ඩිජිටල් රක්ෂණ සැලසුම

ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත් වඩාත් සුරක්ෂිත හෙට දිනක් ගොඩනංවා ගැනීමේ අසමසම රක්ෂණ පහසුව දැන් ඔබේ ඇඟිලි තුඩු මත

ඩිජිටල් රක්ෂණ සැලසුම

යූනියන් ඇෂුවරන්ස් Clicklife App සමග
අසමසම රක්ෂණ පහසුව අත්විදින්න.

ජීවිතය යනු සිහින සහ බලාපොරොත්තු පිරුණු ගමනක් වුවද, එයට අනපේක්ෂිත අභියෝගද හමුවෙයි. ඒ අවස්ථා අපට මතක් කර දෙන්නේ අප මෙන්ම අපේ ආදරණීයයන් වෙනුවෙන්ද රැකවරණය සලසා ගැනීමේ වැදගත්කමය.
යූනියන් ඇෂුවරන්ස් Clicklife App, ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය නව්‍යකරණයකි. Clicklife App සමඟින් ඔබට කිසිදු මහන්සියකින් තොරව ඔබේ ඇඟිලි තුඩින්ම ජීවිත රක්ෂණ සැලසුමක් මිලදී ගත හැකිය. මෙමඟින් ඔබ නොමැති විට පවා ඔබේ ආදරණීයයන්ට අත්‍යවශ්‍යම මූල්‍ය රැකවරණයත්, ඒ හරහා මානසික සහනයත් හිමිවනු ඇත.

අප හා සම්බන්ධ වන්න

අපගේ ජීවිත රක්ෂණ උපදේශකවරයෙකු හා සම්බන්ධ වීමට ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න.








    අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය වෙත පිවිසෙන්න.

    සැමට හිමිවන පරිපූර්ණ මූල්‍යමය රැකවරණය

    Union Life Plus is more than just Life Insurance
    —it’s a powerful blend of protection and attractive investment returns.
    Discover the features that make it the ideal plan for securing your future and protecting your loved ones.

    ජීවිත ආවරණය

    රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ අනපේක්ෂිත වියෝවීමකදී, ...

    රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ සිදුවන ජීවිත රක්ෂිතයාගේ අනපේක්ෂිත වියෝවීමකදී, ආදරණීයයන්ට මූල්‍යමය රැකවරණය හිමිකර දෙයි.

    හදිසි අනතුරු මරණ ප්‍රතිලාභය*

    ජීවිත ආවරණයට ඇතුළත් අමතර ප්‍රතිලාභයක් වන අතර, රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ ...

    ජීවිත ආවරණයට ඇතුළත් අමතර ප්‍රතිලාභයක් වන අතර, රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන ජීවිත රක්ෂිතයාගේ අනපේක්ෂිත වියෝවීමකදී හිමිවන මූල්‍යමය ප්‍රතිලාභය දෙගුණයක් දක්වා ඉහළ නංවයි.

    පිළිකා සත්කාර ආවරණය**

    ජීවිත ආවරණයට එක් කරගත හැකි අමතර ආවරණයක් වන අතර, රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ ...

    ජීවිත ආවරණයට එක් කරගත හැකි අමතර ආවරණයක් වන අතර, රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ ඇතිවන අනපේක්ෂිත පිළිකා රෝගී තත්වයකදී, මූල්‍යමය රැකවරණය හිමිකර දෙයි.

    වෛද්‍ය සහකාරත්ව ප්‍රතිලාභය***

    පිළිකා සත්කාර ආවරණයට ඇතුළත්වන අමතර ප්‍රතිලාභයක් වන මෙය, රක්ෂණ සැලසුම් ...

    පිළිකා සත්කාර ආවරණයට ඇතුළත්වන අමතර ප්‍රතිලාභයක් වන මෙය, රක්ෂණ සැලසුම් කාලසීමාව තුළ ඇතිවන අනපේක්ෂිත පිළිකා රෝගී තත්වයකදී, මාස 12 ක් දක්වා වූ උපරිමයකට යටත්ව, මාසික අදායමක් ලෙස අමතර මූල්‍යමය රැකවරණයක් හිමිකර දෙයි.

