පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය

යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී. යනු PQ 12 යන සමාගම් ලියාපදිංචි අංකය සහිතව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද සමාගමක් වන අතර, අපගේ ලියාපදිංචි කළ කාර්යාලය අංක 20, සාන්ත මයිකල් පාර, කොළඹ 03 ලිපිනයෙහි පිහිටා ඇත. (“සමාගම”, “අපි” සහ/හෝ “අපට” සහ/හෝ “අපගේ”).

ඔබගේ පෞද්ගලිකත්වය අපට වැදගත් වන අතර, ඔබ පිළිබඳව අප එකතු කරගන්නා පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් සැලකිල්ලෙන් යුතුව කටයුතු කෙරෙනු ඇති බවට අපි ඔබට සහතික වන්නෙමු. අප විසින් පිරිනමනු ලබන රක්ෂණ සැලසුම් සහ සේවාවන් ලබා ගන්නා ඔබ අපගේ වෙබ්අඩවියට පිවිසෙන විට, දුරකථනයෙන්, ඊමේල් ඔස්සේ, අපගේ ජංගම යෙදවුම් හරහා ‍හෝ අපගේ සමාජ මාධ්‍ය ප්‍රවේශ මාර්ග කිසිවක් භාවිත කිරීම මඟින් වෙනත් ආකාරවලින් අප හා අන්තර්ක්‍රියා කරන විට, හෝ නීතියෙන් සැපයෙන ඔබේ පෞද්ගලිකත්ව හිමිකම් සහ ආරක්ෂාව අප සමඟ ගිවිසුම් ගත වන විට අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය මඟින් ඔබව දැනුවත් කෙරෙයි.

පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ වගන්ති පිළිගැනීම, අප සමඟ ගිවිසුම් ගත වීම සහ/හෝ අප විසින් පිරිනමනු ලබන රක්ෂණ සැලසුම් සහ සේවාවන් ලබාගැනීමට අඛණ්ඩව කටයුතු කිරීම මඟින් මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය ඔබ විසින් කියවා, වටහාගෙන, සහ එකඟතාව පළ කළ බව ඔබ පිළිගනියි.

මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය මඟින් නිර්වචනයන් කිහිපයක් උපයෝගී කරගන්නා අතර ඒවා පහතින් දක්වා ඇත.

පෞද්ගලික දත්ත: පුද්ගලයකු හඳුනා ගනු ලබන කිසියම් තොරතුරක් හෝ එම දත්තවලින් පමණක් හෝ අප සතුව ඇති හෝ ප්‍රායෝගිකව ලබා ගත හැකි වෙනත් හඳුනා ගැනීම් ක්‍රම සමඟ ඒකාබද්ධ කරමින් පුද්ගලයකු හඳුනාගත හැකි (සෘජුව හෝ වක්‍රාකාරයෙන්) එම පුද්ගලයා ආශ්‍රිත තොරතුරු. නිර්නාමික දත්ත හෝ නිත්‍ය වශයෙන් ඉවත් කරන ලද පුද්ගලයකුගේ අනන්‍යතාව සහිත දත්ත පෞද්ගලික දත්තවලට ඇතුළත් නොවේ. විශේෂ කාණ්ඩවලට අයත් පෞද්ගලික දත්ත ද (පහත පැහැදිලි කර ඇති) පෞද්ගලික දත්තවලට ඇතුළත් නොවනු ඇත.

සැකසීම හෝ ක්‍රියාවලිය: පෞද්ගලික දත්ත භාවිතයට සම්බන්ධ ඕනෑම ක්‍රියාකාරකමක්. දත්ත ලබාගැනීම, වාර්තා තබාගැනීම, හෝ දත්ත රඳවා ගැනීම, හෝ රැස්කිරීම, ගබඩා කරගැනීම, සංරක්ෂණය, සංවිධානය, සංස්කරණය, ආපසු ලබා ගැනීම, භාවිතය, අනාවරණය, මකා දැමීම, හෝ විනාශ කිරීම ඇතුළු කිසියම් මෙහෙයුමක් හෝ මෙහෙයුම් කිහිපයක් සිදුකිරීම යනාදිය එයට ඇතුළත් වේ. පෞද්ගලික දත්ත තෙවැනි පාර්ශ්වයන්ට මුදාහැරීම හෝ බෙදාහැරීමද සැකසීමට ඇතුළත් වේ.

විශේෂ කාණ්ඩවලට අයත් පෞද්ගලික දත්ත: දරුවකුගේද ඇතුළත්ව පුද්ගලයකුගේ වර්ගය හෝ ජනවාර්ගිකත්වය, ආගමික හෝ දාර්ශනික විශ්වාස, ලිංගික සම්බන්ධතා, ලිංගික නැමියාව, දේශපාලනික මතවාද, වෘත්තීය සමිති සාමාජිකත්වය, දඬුවම් ලැබිය හැකි වැරදි, නඩුවිභාග, චෝදනා, සෞඛ්‍යය, ජානමය සහ/හෝ ජෛවමිතික දත්ත පිළිබඳ තොරතුරු වැනි සංවේදී කරුණු ගැන විස්තර අනාවරණය කරන දත්ත.

මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්තියේ අරමුණ
මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ අප සමාගමේ රැකියාවකට ඔබ අයැදුම් කරන විට හෝ දුරකථනය ඔස්සේ, ඊමේල් හරහා, අපගේ ජංගම යෙදවුම් හෝ අපගේ සමාජ මාධ්‍ය ප්‍රවේශ ක්‍රම භාවිත කිරීම මඟින් ඔබ විසින් ලබාදීමට ඉඩ ඇති දත්ත ඇතුළුව, ඔබ විසින් අපගේ වෙබ්අඩවිය භාවිතය ඔස්සේ සපයනු ලබන ඔබේ පෞද්ගලික දත්ත අප රැස්කර ගන්නා සහ සකසනු ලබන ආකාරය ගැනතොරතුරු ඔබට ලබාදීමට. මෙම වෙබ්අඩවිය කුඩා ළමුන් සඳහා වූවක් නොවන අතර, ඔවුන්ගේ මාපියන් හෝ භාරකරුවන් විසින් සපයා නොමැති නම් කුඩා දරුවන්ට සම්බන්ධ දත්ත අප දැනුවත්ව රැස් කරන්නේ නැත.

අප විසින් පෞද්ගලික දත්ත සහ ඔබ ගැන තොරතුරු එක්රැස් කරන හෝ සකසන විට විවිධ අවස්ථාවලදී අප විසින් සපයනු ලබන වෙනත් පෞද්ගලිකත්ව නිවේදන හෝ සාධාරණ සැකසුම් නිවේදන සමඟ මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය ඔබ විසින් කියවනු ලැබීම වැදගත් වන්නේ අප විසින් ඔබගේ දත්ත භාවිත කරනු ලබන්නේ කෙසේදැයි සහ ඇයිදැයි යන්න ගැන එමඟින් ඔබට පූර්ණ අවබෝධයක් ලබාගත හැකි බැවිනි. මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය සෙසු නිවේදනවලට අතිරේකයක් වන අතර එයින් ඒවා අභිභවා යෑමට අදහස් නොකෙරෙයි.

දත්ත පාලක
අපගේ සේවාදායකයින්, ආයෝජකයින්, සේවකයින්, සහ තෙවැනි-පාර්ශ්ව ගනුදෙනුකරුවන් හා සම්බන්ධ සියලු පෞද්ගලික දත්ත මෙන්ම අපගේ වාණිජ කටයුතු සඳහා අපගේ ව්‍යාපාර කටයුතුවලදී යොදා ගනු ලබන වෙනත් පෞද්ගලික දත්ත පිළිබඳ දත්ත පාලකයා වන්නේ අපය. එයින් අදහස් වන්නේ පෞද්ගලික දත්ත සැකසිය යුත්තේ කුමන මොහොතේද, කුමටද සහ කෙසේද යන්න තීරණය කිරීම සහ අදාළ දත්ත ආරක්ෂණ නීතියට අනුකූලව ක්‍රමවේද සහ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සඳහා අප වගකීමෙන් බැඳී සිටින බවය.

දත්ත ආරක්ෂණ නිලධාරී
මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය සම්බන්ධ ප්‍රශ්න අධීක්ෂණය සඳහා වගකියන දත්ත ආරක්ෂණ නිලධාරියකු (DPO) අප විසින් පත් කර ඇත. ඔබේ නීතිමය අයිතීන් ක්‍රියාත්මක කිරීමට කෙරෙන ඉල්ලීම්ද ඇතුළුව, මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය ගැන ඔබට ප්‍රශ්න තිබේනම්, කරුණාකර පහත දක්වා ඇති විස්තර උපයෝගී කරගනිමින් දත්ත ආරක්ෂණ නිලධාරියා හා සම්බන්ධ වන්න:

විමසුම් විස්තර.
නීත්‍යනුකූල ආයතනයේ සම්පූර්ණ නම: යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී.
දත්ත ආරක්ෂණ නිලධාරියාගේ නම හෝ තනතුර: දත්ත ආරක්ෂණ නිලධාරී
ඊමේල් ලිපිනය: [email protected]
තැපැල් ලිපිනය: අංක 20, සාන්ත මයිකල් පාර, කොළඹ 3, ශ්‍රී ලංකාව.
දුරකථන අංකය: +94 11 2990990.

