ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් අඛණ්ඩව 17 වැනි වරටත් සංවිධානය කරන ලද 2026 වසරේ ජීවිත රක්ෂණ උපදේශකවරුන් සඳහා වූ ජාතික සමුළුවේදී (NAFLIA) ජාතික මට්ටමේ ඇගයුම් ප්‍රණාම හතරක් හිමිකර ගනිමින්, විශිෂ්ටත්වය උදෙසා වන සිය කැපවීම යළිත් වරක් විදහා දක්වා ඇත. වෘත්තීය විශිෂ්ටත්වය ඇගයීම සඳහා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන ප්‍රධානතම වැඩසටහනක් ලෙස පිළිගැනෙන NAFLIA මඟින් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා විශිෂ්ට අලෙවි කාර්යසාධනය, පාරිභෝගික කේන්ද්‍රීයතාව, නවෝත්පාදනය සහ කැපවීම පළ කරමින් ඉහළම විශිෂ්ටතා දක්වන ජීවිත රක්ෂණ වෘත්තිකයින් ගෞරව ප්‍රණාමයට පාත්‍ර කරනු ලබයි.
යූනියන් ඇෂුවරන්ස් විසින් හිමිකර ගන්නා ලද ඇගයුම් සම්මාන මඟින් එහි හවුල්කාරිත්ව බෙදාහැරීම් අංශයේ ශක්තිය සහ ස්ථාවරත්වය යළි තහවුරු වන අතරම, ඉහළ කාර්යසාධන දක්ෂතා වැඩිදියුණු කිරීම සහ විශ්වසනීය බැංකු-රක්ෂණ සම්බන්ධතා ඔස්සේ පාරිභෝගිකයින්ට ජීවිත රක්ෂණ විසඳුම් වඩාත් පහසුවෙන් ලබාගැනීමේ හැකියාව සැලසීම කෙරෙහි සමාගම විසින් අඛණ්ඩව දක්වනු ලබන අවධානයද පිළිබිඹු වෙයි.
ජාතික මට්ටමේ, හොඳම බෑන්ක්ඇෂුවරන්ස් අලෙවි අධීක්ෂක / කණ්ඩායම් නායක කාණ්ඩයේ (Best Bancassurance Sales Supervisor / Team Leader Category) රන් සම්මානය NTB කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කලාප කළමනාකාර (Senior Zonal Manager – NTB Channel) චරිත් අබේවර්ධන වෙත පිරිනමනු ලැබුවේ ඔහුගේ නායකත්වය සහ බෑන්ක්ඇෂුවරන්ස් අංශය තුළ විශිෂ්ටත්වය ඉදිරියට පවත්වාගෙන යෑමට සැපයූ දායකත්වය ඇගයීමට ලක් කරමිනි.
යූනියන් ඇෂුවරන්ස් හි ජයග්‍රහණය වැඩිදුරටත් සවිමත් කරමින්, NTB කණ්ඩායමේ සහකාර සම්බන්ධතා කළමනාකාර (Associate Relationship Manager) කණිෂ්ක දේවසිංහ වෙත වේගවත් ආරම්භකයා කාණ්ඩයේ (Fast Starter Category) රිදී සම්මානය පිරිනමනු ලැබිණි. සමාගම නියෝජනය කරමින් ලෝකඩ සම්මාන ජයග්‍රාහකයින් දෙදෙනෙක්ද ඇගයීමට පාත්‍ර වූහ. NTB කණ්ඩායමේ කලාප කළමනාකාර ධර්මරාජසින්ගන් ගෝකුලරමනන් හොඳම බෑන්ක්ඇෂුවරන්ස් අලෙවි අධීක්ෂක / කණ්ඩායම් නායක කාණ්ඩයේ ලෝකඩ සම්මානයෙන් ඇගයුමට ලක් වූ අතර, NTB කණ්ඩායමේ සම්බන්ධතා කළමනාකාරිණී (Relationship Manager – NTB Channel) දිනේෂි ප්‍රනාන්දු හොඳම බෑන්ක්ඇෂුවරන්ස් අලෙවි නිලධාරී කාණ්ඩයේ (Best Bancassurance Sales Officer Category) ලෝකඩ සම්මානය හිමිකර ගත්තාය. යූනියන් ඇෂුවරන්ස් හි හවුල්කාරිත්ව බෙදාහැරීම් කණ්ඩායම තුළ ඇති දක්ෂතාවයේ ප්‍රබලත්වය සහ වඩාත්ම වටින සැම දේ සැමදා රැකගැනීමට ශ්‍රී ලාංකිකයින්ට සහාය වන අතරම අර්ථවත් පාරිභෝගික අත්දැකීම් පිරිනැමීමට එය සතුව පවතින හැකියාව මෙම සියලු ජයග්‍රහණ මඟින් පිළිබිඹු වෙයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන හවුල්කාරිත්ව බෙදාහැරීම් නිලධාරිණී වත්සලා අලුත්ගෙදර මෙසේ පැවසුවාය: “මේ සම්මාන අපගේ හවුල්කාරිත්ව බෙදාහැරීම් කණ්ඩායම තුළ අප විසින් අඛණ්ඩව පවත්වා ගනු ලබන වෘත්තීයභාවයේ ඉහළ ප්‍රමිතීන්, පාරිභෝගික-කේන්ද්‍රීයතාව, සහ උපදේශකාත්මක විශේෂඥතාව පිළිබඳ පිළිබිඹුවක්. පාරිභෝගිකයින් සහ අපගේ හවුල්කරුවන් වෙනුවෙන් තමන් විසින් නිර්මාණය කරනු ලබන වටිනාකම උදෙසා අපගේ සාමාජිකයින් ජාතික මට්ටමකින් ඇගයීමට පාත්‍ර වන ආකාරය දකින්නට ලැබීම ගැන අපි අතිශයින්ම ආඩම්බර වෙනවා.
මේ වෙනකොට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ සාර්ථකත්වය යනුවෙන් අදහස් වෙන්නේ අලෙවි කාර්යසාධනයෙන් ඔබ්බට ගිය තත්ත්වයක්. ඒ සඳහා වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා ගැන මනා අවබෝධයක්, සවිමත් සහ විශ්වසනීය හවුල්කාරිත්වයන් සහ පිළිගත් බැංකු-රක්ෂණ සම්බන්ධතා ඔස්සේ රැකවරණ විසඳුම් පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව සැලසීමේ හැකියාව අවශ්‍ය වෙනවා. NAFLIA 2026 උළෙලේදී අපට හිමි වූ ඇගයීම අපගේ කණ්ඩායම තුළ ඇති දක්ෂතාවය සහ ශ්‍රී ලංකාවේ මූල්‍යමය රැකවරණය හා සම්බන්ධ වටාපිටාව ශක්තිමත් කිරීම සඳහා ඔවුන් සපයන දායකත්වය යළි තහවුරු කරන්නක්. මේ විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් අපගේ ජයග්‍රාහකයින්ට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා. වෘත්තීය විශිෂ්ටත්වයේ සහ පාරිභෝගික සේවයේ මට්ටම අඛණ්ඩව ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ මේ ජයග්‍රහණ අපව තව තවත් දිරිගන්වන අතර, ඔවුන්ගේ අඛණ්ඩ සාර්ථකත්වය ඉදිරියේදීත් දැකගැනීමට හැකි වේවි යැයි මා බලාපොරොත්තු වෙනවා.”
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 800කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 ජූනි මාසය අවසාන වනවිට රු. බිලියන 43.1ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 102.1ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.
යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.