් අංශයේ ප්‍රධාන තනතුරුවල සහ එම සමාගමට අනුබද්ධිත ලයන් බ්රූවරි සහ හෝටල් ක්ෂේත්රයේ මානව සම්පත් අංශයන්හි ප්‍රධානී ලෙසද වසර 7 ක කාලයක් සේවය කර තිබේ. ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණ ආයතනයෙන් වෘත්තීය සුදුසුකම් හිමිකරගෙන ඇති ඒ මහතා ඕස්ට්රේකලියාවේ University of Southern Queensland වෙතින් පශ්චාත් උපාධියක් සහ MBA උපාධියක්ද හිමිකරගෙන ඇත. එමෙන්ම ඒ මහතා ඇමරිකා එක්සත් ජනපනයේ මානව සම්පත් කළමනාකරණ සමාජයේ සහ ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකුද වේ.

නලින් සුබසිංහ මහතා
සාමාන්‍යාධිකාරී – ජීවගණක
නලින් සුබසිංහ මහතා යුනියන් ඇෂුවරන්ස් සමාගම සමග සම්බන්ධ වූයේ 2020 අගෝස්තු මාසයේදී ය. ඊට පෙර ඒ මහතා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් සමාගමේ (සමස්ත වත්කම් පදනම අනුව මෙරට විශාලතම රක්ෂණ සමාගම) නියෝජ්‍ය සාමාන්‍යධිකාරී – ආයුගණක හා අවදානම් කළමනාකරණ සේවා ලෙස කටයුතු කළේ ය. ආයුගණක හා ආයෝජන කළමනාකරණ යන ක්ෂේත්‍ර තුළ මෙන්ම රක්ෂණ ක්ෂේත්රයේ විවිධ අංශ තුළ වසර 16 කට අධික පළපුරුද්දක් ඒ මහතා සතු වේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් හිදී ආයුගණක හා අවදානම් කළමනාකරණ අංශ වලට අමතරව ඒ මහතා වසරක කාලයක් එහි ආයෝජන ප්‍රධානී ලෙසද කටයුතු කළ අතර, එහිදී ඒ මහතා රු. බිලියන 150 කට අධික ආයෝජන වත්කම් එකතුවක් කළමනාකරණය කළේ ය. කැපිටල් අලියාන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සහ සිලෝන් ඇසෙට් මැනේජ්මන්ට්ස් සමාගම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් මගින් නම්කරන ලද අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ නලින් සුබසිංහ මහතා, සිලෝන් ඇසෙට් මැනේජ්මන්ට් හි සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.
මේ වනවිට නලින් සුබසිංහ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ ආයුගණක ක්ෂේත්‍ර උප කමිටුවේ සභාපති ලෙස කටයුතු කරයි. එක්සත් රාජධානියේ හෙරියට්-වොට් විශ්ව විද්‍යාලයෙන් ආයුගණක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති ඒ මහතා මූල්‍ය, ව්‍යාපාර හා සංඛ්‍යාත්මක ගණිතය (Computational Mathematics) සම්බන්ධ සිය විද්‍යාවේදී (ගෞරව) උපාධිය ලබාගත්තේ කොළඹ විශ්ව විද්‍යාලයෙනි. මේ වනවිට ඒ මහතා එක්සත් රාජධානියේ ‘Institute and Faculty of Actuaries’ හි අධිසාමාජිකත්වය ලබාගැනීම සඳහා සූදානම් වෙමින් සිටී.

බිමනි මීපගල
ප්‍රාග්ධන වෙළඳපොළවල වසර 15 කට අධික පළපුරුද්දක් බිමානී මීපගල මහත්මිය
සතු ය. ඇගේ අධ්‍යාපන හා වෘත්තීය පරාසය ආර්ථික විද්‍යාව, ආයෝජන, ප්‍රාග්ධන
වෙළඳපොළ, අවදානම් සහ මූල්‍ය යනාදී අංශ රාශියක් ආවරණය කරයි. කොළඹ විශ්ව
විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබාගත් මීපගල මහත්මිය එම විශ්ව විද්‍යාලයෙන්ම මූල්‍ය
ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් හිමිකරගෙන තිබේ.
එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ අධි
සාමාජිකාවක වන මීපගල මහත්මිය වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී
ආයතනයේ සාමාජිකාවකද වන්නී ය. යුනියන් ඇෂුවරන්ස් සමාගම සමග සම්බන්ධ
වීමට පෙර ඇය මෙරට පෞද්ගලික අංශයේ විශාලතම වත්කම් කළමනාකරණ
සමාගම වන NDB Wealth Management සමාගමේ උප සභාපතිනිය ලෙස කටයුතු කර
තිබේ.
ස්ථාවර සහ කොටස් අංශ යටතේ රක්ෂණ හා විශ්‍රාම අරමුදල් ඇතුළුව ආයතනික
හා පාරිභෝගික අරමුදල් කළමනාකරණ කිරීමේ පළපුරුද්ද ඇය සතු ය. ඊට අමතරව
මීපගල මහත්මිය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින්
සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා දේශිකාවක හා සම්පත්
දායිකාවක ලෙස දායක වී තිබේ.
ආයතනික කළමනාකරණ කණ්ඩායම