නිවැරදි තොරතුරු සැපයීම සහ වෙනස්කම් පිළිබඳව අප දැනුවත් කිරීමට අදාළ ඔබේ කාර්යභාරය.
ඔබ ගැන අප සතුව ඇති පෞද්ගලික දත්ත නිවැරදි, වලංගු, සහ යාවත්කාලීන වීම වැදගත් වේ. අප සමඟ ඔබේ සම්බන්ධතාව පවත්වා ගන්නා කාලය අතරතුර ඔබේ පෞද්ගලික දත්ත වෙනස් වන්නේ නම් අප දැනුවත් කිරීම ඔබේද වගකීමකි.

ඔබේ පෞද්ගලික උපාංගවල ආරක්ෂාව තහවුරු කරගැනීමට අදාළ ඔබේ කාර්යභාරය
අන්තර්ජාලය හරහා සිදු වන දත්ත සම්ප්‍රේෂණ කිසිවක් 100%ක් සුරක්ෂිත යැයි තහවුරු කළ නොහැකි බැවින් පෞද්ගලික දත්ත අප වෙත සම්ප්‍රේෂණය කිරීමට යොදාගනු ලබන උපාංගවල සුරක්ෂිතබව ඔබ විසින් තහවුරු කරගැනීම වැදගත්ය. එබැවින්, ආරක්ෂක සහ සයිබර් අවදානම්වලින් එවැනි උපාංග සුරක්ෂිත කරගැනීම ඔබේ වගකීම වනු ඇත.

අනවසර සන්නිවේදන මාර්ග හරහා ඔබේ පෞද්ගලික දත්ත හෝ ගිණුම් තොරතුරු (අදාළ වනවිට) අප විසින් ඉල්ලා නොසිටින බවද කරුණාවෙන් සලකන්න. එබැවින්, ඔබේ පෞද්ගලික දත්ත සහ ගිණුම් තොරතුරු සුරක්ෂිතව තබාගැනීම සහ අන් අය හා බෙදා නොගැනීම ඔබේ වගකීමකි.

තෙවැනි පාර්ශ්ව අනුමැතිය
රක්ෂණ සැලසුම් සහ සේවාවන් සැපයීමේ කටයුතු, සමාගම සමඟ කෙරෙන විමර්ශනයක් හෝ කිසියම් පත්කිරීමක්, අදාළ ගිවිසුමක් හෝ අවශ්‍යතාවක් සඳහා පෞද්ගලික දත්තද ඇතුළත්ව තවත් පුද්ගලයකු වෙනුවෙන් පෞද්ගලික තොරතුරු හෝ දත්ත ඔබ විසින් අප වෙත ලබාදෙන විට, මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ වගන්ති හා කොන්දේසි පිළිබඳව සම්පූර්ණයෙන්ම දැනුවත් ඔහුගේ/ඇයගේ පූර්ව විශේෂිත අනුමැතිය සහිතව එම තොරතුරු සහ දත්ත ඔබ විසින් ලබාගෙන අප වෙත සපයා ඇති බව ඔබ තහවුරු කරයි. ඔබ විසින් සපයනු ලබන එවැනි තෙවැනි-පාර්ශ්ව පෞද්ගලික දත්ත හෝ තොරතුරු නිවැරදි, යාවත්කාලීන, වලංගු විය යුතු අතර කිසිදු ව්‍යාජ, සාවද්‍ය තොරතුරු, කරුණු පිළිබඳ දුස්ප්‍රකාශ, සාවද්‍ය ඉදිරිපත් කිරීම් හෝ වෙනත් එවැනි දේ ඒවාට ඇතුළත් නොවිය යුතුය.

තෙවැනි-පාර්ශ්ව සබැඳි
යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී. විසින් නඩත්තුව හෝ පාලනය නොකරනු ලබන තෙවැනි-පාර්ශ්ව වෙබ්අඩවි, ප්ලග්-ඉන්ස් සහ යෙදවුම් ආශ්‍රිත සබැඳි මෙම වෙබ්අඩවියට ඇතුළත් විය හැකි අතර, එම සබැඳි මත ක්ලික් කිරීම, හෝ එම සම්බන්ධතා සක්‍රිය කිරීම මඟින් තෙවැනි පාර්ශ්වයන්ට පරිශීලනය පෞද්ගලිකත්වය පිළිබඳ ඔවුන්ගේ වගන්ති මත පදනම්ව ඔබ ගැන දත්ත එක්රැස්කර ගැනීමට හෝ බෙදා ගැනීමට ඉඩ ලැබෙනු ඇත. අප විසින් මෙම තෙවැනි-පාර්ශ්ව වෙබ්අඩවි පාලනය නොකරන අතර ඔවුන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතාශ සඳහා වග නොකියන බැවින් එම වෙබ්අඩවිවලට ඇතුළත් වන වගන්ති හා කොන්දේසි පිළිබඳව පූර්ණ ලෙස දැනුවත් වන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. තෙවැනි-පාර්ශව වෙබ්අඩවියක්, සේවාවක් හෝ වෙනත් ආකාරයක් ඔස්සේ ඔවුන් විසින් එක්රැස් කරගනු හෝ සකසනු ලැබීමට ඉඩ ඇති පෞද්ගලික දත්ත සම්බන්ධ තෙවැනි-පාර්ශ්ව ක්‍රියාකාරකම් හෝ ඔවුන්ගේ ආරක්ෂක පාලනයන් සඳහා අප වග කියන්නේ නැත.

පෞද්ගලික දත්ත
අපගේ වෙබ්අඩවියට ඔබ පිවිසෙන විට, අපගේ පුවත් සඟරාවට දායකත්වය ලබාගන්නා විට, ආකෘති පත්‍රයක් පුරවන විට සහ අපගේ රක්ෂණ සැලසුම් සහ සේවාවන් සම්බන්ධ වෙනත් කිසියම් ආකාරයකින් හෝ දුරකථනයෙන්, ඊමේල් හරහා, අප‍ේ ජංගම යෙදවුම් ඔස්සේ හෝ අපගේ සමාජ මාධ්‍ය ප්‍රවේශ මාර්ග අතරින් කිසිවක් උපයෝගී කරගනිමින් වෙනත් ආකාරවලින් යනාදිය ඇතුළුව එහෙත් ඒවාට පමණක් සීමා නොවන විවිධ මාර්ගවලින් අප විසින් එම දත්ත ලබා ගනු ඇත. ඔබ සහ ඔබ විසින් අපට අනාවරණය කරනු ලබන තෙවැනි-පාර්ශ්ව පිළිබඳ විවිධ වර්ගවල පෞද්ගලික දත්ත අප විසින් භාවිතය, ගබඩා කිරීම, සහ සම්ප්‍රේෂණය කිරීම කරනු ඇති අතර ඒවා පහත දැක්වෙන පරිදි අප විසින් කාණ්ඩගත කරනු ලැබ ඇත:

  1. ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, උපන් දිනය, ඊමේල් ලිපිනය, ඇමතුම් තොරතුරු සහ අදාළ වන පරිදි වෙනත් තොරතුරු ඇතුළත් විය හැකි, අපගේ සැලසුම් සහ සේවාවන් ලබාගැනීමට ඔබ සෘජුව සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන පෞද්ගලික දත්ත.

  2. අන්තර්ජාල ප්‍රවේශ (IP) ලිපිනය, ඔබේ පිවිසුම් දත්ත, බ්‍රව්සර් වර්ගය සහ පිටපත, කාල කලාප සැකසුම සහ පිහිටීම, බ්‍රව්සර් ප්ලග්-ඉන් වර්ග සහ පිටපත්, මෙහෙයුම් පද්ධතිය සහ පසුතලය සහ මෙම වෙබ්අඩවිය හා සම්බන්ධ වීමට ඔබ යොදා ගන්නා උපාංගවල ඇති වෙනත් තාක්ෂණය යනාදිය ඇතුළත් තාක්ෂණික දත්ත.

  3. ඔබ මෙම වෙබ්අඩවිය හෝ සේවාවන් භාවිත කරන ආකාරය ගැන තොරතුරු ඇතුළත් පරිශීලක දත්ත.

