මෑතකාලීනව ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් ව්‍යාප්ත වූ නිසා එය රටේ මූලික සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. මීට පිළියමක් වශයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග එක්වී ඩෙංගු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නංවන ලදි.
මේ ආකාරයට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අමතරව, දරුවන්ගේ චර්යාවන් වෙනස් කිරීමේ වැදගත් කම අවධාරණය කෙරෙන වැඩසටහන් පෙළක් ද පාසල් තුළ ක්‍රියාවට නැංවිණි.
| වැඩසටහනේ නම | 2017 | 2018 | 2019 | |||
|---|---|---|---|---|---|---|
| වැඩසටහන් ගණන | ස්පර්ශ කළ ජීවිත ගණන | වැඩසටහන් ගණන | ස්පර්ශ කළ ජීවිත ගණන | වැඩසටහන් ගණන | ස්පර්ශ කළ ජීවිත ගණන | |
| ඩෙංගු ගෙයින් ගෙට පැමිණීම | 12 | 2110 නිවාස | 1 | 70 නිවාස | – | – |
| ව්‍යාපාරය ශ්‍රමදාන | 1 | – | 12 | 17,000 | 2 | 3300 |
| පත්‍රිකා බෙදා හැරීම | 39 | – | – | – | – | – |
ඩෙංගු නියමු ව්‍යාපෘතිය
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කරන ලද ඩෙංගු රෝග මර්දන නියමු ව්‍යාපෘතිය 2017 ජනවාරි 05 වනදා කිරුළපන සිද්ධාර්ථපුර නිවාස සංකීර්ණයේදී ආරම්භ වූ අතර එහි ප්‍රථම අදියර 2018 ජනවාරි 20 වන දින සාර්ථක ලෙස අවසන් විය. සමස්ත ව්‍යාපෘතිය ජූනි මාසයේදී අවසන් වූයේ ඩෙංගු රෝග මර්දනය සම්බන්ධයෙන් ඵලදායී පසුබිමක් සකස් කරමිනි.
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ දරුවන් තුළ චර්යාත්මක වෙනස්කම් ඇතිකරවීම මෙහි ඉලක්කය වී තිබිණි.