ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් විසින් සුදුසුකම් සහිත රක්ෂණ ඔප්පු හිමියන් සඳහා, අද්විතීය අත්දැකීම් සහ අමතර වරප්‍රසාද ඔස්සේ වඩාත්ම වටින සැම දේ සැමදා රැකගනිමින් ජීවිතය ඉහළින්ම විඳිය හැකි ආකාරයට නව අරුතක් එක්කරන Union Assurance Platinum Circle හඳුන්වාදෙනු ලැබුවේ මහත් අභිමානයෙනි. ඒ වෙනුවෙන් වූ කැපවීම මත ගොඩනඟා ඇති Union Assurance Platinum Circle මඟින් සාම්ප්‍රදායික ජීවිත රක්ෂණ අත්දැකීමෙන් ඔබ්බට යමින් අරමුණක් සහිතව සැලසුම් කරන ලද රැකවරණ ප්‍රමිතිය, වැඩිදියුණු කරන ලද පහසුව, සහ ඇගයීම පිළිබඳ ඉහළ හැඟීමක් එකට ගොනුකරනු ලබයි.
සුදුසුකම්ලාභී රක්ෂණ ඔප්පු හිමියන් සඳහා Union Assurance Platinum Circle හි සුවිශේෂ ප්‍රතිලාභ ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වේ. රක්ෂණ ඔප්පු හිමියකුගේ ජීවන ගමන පුරාම වැදගත් අවස්ථා සැමරිය හැකි පරිදි සැලසුම් කර ඇති අනර්ඝ අත්දැකීම්, සන්ධිස්ථානමය මංසලකුණු ඇගයීම්, ඩිජිටල් සෞඛ්‍ය සේවාවන්, සහ ව්‍යාපාර පාර්ශ්වකරුවන් වෙනුවෙන් හිමි වන විවිධ ප්‍රතිලාභ යනාදිය මෙයට ඇතුළත්ය. ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී අවහිරතා රහිත පාරිභෝගික කළමනාකරණය පිරිනැමිය හැකි වන පරිදි අමතර පහසුව සඳහා ක්ෂේත්‍රයේ වඩාත්ම අංගසම්පූර්ණ ජීවිත රක්ෂණ යෙදවුම වන Clicklife App හරහාද මෙම වරප්‍රසාද ලබාගැනීමේ හැකියාව සලසා ඇත.
මෙම හඳුන්වාදීම පිළිබඳව, යූනියන් ඇෂුවරන්ස් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “කාලයක් පුරා රක්ෂණ ඔප්පුහිමියන් සමඟ අප පවත්වා ගන්නා සම්බන්ධතාව අඛණ්ඩව වර්ධනය කරගන්නා ආකාරය Union Assurance Platinum Circle මඟින් පිළිබිඹු වෙනවා. කෙනෙකුගේ ජීවිතය විවිධ අවධි ඔස්සේ ප්‍රගතිය ලබන විට, අපේ රක්ෂණ ඔප්පුහිමියන්ගේ එදිනෙදා ජීවිතවල ඵලදායීත්වය රඳවා ගත හැකි වන පරිදි ජීවිත රක්ෂණ සේවාව වැඩිදියුණු කරමින්, වඩාත් අර්ථවත් ආකාරවලින් ඔවුන් හා රැඳී සිටින්නට මෙම සුවිශේෂ අත්දැකීම් මඟින් අපට ඉඩ ලැබෙනවා. යූනියන් ඇෂුවරන්ස් කෙරෙහි ඇති විශ්වාසය පිළිගැනීමට සහ ඇගයීමට පාත්‍ර වන බව තහවුරු කරමින්, සමාගම දක්වන කැපවීම මෙමඟින් විදහා දැක්වෙනවා.”
තවදුරටත් අදහස් එක් කරමින්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රුමේෂ් මෝදරගේ කරුණු අවධාරණය කළේ මෙසේය: “මෙහෙයුම් විශිෂ්ටත්වය සහ පාරිභෝගික අත්දැකීම යූනියන් ඇෂුවරන්ස් වර්ධන උපායමාර්ගයේ කේන්ද්‍රීය සාධකයි. ජීවිත රක්ෂණ අත්දැකීම් ඉහළ නංවමින්, සැලකිලිමත්ව සිදුකරනු ලබන සැලසුම් කටයුතු සමඟ අවහිරතා රහිත ක්‍රියාත්මක කිරීම් කටයුතු සුසංයෝග කිරීමට අප දක්වන කැපවීම Union Assurance Platinum Circle මඟින් විදහා දැක්වෙනවා. සෞඛ්‍යය, ජීවන රටාව, ඩිජිටල් සේවාවන්, සහ ඇගයීම් ක්‍රම ආවරණය වන ආකාරයට එක් එක් අයට ගැළපෙන පරිදි සකසන ලද වරප්‍රසාද ඔස්සේ තමන්ට වඩාත්ම වටින සැම දේ සම්බන්ධයෙන් අර්ථවත් අත්දැකීම් සැලකිලිමත්ව තෝරාගැනීමට අපේ රක්ෂණ ඔප්පුහිමියන්ට මෙමඟින් හැකියාව ලැබෙනවා”
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 මාර්තු මාසය අවසාන වනවිට රු. බිලියන 40.6ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 96.2ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.
යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.