  4. ඔබ සහ ඔබ අනුමැතිය ලබා දී ඇති වෙනත් තෙවැනි පාර්ශ්ව වෙතින් අලෙවිකරණ තොරතුරු ලබාගැනීම සම්බන්ධයෙන් ඔබේ රුචිකත්වයන් සහ ඔබේ සන්නිවේදන රුචිකත්වයන් ගැන තොරතුරු ඇතුළත් අලෙවිකරණ සහ සන්නිවේදන දත්ත.

ඒකාබද්ධ සහ නිර්නාමිකකරණයෙන් යුතු දත්ත
ඔබ මෙම වෙබ්අඩවියට පිවිසෙන විට හෝ අපගේ සමාගමේ ජංගම යෙදවුම් අතරින් කිසිවක් භාවිත කරන විටද, අප විසින් ඒකාබද්ධ, නිර්නාමිකකරණයෙන් යුතු, සංඛ්‍යාලේඛනාත්මක හෝ නිරූපණාත්මක දත්ත (ඒකාබද්ධ දත්ත/ හෝ නිර්නාමිකකරණයෙන් යුතු දත්ත) එකතු කිරීම, භාවිත කිරීම, ගබඩා කිරීම සහ බෙදා ගැනීම සිදුකරනු ඇත. ඒකාබද්ධ දත්ත සහ/හෝ නිර්නාමිකකරණයෙන් යුතු දත්ත ඔබේ පෞද්ගලික දත්තවලින් ලබා ගන්නා නමුදු එමඟින් සෘජුව හෝ වක්‍රාකාරයෙන් ඔබේ අනන්‍යතාව අනාවරණය කළ නොහැකි බැවින් නීතියට අනුව එය පෞද්ගලික දත්ත ලෙස සලකනු නොලැබේ.

ඒකාබද්ධ දත්ත සහ/හෝ නිර්නාමිකකරණයෙන් යුතු දත්තවලට මෙම වෙබ්අඩවියට ඔබ පිවිසෙන වේලාව සහ ගත කරන කාලය, වෙබ්අඩවියේ ඔබ පිවිස ඇති පිටු, මෙන්ම මෙම වෙබ්අඩවියට පිවිසීමට මොහොතකට පෙර ඔබ පිවිසුණු වෙබ්අඩවිය පිළිබඳ විස්තර යනාදියද ඇතුළත් වනු ඇත. අප විසින් ඔබේ අන්තර්ජාල සේවා සැපයුම්කරුගේ නම ද සටහන් කර ගනු ඇත. වෙබ්අඩවි ක්‍රියාකාරීත්වය මැන ගැනීම සහ අපගේ සේවාවන් ඉහළ නැංවීම සඳහා අදහස් වැඩිදියුණු කිරීමට විශ්ලේෂණාත්මක ක්‍රියාකාරකම් පැවැත්වීම සඳහා අප විසින් එවැනි සහ/හෝ නිර්නාමිකකරණයෙන් යුතු දත්ත උපයෝගී කර ගනු ඇත. උදාහරණ ලෙස, විශේෂිත වෙබ්අඩවි විශේෂාංගයක් හා සම්බන්ධ වන පරිශීලකයින්ගේ ප්‍රතිශතය ගණනය කිරීමට ඔබේ පරිශීලක දත්ත අප විසින් ඒකාබද්ධ කරනු ඇත. කෙසේවුවද, අප විසින් ඔබව හඳුනාගත හැකි ආකාරයට (සෘජුව හෝ වක්‍රාකාරයෙන්) ඒකාබද්ධ සහ/හෝ නිර්නාමිකකරණයෙන් යුතු දත්ත ඔබේ පෞද්ගලික දත්ත සමඟ සුසංයෝග කරන්නේ නම්, එම සුසංයෝගී දත්ත පෞද්ගලික දත්ත ලෙස සලකා අප කටයුතු කරනු ඇත.

ඔබ පෞද්ගලික දත්ත සැපයීමට අසමත් වන්නේ නම් හෝ සාවද්‍ය හෝ ව්‍යාජ පෞද්ගලික දත්ත සපයන්නේ නම්
නීතිය මඟින්, හෝ ඔබ සමඟ අප ඇති කරගෙන තිබෙන ගිවිසුමක වගන්ති, අපගේ වෙබ්අඩවි වගන්ති හා කොන්දේසි යටතේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමට අපට අවශ්‍ය වනවිට හෝ අපගේ සේවාවන් අතරින් කිසිවකට අදාළ ප්‍රතිපාදන සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනවිට හෝ ඔබ අපේක්ෂා කරන රක්ෂණ සැලසුම් සහ සේවාවන් සැපයීමට එම තොරතුරු අපට අනිවාර්යය ලෙස අවශ්‍ය වනවිට සහ ඉල්ලා සිටින විට එම දත්ත සැපයීමට ඔබ අසමත් වන්නේ නම්, ඔබ සමඟ ඇති කරගෙන තිබෙන හෝ ඇතිකර ගැනීමට උත්සාහ ගන්නා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අපට හැකි නොවනු ඇත. මෙම තත්ත්වයන්වලදී, ඔබ ඉල්ලා සිටින සේවාවන් අවලංගු කිරීමට හෝ භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමට අපට අයිතිය ඇති නමුදු, අදාළ අවස්ථාවේදී එය එසේ වන්නේ නම් අප විසින් ඒ බව ඔබට දැනුම් දෙනු ඇත.

ඔබ විසින් සපයා ඇති පෞද්ගලික දත්ත ව්‍යාජ, සාවද්‍ය, කරුණු පිළිබඳ දුස්ප්‍රකාශයක්, සාවද්‍යඉදිරිපත් කිරීමක්, අනන්‍යතා සොරකම හා සම්බන්ධ ක්‍රියාවක්, තෙවැනි පාර්ශ්ව අයිතිය උල්ලංඝනය කිරීමක් හෝ ඒ හා සමාන තත්ත්වයක් යැයි විශ්වාස කිරීමට හේතුවක් අපට ඇති අවස්ථාවකදී, ඔබට අවශ්‍ය සේවාවන් ප්‍රතික්ෂේප කිරීමට, ඔබ සමඟ අපගේ ගිවිසුමක් ඇත්නම් එය අවසන් කිරීමට සහ අදාළ වනවිට, වගකිවයුතු නියාමන අධිකාරීන්ට ඔබ ගැන දැනුම්දීමට අපට අයිතිය ඇත.

ඔබෙන් සහ ඔබ ගැන දත්ත රැස් කිරීමට පහත දැක්වෙන මාර්ග ද ඇතුළු විවිධ ක්‍රම අපි භාවිත කරන්නෙමු:

සෘජු අන්තර්ක්‍රියා. ඔබ (හෝ ඔබ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් හෝ නියෝජිතයෙක්) විසින් තැපැල් මඟින්, දුරකථනය, ඊමේල්, සෘජුවම වෙබ්අඩවි සමාජ මාධ්‍ය ප්‍රවේශ මාර්ග හෝ වෙනත් ආකාරවලින්, අපගේ පුවත් සඟරාවට දායකවීම මඟින් හෝ ආකෘති පත්‍රයක් පිරවීම හෝ වෙනත් ආකාරයක් මඟින් ඔබේ පෞද්ගලික දත්ත අපට ලබාදීමට හැකිය. ඔබ පහත දැක්වෙන පරිදි කටයතු කිරීමේදී අපට සැපයෙන පෞද්ගලික දත්ත ද මෙයට ඇතුළත් වේ:

  • අපට ප්‍රතිචාර දැක්වීමේදී.

  • අපගේ සේවාවන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේදී.

මෙම වෙබ්අඩවිය. ඔබ මෙම වෙබ්අඩවිය සමඟ අන්තර්ක්‍රියා කරන විට, අප විසින් ස්වයංක්‍රීයව ඔබේ උපකරණ, බ්‍රව්සින් ක්‍රියාකාරකම් සහ රටා ගැන තාක්ෂණික දත්ත රැස් කරනු ඇත. අප මෙම පෞද්ගලික දත්ත රැස් කරන්නේ කුකීස්, සර්වර් ලොග්ස් සහ ඒ හා සමාන වෙනත් තාක්ෂණයන් උපයෝගී කරගනිමිනි. අපගේ කුකීස් යොදා ගනු ලබන වෙනත් වෙබ්අඩවිවලට ඔබ පිවිසෙන විටද ඔබ ගැන තාක්ෂණික දත්ත අප වෙත ලැබෙනු ඇත. වැඩි විස්තර සඳහා කරුණාකර පහතින් ඇති 6 වැනි ඡේදය සහ අපගේ කුකී ප්‍රතිපත්තිය බලන්න.

අපගේ ජංගම වෙබ්අඩවිය සහ ජංගම යෙදවුම්. අපගේ සේවාදායකයින්ට වඩාත් හොඳින් සේවය ලබාදීම සඳහා ජංගම උපාංග තොරතුරු ලබාගැනීමේ හැකියාව අපගේ ජංගම වෙබ්අඩවියට සහ ජංගම යෙදවුම්වලට ඇත.

