ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සුවිශේෂී නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් නව ලාංඡනයක් සහ තේමා පාඨයක් එළි දක්වයි.
දශක 3කට අධික විශ්වසනීය ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යුනියන් ඇෂුවරන්ස් පී එල් සී මෙරට රක්ෂණ වෙළෙඳපොල තුළ සුවිශේෂී නව අනන්‍යතාවක් එළි දැක්වීමට කටයුතු කොට ඇත. ඒ සඳහා නවතම ලාංඡනයක් සහ තේමා පාඨයක් නිර්මාණය කරමින් හා නව අර්ථකථනයන් සමගින් සිය ක‍්‍රමෝපායයන්ගේ නව දිශානතියක ආරම්භය සනිටුහන් කරනු ලැබුවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයට නවමු වෙනසක් මෙන්ම අලූත් වටිනාකමක් ද එක් කරමිනි. ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයකු වන යුනියන් ඇෂුවරන්ස්, සිය රක්ෂණ ඔප්පු හිමියන් සවිබල ගැන්වීම සඳහා වඩාත් නව්‍ය ජීවිත රක්ෂණ විසඳුම් ලබාදීම තුළින් වෙළෙඳපොල තුළ අතිමහත් කීර්තියක් අත්පත් කරගෙන ඇත. මෙම සාධනීය වර්ධනය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම හා පුලූල් කිරීම වෙනුවෙන් අලූතින් හ`දුන්වා දෙනු ලැබූ, ජීවන චක‍්‍රය පිළිබිඹු කරන නව ලාංඡුනය සහ ‘ඔබේ දිවියට -අපේ සවිය’ යන තේමා පාඨය යුනියන් ඇෂ්වරන්ස්හි නවතම මුහුණුවර ප‍්‍රකාශ කරනු ලබයි.
මෙම නව අනන්‍යතාව සමගින් යූනියන් ඇෂුවරන්ස්හි සේවක මඩුල්ලට නවතම දැක්මක් ලබාදෙන අතර, ගනුදෙනුකරුවන් සමග ඇති සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට නව මාවතක් හෙළිපෙහෙළි කරදෙනු ඇත. වෘත්තීය ක්ෂේත‍්‍රයේ නිපුණයින් සහ ශක්තිමත් ප‍්‍රාග්ධන මූලයක් සහිතව ලොව ප‍්‍රමුඛ පෙළේ ප්‍රති රක්ෂණ සමාගම් සමග ද අත්වැල් බැඳගෙන සිටින යූනියන් ඇෂුවරන්ස් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නව ගමන්මගක් සනිටුහන් කරමින්, අලුත් වන ජන සමාජයේ අවශ්‍යතාවන්ට සරිලන තරඟකාරී නිෂ්පාදන හා සේවා පරාසයක් පිරිනමනු ඇත.
මේ පිළිබ`ද අදහස් දැක්වූ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක‍්‍රිශාන් බාලේන්ද්‍ර මහතා ‘‘ක්ෂේත‍්‍රයේ විශ්වාසය දිනූ රක්ෂණ සමාගමක් ලෙස, ජනතාවගේ සහසකුත් සිතුම් පැතුම්වලට සරිලන සේවාවක් ලබාදීමට අප සතු කැපවීම තවත් ඉහළට ගෙනයාමේ අරමුණින් අද දවසේ මෙසේ නව අනන්‍යතාවක් හ`දුන්වා දීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා. නූතන ලෝකයේ පැනනගින අවශ්‍යතාවන්ට වඩාත් සමීප විසඳුම් නිර්මාණය කිරීමට කවදත් පෙරමුණ ගත් යුනියන් ඇෂුවරන්ස් තවත් පියවරක් ඉන් ඉදිරියට යමින්, නව අනන්‍යතාව සමග රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ අවශ්‍යතා හා ජීවන රටාවන් වඩාත් හොඳින් අවබෝධ කරගන්නා රක්‍ෂණ විසඳුම් සපයන්නෙකු ලෙස සේවයට කැපවනු ඇත’’ යනුවෙන් පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ යුනියන් ඇෂුවරන්ස් පී එල් සී හි ප‍්‍රධාන විධායක නිළධාරී ජූඞ් ගෝම්ස් මහතා ‘‘යුනියන් ඇෂුවරන්ස්හි නව අනන්‍යතාව හඳුන්වා දීම තුළින් ගනුදෙනුකරුවන්ගේ සිතුම් පැතුම්වලට ගැලපෙන අයුරින් අපගේ සේවාවන් වැඩිදියුණු කරන්නට අප සතු නම්‍යශීලීීත්වය හා කැපවීම පිළිබිඹු වන අතරම ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස්හි සවිබලය සමග යූනියන් ඇෂූවරන්ස් මෙතෙක් පවත්වාගත් ආ විශ්වාසය හා කීර්තිනාමය තවදුරටත් ඉදිරියට ගෙනයාමටත් අප ඒ හරහා බලාපොරොත්තු වනවා. 