ජයන්ත කුමාර
1999 දී යුනියන් ඇෂුවරන්ස් හා එක්වූ ජයන්ත රක්ෂණ ක්ෂේත්රය තුළ වසර 20 කට වැඩි අත්දැකීම් ලබා ඇත. තනතුරු ගණනාවක කටයුතු කර ඇති ඔහු ප්‍රධාන වශයෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ව්‍යාපාර ව්‍යාප්තිය පරිපාලනය කිරීමට දායක වී තිබේ. කැළණිය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරියෙකු වන ඔහු LIMRA USA හි නියෝජිත කළමනාකරණය සම්බන්ධ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

මහේෂ් ජයසූරිය
පරිපාලනය සහ කාර්ය සම්පාදනය යන ක්ෂේත්රවල වසර 32 ක පමණ අත්දැකීම් හිමි ජයසූරිය මහතා යුනියන් ඇෂුවරන්ස් හා සම්බන්ධ වූයේ 2015 වසරේදී ය.
වසර 21 ක කාලයක් ඒ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කටයුතු කර ඇත. ගුවන් හමුදාවෙන් ඉවත් වීමෙන් අනතුරුව ව්‍යාපාරික ලෝකයට එක්වූ ඒ මහතා අදාළ ක්ෂේත්රවලට අදාළව දෙස් විදෙස් අත්දැකීම් ලබා සිටී.
සැපයුම් දාම කළමනාකරණය සම්බන්ධ විධායක පශ්චාත් උපාධියක් (AeU) මෙන්ම මානව සම්පත් කළමනාකරණය (NIBM), තත්ත්ව කළමනාකරණය (SLSI), සහ ජාත්‍යන්තර වෙළඳාම හා නැව්ගත කිරීම් (ICS) සම්බන්ධ ඩිප්ලෝමා ඒ මහතා සතු ය.

සමන්ත හේරත්
සමන්ත හේරත් මහතා එක්සත් රාජධානියේ අලෙවිකරණය පිළිබඳ වරලත් ආයතනයේ වරලත් සාමාජිකයෙකි. එක්සත් රාජධානියේ ලෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක් හිමිකරගෙන ඇති ඒ මහතා අලෙවිකරණය පිළිබඳ වරලත් ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද, ඇමරිකා එක්සත් ජනපදයේ Underwriters Training Councilවෙතින් ජීවිත රක්ෂණ අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්ද, ශ්‍රී ලංකා බැංකුකරණ ආයතනයෙන් බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාවක්ද හිමිකරගෙන තිබේ.
සමන්ත හේරත් මහතා යුනියන් ඇෂුවරන්ස් හා සම්බන්ධ වීමට ප්‍රථම Nations Trust බැංකුවේ පාරිභෝගික බැංකු සේවා පිලිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වශයෙන් සේවයකරන ලදී. Hemas Pharmaceuticals පුද්. සමාගමේ ඖෂධ නියෝජිතයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා ඉන් අනතුරුව Smithkline Beecham Mackwoods සමාගම හා සම්බන්ධ වූ අතර, 2000 වසරේදී සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ ජීවිත රක්ෂණ අංශයේ සන්නාම කළමනාකරු ලෙස රක්ෂණ ක්ෂේත්රයට එක් විය. 2004 වසරේ සිට 2007 වසර දක්වා ඒ මහතා ඩුබායි හි Continental Insurance & Financial Services සමාගමේ අලෙවි කළමනාකරු ලෙසද සේවය කර තිබේ. යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඒ මහතා ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවි හා විකුණුම්) ලෙස සෙලින්කෝ සේවින්ස් බෑන්ක් සමාගම හා සම්බන්ධ විය.

රූමේෂ් මෝදරගේ
රූමේෂ් මෝදරගේ මහතා 2019 දෙසැම්බර් මාසයේදී යුනියන් ඇෂුවරන්ස් සමාගමට එක් විය. සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකරණ පුහුණු නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා රක්ෂණ මූල්‍ය, ජීවිත රක්ෂණ මෙහෙයුම් හා අනුකල්ප විකුණුම් යන අංශ වල වසර 9 කට වැඩි කාලයක් අත්දැකීම් ලබා ඇත. ශ්‍රී ජයවර්ට්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් (MBA) හිමිකරගෙන ඇති ඒ මහතා එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ සහකාර සාමාජිකයෙකුද වේ. එමෙන්ම එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ අධි සාමාජිකයෙකු වන රූමේෂ් මෝදරගේ මහතා වරලත් රක්ෂණකරුවෙකු ලෙසද සුදුසුකම් සපුරා ඇත.

ලුසීල් ඩයස්
සහකාර සාමාන්‍යාධිකාරිනී – අලෙවි
අලෙවිකරණ, සුවතා සහ සත්කාරක ක්ෂේත්රයේ වසර 15 කට වැඩි පළපුරුද්දක් ලුසීල් ඩයස් මහත්මිය සතු ය. කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය මූලික කරගත් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් (MBA) ලබා ඇති ඇය, කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයෙන් උසස් කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධ ඩිප්ලෝමාවක් සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයෙන් අලෙවිකරණය සම්බන්ධ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා තිබේ.
ලුසීල් ඩයස් මහත්මිය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 2002 වසරේදී ප්‍රකාශන ක්ෂේත්රය තුළිනි. කුරුණෑගල මලියදේව විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය යුනියන් ඇෂුවරන්ස් සමාගම හා සම්බන්ධ වීමට පෙර සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් හි සන්නිවේදන කළමනාකාරිනිය ලෙස කටයුතු කළා ය.