තෙවැනි පාර්ශ්ව සහ පොදුවේ ලබා ගත හැකි මූලාශ්‍ර. පහත දක්වා ඇති ආකාරයේ තෙවැනි පාර්ශ්ව සහ පොදු මූලාශ්‍ර වෙතින් ඔබ ගැන පෞද්ගලික දත්ත ලබා ගත හැකිය:

  • ශ්‍රී ලංකාව තුළ සහ/හෝ ඉන් පිටත විශ්ලේෂණ සැපයුම්කරුවන් (ගූගල් පාදක විශ්ලේෂණ සැපයුම්කරුවන් වැනි).

  • ශ්‍රී ලංකාව තුළ සහ/හෝ ඉන් පිටත පිහිටි දැන්වීම් ප්‍රචාරණ ජාල.

  • ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත තොරතුරු සෙවීම් සැපයුම්කරුවන්.

එසේම, අපගේ ක්ලික්ලයිෆ් ඇප් එක ඔස්සේ ඔබ සම්බන්ධ වන Google Health Connect, Google Fit APIs, සහ Apple Health වැනි තෙවැනි-පාර්ශ්ව සේවා සැපයුම්කරුවන් වෙතින් අපට තොරතුරු ලැබෙන බව ඔබ වටහා ගන්නා අතරම පිළිගනියි. මෙම සේවා සැපයුම්කරුවන් විසින් ඔබේ පෞද්ගලික දත්ත ලෙස ඇතුළත් වන ඔබේ හෘද ස්පන්දන වේගය, පියවර, කැලරි, නින්ද, රුධිර ඔක්සිජන්, ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෑම්, සහ වෙනත් සෞඛ්‍ය මිනුම් වැනි තොරතුරු අප වෙත ලබාදෙයි. මෙම සේවාවන් ඔස්සේ රැස්කර ගන්නා තොරතුරු ඉවත් කරන මෙන් පහත දැක්වෙන සබැඳි වෙතින් ලිඛිතව ඉල්ලා සිටීමට ඔබට හැකිය

Google Fit APIs වෙතින් ලැබෙන තොරතුරු භාවිතය Google Fit Developer සහ සීමිත භාවිත අවශ්‍යතා ඇතුළත්ව, පරිශීලක දත්ත ප්‍රතිපත්තියට අනුකූල වනු ඇත.

Google Health Connect වෙතින් ලැබෙන තොරතුරු භාවිතය, සීමිත භාවිත අවශ්‍යතා ඇතුළත්ව, Health Connect Permissions ප්‍රතිපත්තියට අනුකූල වනු ඇත.

Apple Health වෙතින් ලැබෙන තොරතුරු භාවිතය Apple Platform ආරක්ෂක ප්‍රතිපත්තියට අනුකූල වනු ඇත.

ඔබේ පෞද්ගලික දත්ත අප විසින් පරිශීලනය කරනු ඇත්තේ නීතියෙන් අවසර ලබා දී ඇති ආකාරයට පමණි. බොහෝදුරට, ඔබේ පෞද්ගලික දත්ත සැකසීමට නීතිමය පදනමේ පහත දැක්වෙන ආකාරයන් කෙරෙහි අප අවධානය යොමු කරනු ඇත:

නීත්‍යානුකූල අභිලාෂයන් ඔබට ඉහළම සේවා ප්‍රමිතිය සහ විශිෂ්ටතම හා වඩාත් සුරක්ෂිත අත්දැකීම ලබාදීම පිණිස අපගේ ව්‍යාපාර කටයුතු පවත්වා ගැනීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් අප සමාගමේ අභිලාෂයන්. අපගේ නීත්‍යානුකූල අභිලාෂයන් වෙනුවෙන් ඔබේ පෞද්ගලික දත්ත අප විසින් සකසනු ලැබීමට පෙර ඔබ සහ ඔබේ අයිතීන් කෙරෙහි ඇති විය හැකි කිසියම් බලපෑමක් (ධනාත්මක මෙන්ම සෘණාත්මක) ඇත්නම් එය සැලකිල්ලට ගනිමින් තුලනය කිරීමට අපි කටයුතු කරන්නෙමු. ඔබට සිදු වන බලපෑම මඟින් අපගේ අභිලාෂයන් ඉක්මවා යැවෙන ක්‍රියාකාරකම් සඳහා ඔබේ පෞද්ගලික දත්ත අප යොදා ගන්නේ නැත (අප විසින් ඔබේ අනුමැතිය ලබාගෙන ඇති විට හෝ නීතිය මඟින් අවශ්‍ය වන හෝ අවසර දී ඇති විට හැර). විශේෂිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔබට ඇති විය හැකි කිසියම් බලපෑමක් හමුවේ අපගේ නීත්‍යානුකූල අභිලාෂයන් අප විසින් අගයනු ලබන ආකාරය ගැන වැඩිදුරටත් විස්තර අප ඇමතීමෙන් ඔබට ලබා ගත හැකිය.

ගිවිසුම ක්‍රියාත්මක කිරීම: ඔබද පාර්ශ්වකරුවකු වන කිසියම් සේවාවක් හෝ ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට හෝ එවැනි ගිවිසුමකට එළැඹීමට පෙර සහ ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පරිදි අපගේ සේවා සැපයුම්කරුවන්ට, නියෝජිතයින්ට සහ වෙනත් පාර්ශ්වයන්ට එහි ප්‍රතිපාදන සැලසීමට ඔබේ ඉල්ලීම පරිදි පියවර ගැනීමට ඔබේ දත්ත සැකසීම සහ පරිශීලනය කිරීම අවශ්‍ය වේ.

නීතිමය හෝ නියාමනාත්මක වගකීම්වලට අනුගත වීම: නීතිය, නියාමනය, ජාතික හෝ මහජන ආරක්ෂාව හෝ අදාළ විමර්ශනය යටතේ පැන නගින බැඳීම් සම්බන්ධයෙන් රජය, නීතිය ක්‍රියාත්මක කරන්නන්, නියාමන, අධිකරණ හෝ අදාළ බලධාරීන්ගේ ඉල්ලීම්වලට අනුකූල වීම සඳහා හෝ අප යටත් වන නෛතික හෝ නියාමන බැඳීම්වලට අනුකූල වීම සහතික කිරීම සඳහා ඔබේ පුද්ගලික දත්ත සැකසීම, භාවිතය සහ අනාවරණය කිරීම අවශ්‍ය විය හැකිය.

අප විසින් ඔබගේ පුද්ගලික දත්ත භාවිතා කරන කාර්යයන්
ඔබගේ පුද්ගලික දත්ත භාවිතා කරන මූලික ක්‍රම සහ ඒ සඳහා අප විශ්වාසය තබන නීතිමය පදනම් වර්ග පිළිබඳ විස්තරයක් අපි පහත වගු ආකෘතියකින් දක්වා ඇත. කෙසේ වෙතත්, එය සම්පූර්ණ ලැයිස්තුවක් නොවිය හැකි අතර ඉල්ලීමක් මත ඔබට අවශ්‍ය විය හැකි අමතර තොරතුරු සැපයීමට අපට හැකි වනු ඇත. සුදුසු අවස්ථාවලදී අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා මොනවාද යන්න ද අපි හඳුනාගෙන ඇත්තෙමු. අප විසින් ඔබගේ දත්ත භාවිතා කරනු ලබන නිශ්චිත අරමුණ මත පදනම්ව,අපට ඔබගේ පුද්ගලික දත්ත එකකට වඩා නීත්‍යානුකූල පදනමක් සඳහා සැකසිය හැකිය.

කාර්යය/ක්‍රියාකාරකම දත්ත වර්ගය සැකසීම සඳහා නීතිමය පදනම (ඔබට හොඳම සහ ආරක්ෂිතම පරිශීලක අත්දැකීමක් ලබා දීම සඳහා වන අපගේ නීත්‍යානුකූල අභිලාෂය ඇතුළුව.)

ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමේදී ඔබට වැඩිදුර තොරතුරු, උපදෙස්, සේවා සැපයීමට.

පෞද්ගලික දත්ත

නීතිමය බැඳීමක් සහ අදාළ නීතියකට අනුකූල වීම අවශ්‍ය වේ.

අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා ඔබට නිවැරදි සැලසුම් සහ සේවා ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

ඔබ සමඟ අපගේ සම්බන්ධතාවය කළමනාකරණය කිරීම සඳහා,ඒවාට ඇතුළත් වන කරුණු:

  • අපගේ සේවාවන් වැඩිදියුණු කිරීම සහ ඔබ විසින් කරන ලද ඕනෑම ඉල්ලීමක් සහ රක්ෂණ නිෂ්පාදන සඳහා පහසුකම් සැලසීම සහ සමාගමේ සහ එහි වෙළඳ නාමයේ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රවර්ධනය කිරීම.