    *ජීවිත ආවරණයට ඇතුළත්ව ඇති අතර, ජීවිත රක්ෂිතයා අවාසනාවන්ත ලෙස හදිසි අනතුරක් හේතුවෙන් මරණයට පත් වුවහොත් මෙමගින් මරණ ප්‍රතිලාභය දෙගුණ කරයි.
    **තෝරාගත හැකි ආවරණයක් ලෙස ජීවිත ආවරණය සමග පමණක් ලබාගත හැකිය.
    ***පිළිකා සත්කාර ආවරණයට අන්තර්ගතව ඇති අතර, මෙමගින් මාස 12ක් දක්වා මුල්‍යමය සහය පිරිනැමේ.

    ඔබට වඩාත් ගැළපෙන ආවරණ
    අවස්ථාව තෝරාගන්න

    යූනියන් ඇෂුවරන්ස් Clicklife App එකිනෙකට වෙනස් ජීවිත රක්ෂණ සැලසුම් ක්‍රම දෙකක් පිරිනමන්නේ, ඔබට වඩාත්ම ගැළපෙන්නේ කුමක්දැයි තෝරාගැනීමට නිදහස ලබාදෙමිනි.
    කැමති පරිදි තෝරාගැනීම සඳහා ඔබ වෙනුවෙන්ම සැලසූ රක්ෂණ ආවරණ අවස්ථා 3ක් සමඟ අභියෝගාත්මක කාලවලදී ඔබේ ආදරණීයයන්ට අත්‍යවශ්‍යම මූල්‍ය රැකවරණය සැලසේ.
    ඔබට වඩාත්ම ගැළපෙන රැකවරණය තොරාගන්න:

    ආවරණ අවස්ථාව 01 : රු. 1,000,000

    ආවරණ අවස්ථාව 02 : රු. 2,000,000

    ආවරණ අවස්ථාව 03 : රු. 3,000,000

    හදිසි අනතුරකින් ජීවිත රක්ෂිතයාගේ මරණය සිදුවන අවාසනාවන්ත අවස්ථාවකදී මූලික රක්ෂිත මුදල මෙන් දෙගුණයක් ප්‍රතිලාභීන්ට හිමිවන හදිසි අනතුරු මරණ ප්‍රතිලාභයද එයට ඇතුලත්ය.
    යූනියන් ඇෂුවරන්ස් පිළිකා සත්කාර ආවරණය, අනපේක්ෂිත පිළිකා රෝගී තත්වයකදී ඔබට සහ ඔබේ ආදරණීයයන්ට අත්‍යවශ්‍යම මුල්‍යමය රැකවරණය සපයයි.
    මෙය ජීවිත ආවරණය සමඟ, අතිරේක ආවරණයක් ලෙස Clicklife App හරහා පමණක් ලබාගත හැක.
    පිළිකාවේ අවධිය මත පදනම්ව, එම අවධියට අදාළ ප්‍රතිලාභ වටිනාකම එකවර ගෙවීමක් ලෙස ගෙවනු ලැබේ*.
    එයට අමතරව වෛද්‍ය සහකාරත්ව ප්‍රතිලාභය (පිළිකා සත්කාර ආවරණයට ඇතුළත්ව ඇති) මඟින් මාස 12ක් දක්වා මාසික ආදායමක් ආකාරයෙන් අමතර මුල්‍යමය සහයක් පිරිනැමේ*.
    *නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

    ඇතුළත්වීමේ සුදුසුකම්

    Lorem ipsum dolor sit amet consectetur adipiscing elit Ut et massa mi. Aliquam in hendrerit urna..