2020 වසරේදී හඳුන්වා දෙන මෙම නව අනන්‍යතා මුහුණුවර, වඩා යහපත් ජීවිතයක් සඳහා වන ශ‍්‍රී ලාංකිකයන්ගේ සිහින යථාර්ථයක් බවට පත් කිරීමට අපට ශක්තිය සපයනු ඇති. යුනියන් ඇෂ්වරන්ස්හි නව අභිප‍්‍රායන් ප‍්‍රධාන අංශ 3ක් මත රඳා පවතිනවා. එකිනෙකා අතර සබඳතාවන් සුරක්ෂිත කිරීම, සිත් තුළ දළුලන ප‍්‍රාර්ථනා හා අභිලාෂයන් සුරක්ෂිත කිරීම, හා දවසින් දවසට අලුත් වන ජීවන රටාවන් සුරක්ෂිත කිරීම එම අංශ ත‍්‍රිත්වයයිි. ජීවිතය මනාව සැලසුම් කරන්නේ නම් සුවිසල් සිහින දකින්නට හැකි බවත්, තම පදනම ශක්තිමත් නම් තමන්ගේ දරුවන්ට ඉහළටම යා හැකි බවත් සහ ධනාත්මකව සිතන්නේ නම් ඔවුන්ගේ ජීවිත පොහොසත් කළ හැකි බවත් අපගේ නව මෙහෙවර තුළින් මිනිසුන්ට ප‍්‍රදර්ශනය කරනු ලබනවා. අපේ නව ලාංඡුනයේ ඇති තැඹිලි වර්ණය උදෑසන හිරුගේ වර්ණයයි. ඒ තූළින් මිනිස් ජීව්තවලට නව සවියක් හා අරුතක් එක් කිරීම මෙන්ම අපගේ ගනුදෙනුකරුවන් හා අත්වැල් බැඳගනිමින් ඉදිරියටම යන අරමුණින් අප පා තැබූ නව ගමනේ ආරම්භයත්, සනිටුහන් කරනු ලබනවා.” යනුවෙන් සඳහන් කළේය.
ජෝන් කීල්ස් සමාගමෙහි යූනියන් ඇෂුවරන්ස් සමාගම පිළිබඳව
1987 දී ජාතික රක්‍ෂණ සංස්ථාවේ මූලධර්ම නියෝජිත වරුන් ලෙස සේවය කරමින් සිටි එයිට්කෙන් ස්පෙන්ස් සහ කේසන් කම්බර්මැච්, මර්කන්ටයිල් ක්‍රෙඩිට් සහ විටල් බෝස්ටෙඩ් විසින් යූනියන් ඇෂුවරන්ස් සමාගම පිහිටුවන ලදී. 2009 වසරේදී ජෝන් කීල්ස් හෝල්ඩිංස් පී.එල්.සී විසින් 81% ක කොටස් හිමිකාරිත්වයක් හිමි කරගනිමින් යූනියන් ඇෂුවරනස් හි හිමිකාරිත්වය ලබාගත් අතර අද වන විට රු බිලියන 18ක වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයක් සහ රු බිලියන 35ක ජීවිත රක්‍ෂණ අරමුදලක් සහිතව, නව දැක්මක් සමගින් රක්‍ෂණ ඔප්පු හිමියන් හට වඩ වඩාත් සමීපව නවමු මුහුණුවරකින් සේවය සැපයීමට සූදානමින් සිටී .
ශ්‍රී ලාංකික සිහින බල ගැන්වීම යන උදාර අරමුණ පෙර දැරිකරගත් යූනියන් ඇෂුවරන්ස් සමාගම විසින් ශ්‍රී ලාංකික සැමගේ රැකවරණය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජනය සහ විශ්‍රාම සැලසුම් අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා හොඳම විසඳුම්, සැලසුම් ලබා දීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරයි. දේශයේ වඩාත්ම සම්මානයට ගෞරවයට පාත්‍ර වූ රක්‍ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රය සම්බන්ධව ඇතිවන සියලුම තත්වයන් සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා සිදු කළ ආයෝජනයන් මෙන්ම රක්‍ෂණ ක්‍ෂේත්‍රය උදෙසා සිදු කළ සුවිසල් සේවය අති මහත් වූ බව සැබෑවක්.