  • ඔබේ භාවිත අත්දැකීම පුද්ගලීකරණය කිරීම.

  • පාරිභෝගික සේවය වැඩිදියුණු කිරීම සඳහා; ඔබ සපයන තොරතුරු ඔබගේ පාරිභෝගික සේවා ඉල්ලීම් සහ සහාය අවශ්‍යතා සඳහා වඩාත් කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමට අපට උපකාරී වේ.

  • පරිශීලක අත්දැකීම් පුද්ගලීකරණය කිරීම සඳහා, අපගේ ගනුදෙනුකරුවන් කණ්ඩායමක් ලෙස අපගේ වෙබ් අඩවියේ සහ අපගේ සමාගමේ සපයා ඇති සේවාවන් සහ සම්පත් භාවිතා කරන ආකාරය තේරුම් ගැනීමට අපට සමස්තයක් ලෙස තොරතුරු භාවිතා කළ හැකිය.

  • අපගේ නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීම සඳහා ඔබ සපයන ප්‍රතිපෝෂණ අපට භාවිතා කළ හැකිය.

  • ඔබට උනන්දුවක් දක්වනු ඇතැයි අපි සිතන මාතෘකා පිළිබඳව ඔබ ලැබීමට එකඟ වූ තොරතුරු ඔබට එවීමට ප්‍රවර්ධනයක්, තරඟයක්, සමීක්ෂණයක් හෝ වෙනත් වෙබ් අඩවි විශේෂාංගයක් ක්‍රියාත්මක කිරීමට.

  • වරින් වර විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ ඇඟවීම් යැවීමට, අපි ඔබගේ රක්ෂණ ඔප්පුව පිළිබඳ පරිශීලක තොරතුරු සහ යාවත්කාලීන කිරීම් යැවීමට සම්බන්ධතා තොරතුරු භාවිතා කළ හැකිය. එය ඔබගේ විමසීම්, අපගේ රක්ෂණ නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට ද භාවිතා කළ හැකිය. ඔබ අපගේ තැපැල් ලැයිස්තුවට ඇතුළත් වීමට තීරණය කරන්නේ නම්, ඔබට සමාගම් ප්‍රවෘත්ති, යාවත්කාලීන කිරීම්, අදාළ නිෂ්පාදන හෝ සේවා තොරතුරු ආදිය ඇතුළත් විය හැකි විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ ඇඟවීම් ලැබෙනු ඇත.

තාක්ෂණික භාවිතය අලෙවිකරණය සහ සන්නිවේදනය

ඔබ සහ සමාගම අතර ඕනෑම ගිවිසුමක් ඉටු කිරීමට අවශ්‍ය වේ.

නීතිමය බැඳීමකට අනුකූල වීම අවශ්‍ය වේ.

අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා අවශ්‍ය වේ (අපගේ වාර්තා යාවත්කාලීනව තබා ගැනීමට සහ සේවාදායකයින් අපගේ වෙබ් සේවා භාවිතා කරන ආකාරය අධ්‍යයනය කිරීමට)

අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා ඔබට නිවැරදි නිෂ්පාදන සහ සේවා වර්ග ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ.

අපගේ වෙබ් සේවා වැඩිදියුණු කිරීම පිණිස අපගේ නීත්‍යානුකූල අභිලාෂය සඳහා අවශ්‍ය වේ.

අපගේ ව්‍යාපාරය සහ මෙම වෙබ් අඩවිය පරිපාලනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා (දෝශ නිරාකරණය, දත්ත විශ්ලේෂණය, පරීක්ෂා කිරීම, පද්ධති නඩත්තුව, සහාය, වාර්තා කිරීම සහ දත්ත සත්කාරකත්වය ඇතුළුව)

තාක්ෂණික

අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා (අපගේ ව්‍යාපාරය පවත්වාගෙන යාම, පරිපාලනය සහ තොරතුරු තාක්ෂණ සේවා සැපයීම, ජාල ආරක්ෂාව, වංචා වැළැක්වීම සඳහා සහ ව්‍යාපාර ප්‍රතිසංවිධානයක හෝ කණ්ඩායම් ප්‍රතිව්‍යුහගත කිරීමේ අභ්‍යාසයක සන්දර්භය තුළ) අත්‍යවශ්‍ය වේ.

නීතිමය බැඳීමකට අනුකූල වීම අවශ්‍ය වේ

අදාළ වෙබ් අඩවි අන්තර්ගතයන් සහ වෙළඳ දැන්වීම් ඔබට ලබා දීමට සහ අප ඔබට සපයන වෙළඳ දැන්වීම්වල ඵලදායීතාවය මැනීමට හෝ තේරුම් ගැනීමට

භාවිතය අලෙවිකරණ සහ සන්නිවේදන තාක්ෂණික

අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය වේ (සේවාදායකයින් අපගේ සේවාවන් භාවිතා කරන ආකාරය අධ්‍යයනය කිරීමට, ඒවා සංවර්ධනය කිරීමට, අපගේ ව්‍යාපාරය වර්ධනය කිරීමට සහ අපගේ අලෙවිකරණ උපාය මාර්ගය දැනුවත් කිරීමට)

මෙම වෙබ් අඩවිය, සේවා, අලෙවිකරණය, සේවාදායක සබඳතා වැඩිදියුණු කිරීමට සහ පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීමට දත්ත විශ්ලේෂණ භාවිතා කිරීමට.

ඔබේ යෝග්‍යතාවය සහ සුවතා ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වන කාර්ය සාධන විශ්ලේෂණය සහ තීක්ෂණ බුද්ධිය ජනනය කිරීමට.

තාක්ෂණික භාවිතය

අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය වේ (අපගේ සේවාවන් සඳහා සේවාදායකයින් වර්ග නිර්වචනය කිරීමට,මෙම වෙබ් අඩවිය යාවත්කාලීනව හා අදාළව තබා ගැනීමට,අපගේ ව්‍යාපාරය සංවර්ධනය කිරීමට සහ අපගේ අලෙවිකරණ උපාය මාර්ගය දැනුම් දීමට)

ඔබට උනන්දුවක් දැක්විය හැකි සේවාවන් පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට

තාක්ෂණික භාවිතය

අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා (අපගේ සේවාවන් සංවර්ධනය කිරීමට සහ අපගේ ව්‍යාපාරය වර්ධනය කිරීමට) අත්‍යවශ්‍ය වේ.

කුකීස්
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරන්නේ අඩවි ක්‍රියාකාරකම් මැනීමට සහ අපගේ නිෂ්පාදන සහ සේවාවන් සෙවීමේදී ඔබේ අත්දැකීම වැඩි දියුණු කිරීමටයි. කුකීස් යනු ඔබ වෙබ් අඩවි සහ මාර්ගගත සේවාවන් වෙත පිවිසෙන විට ඔබේ පරිගණකයට යවන අක්ෂරාංක හඳුනාගැනීම් වේ. ඔබේ වෙබ් බ්‍රව්සරයේ මනාපයන් එය පිළිගැනීමට සකසා ඇත්නම්, කුකී ඔබේ පරිගණකයේ දෘඪ තැටියේ ගබඩා කර ඇත. කුකීස් අපගේ සහ අනෙකුත් වෙබ් අඩවි වලට ඔබේ මනාපයන් හඳුනා ගැනීමට සහ ඔබට අන්තර්ගතය සකස් කිරීමට හැකියාව ලබා දෙයි. සියලුම හෝ සමහර බ්‍රව්සර් කුකීස් ප්‍රතික්ෂේප කිරීමට හෝ වෙබ් අඩවි කුකීස් සකසන විට හෝ ප්‍රවේශ වන විට ඔබට අනතුරු ඇඟවීමට ඔබට ඔබේ බ්‍රව්සරය සැකසිය හැකිය. ඔබ කුකීස් අක්‍රීය කළහොත් හෝ ප්‍රතික්ෂේප කළහොත්, මෙම වෙබ් අඩවියේ සමහර කොටස් ප්‍රවේශ විය නොහැකි හෝ නිසි ලෙස ක්‍රියා නොකරන බව කරුණාවෙන් සලකන්න. අප භාවිතා කරන කුකීස් පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර අපගේ කුකී ප්‍රතිපත්තිය බලන්න.

අරමුණ වෙනස් කිරීම
අපි ඔබේ පුද්ගලික දත්ත එකතු කළ අරමුණු සඳහා පමණක් භාවිතා කරන්නෙමු, වෙනත් හේතුවක් සඳහා අපට එය භාවිතා කිරීමට අවශ්‍ය බවත් එම හේතුව මුල් අරමුණට අනුකූල බවත් සාධාරණ ලෙස සලකන්නේ නම් මිස. නව අරමුණ සඳහා සැකසීම මුල් අරමුණට අනුකූල වන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීමට ඔබ කැමති නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න. අපට ඔබේ පුද්ගලික දත්ත සම්බන්ධයක් නොමැති අරමුණක් සඳහා භාවිතා කිරීමට අවශ්‍ය නම්, අපි ඔබට දැනුම් දෙන අතර අපට එසේ කිරීමට ඉඩ සලසන නීතිමය පදනම සහ අදාළ අවස්ථාවන්හිදී ඔබේ පූර්ව කැමැත්ත ලබා ගන්නෙමු.

අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට සහ අපගේ නිෂ්පාදන සහ සේවාවන්ට අදාළ අලෙවිකරණ සන්නිවේදනයන් මෙන්ම ඔබට උනන්දුවක් දක්වන ඕනෑම සමූහ සමාගමක පුද්ගලික දත්ත භාවිතයේ අවසර ලත් සීමාවන්ට යටත්ව බෙදා ගැනීමට අපි උත්සාහ කරමු. ඉහත දක්වා ඇති අරමුණු වලට අමතරව, යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී විසින් ඔබේ පුද්ගලික දත්ත සෘජු අලෙවිකරණ සහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ හැකිය, ඒවා අතර ඔබට ප්‍රවර්ධන ද්‍රව්‍ය යැවීම සහ ජෝන් කීල්ස් සමාගම් සමූහය තුළ ඇති වෙනත් ඕනෑම වෙළඳ නාමයක් විසින් පිරිනමනු ලබන රක්ෂණ නිෂ්පාදන සේවා සම්බන්ධයෙන් සෘජු අලෙවිකරණය සිදු කිරීම ඇතුළත් වේ.

තෙවන පාර්ශවීය අලෙවිකරණය
අලෙවිකරණ අරමුණු සඳහා සමූහයෙන් පිටත ඕනෑම සමාගමක් සමඟ ඔබගේ පුද්ගලික දත්ත බෙදා ගැනීමට පෙර අපි ඔබගේ ප්‍රකාශිත කැමැත්ත ඉල්ලා සිටිමු.

ඉහත දක්වා ඇති අරමුණු සඳහා පහත දක්වා ඇති පාර්ශවයන් සමඟ ඔබගේ පුද්ගලික දත්ත බෙදා ගැනීමට අපට සිදු විය හැකිය.

අභ්‍යන්තර තෙවන පාර්ශවයන්
සමූහයේ අනෙකුත් සමාගම්, සමාගමේ සහචරයින්, ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල පිහිටි පිට පළාත් ශාඛා සහ කාර්යාල ඒකාබද්ධ පාලකයන් හෝ සකසනයන්, උපදේශකයින් හෝ සේවා සපයන්නන් ලෙස කටයුතු කරන අතර, අපගේ ව්‍යාපාරයේ මෙහෙයුම් සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය විය හැකි සේවාවන් සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණ, අලෙවිකරණය සහ පර්යේෂණ, ආදායම් ප්‍රශස්තිකරණය සහ වෙනත් සේවාවන් ද ඇතුළත් වේ.

බාහිර තෙවැනි පාර්ශ්වයන්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහයේ ව්‍යාපාරයේ මෙහෙයුම් සම්බන්ධයෙන් දත්ත සැකසීම සහ විශ්ලේෂණ, අලෙවිකරණය සහ පර්යේෂණ, ආදායම් ප්‍රශස්තිකරණය සහ අනෙකුත් සේවාවන් අපට සපයන්නේ කවුරුන්ද යන්න මත පදනම්ව, සේවා සපයන්නන්, කොන්ත්‍රාත්කරුවන් සහ නියෝජිතයන් සකසනයන් ලෙස ක්‍රියා කරයි.

  • යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී හි ව්‍යාපාරික හවුල්කරුවන් අතර, ඔබට අගය එකතු කළ සේවාවන් සැපයීම සඳහා යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී ගිවිසුම්වලට එළඹ ඇති ඕනෑම සහ සියලුම සේවා සපයන්නෙකු ඇතුළත් වේ. මේ අනුව, අපගේ වෙබ් අඩවිය සහ/හෝ ජංගම යෙදුම භාවිතා කරන විට අපගේ සේවා සපයන්නන් විසින් පිරිනමනු ලබන එවැනි අගය එකතු කළ සේවාවන් ලබා ගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, එවැනි සේවා සපයන්නන් සමඟ ඔබේ පුද්ගලික දත්ත බෙදා ගැනීමට ඔබ මෙයින් එකඟ වේ.

  • වෘත්තීය උපදේශකයින් හෝ උපදේශන, බැංකු, නීති සහ ගිණුම්කරණ සේවා සපයන නීතිඥයින්, බැංකුකරුවන් සහ විගණකවරුන් ඇතුළු සකසනයන් හෝ ඒකාබද්ධ පාලකයන් ලෙස ක්‍රියා කරන අය.

  • ආරක්ෂාව හෝ වෙනත් ඕනෑම විමර්ශන අරමුණක් සඳහා ඕනෑම නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරියක් හෝ රජයේ ආයතනයක් සමඟ.

  • ඇතැම් තත්ත්වයන් යටතේ සැකසුම් ක්‍රියාකාරකම් වාර්තා කිරීම අවශ්‍ය කරන සකසනයන් හෝ ඒකාබද්ධ පාලකයන් ලෙස ක්‍රියා කරන නියාමන බලධාරීන් සහ අනෙකුත් බලධාරීන්.

  • අපගේ ව්‍යාපාරයේ හෝ අපගේ වත්කම්වල කොටස් විකිණීමට, මාරු කිරීමට හෝ ඒකාබද්ධ කිරීමට අපට තෝරා ගත හැකි තෙවන පාර්ශවයන්. විකල්පයක් ලෙස, අපට වෙනත් ව්‍යාපාර අත්පත් කර ගැනීමට හෝ ඔවුන් සමඟ ඒකාබද්ධ වීමට උත්සාහ කළ හැකිය. අපගේ ව්‍යාපාරයට වෙනසක් සිදුවුවහොත්, නව හිමිකරුවන්ට මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ දක්වා ඇති ආකාරයටම ඔබේ පුද්ගලික දත්ත භාවිතා කළ හැකිය.

ඔබගේ පුද්ගලික දත්තවල ආරක්ෂාවට ගරු කරන ලෙසත්,නීතියට අනුකූලව කටයුතු කරන ලෙසත් අපි සියලුම තෙවන පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු. අපගේ තෙවන පාර්ශවීය සේවා සපයන්නන්ට ඔබගේ පුද්ගලික දත්ත ඔවුන්ගේම අරමුණු සඳහා භාවිතා කිරීමට අපි ඉඩ නොදෙන අතර නිශ්චිත අරමුණු සඳහා සහ අපගේ උපදෙස් වලට අනුකූලව පමණක් ඔබගේ පුද්ගලික දත්ත සැකසීමට ඔවුන්ට අවසර දෙන්නෙමු.

අප විවිධ අධිකරණ බල ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර විවිධ අධිකරණ බල ප්‍රදේශවලින් විවිධ සේවා සපයන්නන්ගේ සේවාවන් ලබා ගනිමු. එබැවින්,ඒ අනුව,ඔබගේ දත්ත ශ්‍රී ලංකාවෙන් පිටතට සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය විය හැකිය.

ඔබගේ පුද්ගලික දත්ත අනවසරයෙන් සැකසීම,අහම්බෙන් නැතිවීම,භාවිතා කිරීම හෝ අනවසර ආකාරයෙන් ප්‍රවේශ වීම,වෙනස් කිරීම හෝ හෙළිදරව් කිරීම වැළැක්වීම සඳහා අපි සුදුසු ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කර ඇත්තෙමු. ඊට අමතරව, ව්‍යාපාරයක් දැනගත යුතු සේවකයින්, නියෝජිතයින්,කොන්ත්‍රාත්කරුවන් සහ අනෙකුත් තෙවන පාර්ශවයන්ට පමණක් අපි ඔබේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශය සීමා කරමු. ඔවුන් ඔබේ පුද්ගලික දත්ත සකසනු ලබන්නේ අපගේ උපදෙස් මත පමණක් වන අතර,ඔවුන් රහස්‍යභාවය පිළිබඳ යුතුකමකට යටත් වේ. ඕනෑම සැක සහිත පුද්ගලික දත්ත කඩ කිරීමක් හඳුනාගෙන කටයුතු කිරීමට අපි ක්‍රියා පටිපාටි සකස් කර ඇති අතර අපට නීත්‍යානුකූලව එසේ කිරීමට අවශ්‍ය වන විට කඩ කිරීමක් පිළිබඳව ඔබට සහ ඕනෑම අදාළ නියාමකයෙකුට දැනුම් දෙන්නෙමු.