    අවම ඇතුළත්වීමේ වයස

    අවුරුදු 18 (ආසන්නතම උපන්දිනය)

    උපරිම ඇතුළත්වීමේ වයස

    අවුරුදු 50 (ආසන්නතම උපන්දිනය)

    ආවරණය අවසන් වන වයස

    අවුරුදු 60 (නිශ්චිත)

    රක්ෂණ ඔප්පු සහ වාරික ගෙවීමේ කාලසීමාව

    වසර 10

    *නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

    නිතර අසන ප්‍රශ්න

    Clicklife App යනු ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය නවෝත්පාදනයකි. Clicklife App මඟන්, පාරිභෝගිකයින්ට ජංගම දුරකථනයක් භාවිතයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත ජීවිත රක්ෂණ ඔප්පුවක් මිලදී ගත හැකිය

    • Clicklife App හරහා රක්ෂණ ඔප්පු හිමියන්ට තම ජීවිත රක්ෂණය කළමනාකරණය කළ හැකි අතර, ආවරණ විස්තර, වාරික ගෙවීම්, පුද්ගලික තොරතුරු යාවත්කාලීන කිරීම්, හිමිකම් ඉදිරිපත් කිරීම් සහ තවත් බොහෝ දේ සඳහා ක්ෂණික ප්‍රවේශය ලබා දේ.

    • Clicklife App හි Pay As You Live තරගයට සම්බන්ධ වී, ඒ හරහා රිවොර්ඩ් පොයින්ට්ස් දිනා ගැනීමේ සුවිශේෂි අවස්ථාව

    • ජයග්‍රහණය කල රිවොර්ඩ් පොයින්ට්ස් භාවිතා කොට 120+ අධික හවුල්කරුවන්ගෙන් වට්ටම් දිනා ගැනීමේ අවස්ථාව

    • Clicklife App හරහා පමණක් අත්විඳිය හැකි සුවිශේෂී වට්ටම්

    ජීවිත රක්ෂණ ඔප්පුව, පහත ආකාර දෙකෙන් ඔබේ අභිමතය පරිදි කැමති ආකාරයකට මිලදී ගත හැකිය.

    01 අවස්ථාව
    ජීවිත ආවරණය පමණක්: අනපේක්ෂිත තත්වයන් තුල ඔබේ ආදරණීයයන්ට අත්‍යවශ්‍යම මූල්‍ය සහනය සලසන ජිවිත ආවරණයක් මෙමගින් හිමිවේ. අන්තර්ගත හදිසි අනතුරු මරණ ප්‍රතිලාභය (ADB) හරහා හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන ජීවිත රක්ෂිතයාගේ මරණයකදී, ප්‍රතිලාභින්ට මරණ ප්‍රතිලාභය මෙන් දෙගුණයක් හිමිවේ.

    02 අවස්ථාව
    ජීවිත ආවරණය සහ පිළිකා සත්කාර ආවරණය යූනියන් ඇෂුවරන්ස් පිළිකා සත්කාර ආවරණය, අනපේක්ෂිත පිළිකා රෝගී තත්වයකදී ඔබට සහ ඔබේ ආදරණීයයන්ට අත්‍යවශ්‍යම මුල්‍යමය රැකවරණය සපයයි. මෙය අතිරේක ආවරණයක් ලෙස ජීවිත ආවරණය සමග පමණක් Clicklife App හරහා ලබාගත හැක. පිළිකා සත්කාර ආවරණයට ඇතුළත්ව ඇති වෛද්‍ය සහකාරත්ව ප්‍රතිලාභය මඟින් මාස 12ක් දක්වා මාසික ආදායමක් ආකාරයෙන් අමතර මුල්‍යමය සහයක් පිරිනැමේ*.
    *නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

    ජීවිත ආවරණය තොරාගැනීමට ආවරණ අවස්ථා තුනක් සපයයි. ඒවා පහත පරිදි වේ.