අපගේ පාලනයෙන් ඔබ්බට ගිය පුද්ගලික දත්ත වලට අනවසර ප්‍රවේශයක් හෝ නැතිවීමක් සම්බන්ධයෙන් අපට වගකීම භාර ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න.

මාගේ පුද්ගලික දත්ත ඔබ කොපමණ කාලයක් භාවිතා කරන්නේද?
අප ඔබගේ පුද්ගලික දත්ත රඳවා ගන්නේ ඕනෑම නීතිමය හෝ වාර්තාකරණ අවශ්‍යතා සපුරාලීමේ අරමුණු ඇතුළුව අප එය රැස් කළ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය තාක් කල් පමණි,පුද්ගලික දත්ත සඳහා සුදුසු රඳවා ගැනීමේ කාලය තීරණය කිරීම සඳහා,පුද්ගලික දත්තවල ප්‍රමාණය, ස්වභාවය සහ සංවේදීතාව,ඔබේ පුද්ගලික දත්ත අනවසරයෙන් භාවිතා කිරීමෙන් හෝ හෙළිදරව් කිරීමෙන් සිදුවිය හැකි හානියේ විභව අවදානම,අපි ඔබේ පුද්ගලික දත්ත සකසන අරමුණු සහ වෙනත් ක්‍රම මගින් අපට එම අරමුණු සාක්ෂාත් කරගත හැකිද යන්න සහ අදාළ නීතිමය අවශ්‍යතා අපි සලකා බලන්නෙමු.

සමහර අවස්ථාවලදී ඔබගේ දත්ත මකා දැමීමට ඔබ අපෙන් ඉල්ලා සිටිය හැකිය.

සමහර තත්ත්වයන් යටතේ, පර්යේෂණ හෝ සංඛ්‍යානමය අරමුණු සඳහා අප විසින් ඔබේ පුද්ගලික දත්ත නිර්නාමික කරනු ලැබිය හැකිය (එවිට එය තවදුරටත් ඔබ සමඟ සම්බන්ධ කළ නොහැකි අතර, ඔබව තවදුරටත් එයින් හඳුනාගත නොහැකි වනු ඇත). එවැනි අවස්ථාවකදී ඔබට වැඩිදුර දැනුම්දීමකින් තොරව අපට මෙම තොරතුරු දින නියමයක් නොමැතිව භාවිතා කළ හැකිය.

ඔබේ නීතිමය අයිතීන්
යම් යම් තත්වයන් යටතේ, ඔබගේ පුද්ගලික දත්ත සම්බන්ධයෙන් දත්ත ආරක්ෂණ නීති යටතේ ඔබට පහත අයිතිවාසිකම් ඇත:

  • ඔබගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශය ඉල්ලා සිටීම (සාමාන්‍යයෙන් "දත්ත විෂය ප්‍රවේශ ඉල්ලීමක්" ලෙස හැඳින්වේ). මෙය අප ඔබ ගැන තබා ඇති පුද්ගලික දත්තවල පිටපතක් ලබා ගැනීමට සහ අපි එය නීත්‍යානුකූලව සකසන බව පරීක්ෂා කිරීමට ඔබට හැකියාව ලබා දෙයි.

  • ඔබ ගැන අප සතුව ඇති පුද්ගලික දත්ත නිවැරදි කිරීමට ඉල්ලීම. ඔබ අපට ලබා දෙන නව දත්තවල නිරවද්‍යතාවය අපට සත්‍යාපනය කිරීමට අවශ්‍ය විය හැකි වුවද, ඔබ ගැන අප සතුව ඇති ඕනෑම අසම්පූර්ණ හෝ සාවද්‍ය දත්ත නිවැරදි කිරීමට මෙය ඔබට හැකියාව ලබා දෙයි.

  • ඔබගේ පුද්ගලික දත්ත මකා දැමීමට ඉල්ලීම. මෙය ඔබට පුද්ගලික දත්ත සැකසීම දිගටම කරගෙන යාමට හොඳ හේතුවක් නොමැති විට මකා දැමීමට හෝ ඉවත් කිරීමට අපෙන් ඉල්ලා සිටීමට හැකියාව ලබා දෙයි. සැකසීමට විරුද්ධ වීමට ඔබ සතු අයිතිය සාර්ථකව ක්‍රියාත්මක කර ඇති විට (පහත බලන්න), අපි ඔබේ තොරතුරු නීති විරෝධී ලෙස සකසා ඇති විට හෝ දේශීය නීතියට අනුකූල වීම සඳහා ඔබේ පුද්ගලික දත්ත මකා දැමීමට අපට අවශ්‍ය වන විට ඔබේ පුද්ගලික දත්ත මකා දැමීමට හෝ ඉවත් කිරීමට අපෙන් ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත. කෙසේ වෙතත්, නිශ්චිත නීතිමය හේතූන් මත අපට සැමවිටම ඔබගේ මකාදැමීමේ ඉල්ලීමට අනුකූල වීමට නොහැකි විය හැකි බව සලකන්න, අදාළ නම්, ඔබේ ඉල්ලීම කරන අවස්ථාවේදී ඔබට දැනුම් දෙනු ලැබේ.

  • ඔබගේ අයිතිවාසිකම් අපගේ නීත්‍යානුකූල උනන්දුව (හෝ තෙවන පාර්ශවයක අය) අභිබවා යන විට ඔබගේ පුද්ගලික දත්ත සැකසීමට විරුද්ධ වීම සහ ඔබගේ මූලික අයිතිවාසිකම් සහ නිදහසට බලපාන බව ඔබට හැඟෙන විට මෙම පදනම මත සැකසීමට විරුද්ධ වීමට ඔබට අවශ්‍ය කරන ඔබේ විශේෂිත තත්වය පිළිබඳ යමක් තිබේ. සෘජු අලෙවිකරණ අරමුණු සඳහා අපි ඔබේ පුද්ගලික දත්ත සකසන තැනට විරුද්ධ වීමට ඔබට අයිතියක් ද ඇත. සමහර අවස්ථාවලදී, ඔබගේ අයිතිවාසිකම් සහ නිදහස අභිබවා යන ඔබේ තොරතුරු සැකසීමට අපට බලගතු නීත්‍යානුකූල හේතු ඇති බව අපට පෙන්විය හැකිය.

  • ඔබගේ පුද්ගලික දත්ත සැකසීම සීමා කිරීම ඉල්ලා සිටීම. පහත සඳහන් අවස්ථා වලදී ඔබගේ පුද්ගලික දත්ත සැකසීම අත්හිටුවීමට අපෙන් ඉල්ලා සිටීමට මෙය ඔබට හැකියාව ලබා දෙයි: (අ) දත්තවල නිරවද්‍යතාවය තහවුරු කිරීමට ඔබට අවශ්‍ය නම්; (ආ) අපගේ දත්ත භාවිතය නොමඟ යවන සහ/හෝ සාවද්‍ය නමුත් අප එය මකා දැමීමට ඔබට අවශ්‍ය නොවන විට; (ඇ) නීතිමය හිමිකම් ස්ථාපිත කිරීමට, ක්‍රියාත්මක කිරීමට හෝ ආරක්ෂා කිරීමට ඔබට අවශ්‍ය පරිදි අපට තවදුරටත් දත්ත අවශ්‍ය නොවූවත්, ඔබ අපෙන් දත්ත රඳවා තබා ගැනීමට අවශ්‍ය වූ විට; හෝ (ඈ) ඔබ ඔබේ දත්ත භාවිතා කිරීමට විරුද්ධ වී ඇති නමුත් අපට එය භාවිතා කිරීමට නීත්‍යානුකූල හේතු තිබේද යන්න අපට සත්‍යාපනය කිරීමට අවශ්‍ය වේ.

  • ඔබගේ පුද්ගලික දත්ත ඔබට හෝ තෙවන පාර්ශවයකට මාරු කිරීමට ඉල්ලීම. අපි ඔබට හෝ ඔබ තෝරාගත් තෙවන පාර්ශවයකට, ඔබගේ පුද්ගලික දත්ත ව්‍යුහගත, බහුලව භාවිතා වන, යන්ත්‍රයෙන් කියවිය හැකි ආකෘතියකින් ලබා දෙන්නෙමු. මෙම අයිතිය අදාළ වන්නේ ඔබ මුලින් අපට භාවිතා කිරීමට කැමැත්ත ලබා දුන් ස්වයංක්‍රීය තොරතුරු සඳහා හෝ ඔබ සමඟ ගිවිසුමක් ඉටු කිරීමට අපි තොරතුරු භාවිතා කළ ස්ථානයට පමණක් බව සලකන්න.