    • 01 අවස්ථාව - රු. 1,000,000

    • 02 අවස්ථාව - රු. 2,000,000

    • 03 අවස්ථාව - රු. 3,000,000

    • රක්ෂණ ඔප්පු කාලසීමාව තුළ, පිළිකා රෝග හඳුනා ගැනීමකදී ක්ෂණික මුල්‍ය ආධාර ලබාදෙමින්, පිළිකා සත්කාර ආවරණ වටිනාකමින් සහතික කල ප්‍රතිශතයක් එකවර ගෙවීමක් ලෙස ගෙවනු ලැබේ.

    • වෛද්‍ය සහකාරත්ව ප්‍රතිලාභය හරහා, අමතර මුල්‍ය සහය සමග අත්‍යවශ්‍යම මානසික සුවය සලසයි.

    එකවර ගෙවීමක් ලෙස:
    පිළිකා අවධිය මත පදනම්ව ප්‍රතිලාභ වටිනාකම තීරණය වේ.

    පිළිකා අවධිය ප්‍රතිලාභ ගෙවීම
    පළමු අවධිය පිළිකා සත්කාර ආවරණ වටිනාකමින් 25%ක්**
    දෙවන අවධිය පිළිකා සත්කාර ආවරණ වටිනාකමින් 50%ක්**
    තෙවන අවධිය පිළිකා සත්කාර ආවරණ වටිනාකමින් 100%ක්**

    වෛද්‍ය සහකාරත්ව ප්‍රතිලාභය:
    සුදුසුකම් ලත් වෛද්‍ය සහකාරත්ව ප්‍රතිලාභය, පිළිකා සත්කාර ආවරණ වටිනාකම මත තීරණය වේ.

    පිළිකා සත්කාර ආවරණ වටිනාකම (රු.) ප්‍රතිලාභ ගෙවීම (රු.)
    (මාස 12ක උපරිමයක් දක්වා.)
    උපරිම ප්‍රතිලාභ මුදල (රු.)
    1,000,000 20,000 / මසකට 240,000
    2,000,000 40,000 / මසකට 480,000
    3,000,000 60,000 / මසකට 720,000
    සැලකිය යුතුයි:
    ඉහත දක්වා ඇති ප්‍රතිලාභ ගෙවීම් අදාළ වන්නේ, පිළිකා සත්කාර ආවරණය ජීවිත ආවරණය සමග මිලදී ගන්න පාරිභෝගිකයන්ට පමණි.
    **ඉහත දක්වා ඇති වටිනාකම් පිළිකා රෝග විනිශ්චයකදී, එකී අවධියේදී ගෙවනු ලබන උපරිම ප්‍රතිලාභ වටිනාකම පෙන්නුම් කරයි. නිදසුනක් ලෙස, අවධි 01, පිළිකා රෝග විනිශ්චයකදී, එකවර ගෙවීමක් ලෙස පිළිකා සත්කාර ආවරණ වටිනාකමින් 25%ක් ගෙවනු ලැබේ. ප්‍රතිකාර ලබමින් සිටියදී, පිළිකා තත්වය අවධි 02 දක්වා වර්ධනය වුවහොත්, අවධි 02 සඳහා අදාළ වන පිළිකා සත්කාර ආවරණ වටිනාකමින් 50%ක උපරිම ගෙවීමට යටත්ව, ඉතිරි 25% එකවර ගෙවීමක් ලෙස ගෙවනු ලැබේ.

    වයස අවුරුදු 18ත් 50ත් අතර ඕනෑම අයෙකු අයදුම් කිරීමට සුදුසුකම් ලබයි. වයස අවුරුදු 60 දක්වා ඔබට රක්ෂණ ඔප්පුව අලුත් කල හැකිය.

    ජීවිත ආවරණය සහ පිළිකා සත්කාර ආවරණය යන දෙක සඳහාම ඔප්පු කාලසීමාව වසර 10ක් වන අතර වාරික ගෙවීමේ කාලසීමාවද වසර 10කි.

    වාරික ගෙවීම මාසික, කාර්තුමය, අර්ධ - වාර්ෂික හෝ වාර්ෂික ලෙස කල හැකිය.

    Have many more questions?