  • ඔබගේ පුද්ගලික දත්ත සැකසීම සඳහා අපි කැමැත්ත මත විශ්වාසය තබන ඕනෑම අවස්ථාවක කැමැත්ත ඉල්ලා අස්කර ගන්න. කෙසේ වෙතත්, ඔබ ඔබේ කැමැත්ත ඉල්ලා අස්කර ගැනීමට පෙර සිදු කරන ලද ඕනෑම සැකසුමක නීත්‍යානුකූලභාවයට මෙය බලපාන්නේ නැත. ඔබ ඔබේ කැමැත්ත ඉල්ලා අස්කර ගන්නේ නම්, අපට ඔබට ඇතැම් සේවාවන් සැපයීමට නොහැකි විය හැකිය. ඔබ ඔබේ කැමැත්ත ඉල්ලා අස්කර ගන්නා අවස්ථාවේදී මෙය එසේ නම් අපි ඔබට උපදෙස් දෙන්නෙමු.

ඉහත දක්වා ඇති ඕනෑම අයිතිවාසිකමක් ක්‍රියාත්මක කිරීමට ඔබ කැමති නම්, කරුණාකර අප හෝ DPO (සම්බන්ධතා තොරතුරු ඉහත දක්වා ඇත) අමතන්න.

සාමාන්‍යයෙන් කිසිදු ගාස්තුවක් අවශ්‍ය නොවේ.
ඔබගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීමට (හෝ වෙනත් ඕනෑම අයිතියක් ක්‍රියාත්මක කිරීමට) ඔබට ගාස්තුවක් ගෙවීමට සිදු නොවේ. කෙසේ වෙතත්, ඔබගේ ඉල්ලීම පදනම් විරහිත, අසාධාරණ, පුනරාවර්තන හෝ අධික නම් අපට සාධාරණ ගාස්තුවක් අය කළ හැකිය. විකල්පයක් ලෙස, මෙම තත්ත්වයන් යටතේ ඔබගේ ඉල්ලීමට අනුකූල වීම අපට ප්‍රතික්ෂේප කළ හැකිය.

ඔබෙන් අපට අවශ්‍ය විය හැකි දේ
ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට සහ ඔබගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීමට (හෝ ඔබගේ වෙනත් ඕනෑම අයිතියක් ක්‍රියාත්මක කිරීමට) ඔබට ඇති අයිතිය සහතික කිරීමට අපට ඔබෙන් නිශ්චිත තොරතුරු ඉල්ලා සිටීමට අවශ්‍ය විය හැකිය. පුද්ගලික දත්ත ලබා ගැනීමට අයිතියක් නොමැති ඕනෑම පුද්ගලයෙකුට එය හෙළි නොකිරීමට මෙය ආරක්ෂක පියවරකි. අපගේ ප්‍රතිචාරය වේගවත් කිරීම සඳහා ඔබගේ ඉල්ලීමට අදාළව වැඩිදුර තොරතුරු ඉල්ලා සිටීමට අපට ඔබව සම්බන්ධ කර ගත හැකිය.

ප්‍රතිචාර දැක්වීමට කාල සීමාව.
සියලුම නීත්‍යානුකූල ඉල්ලීම් සඳහා දින විසි එකක් ඇතුළත ප්‍රතිචාර දැක්වීමට අපි අපගේ උපරිම උත්සාහයන් දරන්නෙමු. සමහර විට, ඔබගේ ඉල්ලීම විශේෂයෙන් සංකීර්ණ නම් හෝ ඔබ ඉල්ලීම් ගණනාවක් කර ඇත්නම් අපට වැඩි කාලයක් ගතවනු ඇත. එවැනි තොරතුරු පිළිබඳව අපි ඔබව යාවත්කාලීනව තබා ගන්නෙමු.

අපගේ සියලු පාරිභෝගිකයන්, අනුග්‍රාහකයින්, සේවකයන්, සේවා සපයන්නන් සහ ව්‍යාපාර සහකරුවන් ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීමට අපගේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය සහ ඇතැම් ශාඛා තුළ අපි CCTV භාවිත කරන්නෙමු. විශේෂයෙන්ම, අප‍ගේ පරිශ්‍රය තුළ සිටින සියලු පුද්ගලයින්ගේ චර්යාව අධීක්ෂණය කිරීමට සහ අදාළ අවස්ථාවලදී සිදුවිය හැකි හෝ සැබිවින්ම සිදු වන අපරාධමය, වංචා සහගත සිදුවීම්, හෝ එවැනි ආකාරයේ වෙනත් සිදුවීම් සම්බන්ධ විමර්ශන සඳහා සහාය වීමට අප විසින් CCTV දර්ශන යොදා ගනු ඇත. විමර්ශන, නඩුවිභාග හෝ කිසියම් නීතිමය ක්‍රියාදාමයක් සඳහා සහාය වීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සහ/හෝ අධිකරණ බලධාරීන් සමඟ අප විසින් එවැනි දර්ශන බෙදා ගනු ඇත.

අදාළ වන නීති, නියාමන, විශිෂ්ටතම ක්‍රමවේද සහ ජෝන් කීල්ස් සමූහ ප්‍රතිපත්තිය යනාදියට අනුකූලව යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී විසින් මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය කාලයෙන් කාලයට වෙනස් කරනු ඇති අතර, යාවත්කාලීන කරන ලද පිටපත මෙම වෙබ්අඩවියෙහි පළ කරනු ඇත. පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය පිළිබඳ යාවත්කාලීන වූ තොරතුරු ලබාගැනීමට කාලයෙන් කාලයට මෙම වෙබ්අඩවියට පිවිසෙන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

දත්ත ආරක්ෂණ නිලධාරියා අමතා මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ පෙර පිටපත් ලබා ගත හැකිය.

පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය විවිධ භාෂාවන්ට පරිවර්තනය වනු ඇති අතර, පිටපත් අතර කිසියම් විෂමතාවක් ඇති අවස්ථාවකදී ඉංග්‍රීසි පිටපත ඉදිරියට පවත්වා ගැනෙනු ඇත.

මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තයේ අන්තර්ගතයන් අප විසින් ඔබේ තොරතුරු භාවිත කරනු ලබන ආකාරය පිළිබඳව අදහස්, ප්‍රශ්න, විවේචන, හෝ පැමිණිලි ඔබට තිබේනම්, ඒ සම්බන්ධයෙන් සමාගමේ දත්ත ආරක්ෂණ නිලධාරියා (තොරතුරු ඉහතින් සපයා ඇත) අමතන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

වෙබ් අඩවියේ සපයා ඇති ද්‍රව්‍ය සහ අන්තර්ගතය ඔබගේ පුද්ගලික සහ වාණිජ නොවන භාවිතය සඳහා පමණි. කෙසේ වෙතත්, ප්‍රකාශිතව සපයා ඇති තැන්වල දත්ත ඔබට සුරැකිය හැකි අතර, ඔබ විසින්ම හෝ කිසිදු තෙවන පාර්ශ්වයක සහාය ඇතිව හෝ වෙනත් මාර්ගයකින් එවැනි ද්‍රව්‍ය හෝ අන්තර්ගතයන් බෙදා හැරීමට, පිටපත් කිරීමට, උපුටා ගැනීමට හෝ වාණිජමය වශයෙන් සූරාකෑමට ඉඩ නොලැබේ. වෙනත් ආකාරයකින් දක්වා ඇති පරිදි හැර, මෙම වෙබ් අඩවියේ ඇති සියලුම ද්‍රව්‍ය, වචන, තොරතුරු ඇතුළුව, නමුත් ඒවාට සීමා නොවී; පාරිභෝගික හෝ හවුල්කරු යොමු කිරීම්, දත්ත, රූප සහ පින්තූර, නිදර්ශන සහ මෙම වෙබ් අඩවියේ අඩංගු ලිඛිත සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රකාශන හිමිකම්, දත්ත සමුදා අයිතිවාසිකම්, වෙළඳ ලකුණු සහ / හෝ වෙනත් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් මගින් ආරක්ෂා කර ඇත. නැතහොත් අප හෝ අපගේ හවුල්කරුවන්, අනුබද්ධිතයන් හෝ සහකරුවන් විසින් ඔවුන්ගේ හිමිකරුවන්ගේ අවසරය ඇතිව භාවිතා කරනු ලැබේ. මෙම වෙබ් අඩවිය ප්‍රකාශන හිමිකම සහ අනෙකුත් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් මගින් ආරක්ෂා කර ඇත. සියලුම හිමිකම් ඇවිරිණි.

WWW සේවාදායකයන්ට අදාළව එවැනි ද්‍රව්‍ය ඉදිරිපත් කිරීම, ස්ථාපනය කිරීම, පිටපත් කිරීම, බෙදා හැරීම සහ භාවිතය වෙනත් කිසිදු පාර්ශ්වයක හිමිකාර හෝ නීතිමය අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන බවට WWW සේවාදායකයන්ට ද්‍රව්‍ය ඉදිරිපත් කරන සියලුම පාර්ශ්වයන් එකඟතාව පළ කරමින් වගකීමට බැ‍‍ඳී සිටියි.