යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ නේෂන්ස් ට්රස්ට් බැංකුව සිය දීර්ඝ-කාලීන සුවිශේෂ බෑන්ක්ඇෂුවරන්ස් හවුල්කාරිත්වය අලුත් කරමින්, රට පුරා විසිරී සිටින පාරිභෝගිකයින්ට මූල්ය රැකවරණ විසඳුම් පහසුවෙන් ලබාගැනීමේ හැකියාව වඩාත් පුළුල් කරමින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ එම සහකාරත්ව සුසංයෝගය වැඩිදුරටත් ශක්තිමත් කරගෙන ඇත.
මෙම හවුල්කාරිත්වය අලුත් කිරීම මඟින් බැංකුකරණ පහසුව සමඟ ජීවිත රක්ෂණ රැකවරණය අවහිරතාවකින් තොරව ඒකාබද්ධ කරන පරිපූර්ණ මූල්ය විසඳුම් පිරිනැමීම සඳහා ආයතන දෙක විසින් දක්වනු ලබන සාමූහික කැපවීම පිළිබිඹු වෙයි. මෙම සහයෝගිතාව හරහා ගනුදෙනුකරුවන්ට දිනෙන් දින වෙනස් වන අභිලාෂයන් සහ ජීවන අරමුණු සඳහා සහාය වන අතරම ඔවුන්ගේ මූල්ය අනාගතය සුරක්ෂිත කරගැනීමට උපකාරී වීම සඳහා සැලසුම් කරන ලද විසඳුම් සමඟ පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව අඛණ්ඩව සැලසෙනු ඇත.
පසුගිය වසර ගණනාව පුරා පාරිභෝගික කේන්ද්රීයතාව, නවෝත්පාදනය, සහ සේවා විශිෂ්ටත්වය කෙරෙහි ඉහළ අවධානයක් සහිතව මෙම හවුල්කාරිත්වය ශ්රී ලංකාවේ ප්රමුඛතම බෑන්ක්ඇෂුවරන්ස් සහයෝගිතාවක් බවට විකාශනය වී ඇත. නේෂන්ස් ට්රස්ට් බැංකුවෙහි ශාඛා ජාලය, පුළුල්ව ව්යාප්ත වෙමින් පවතින ඩිජිටල් බැංකුකරණ පද්ධතිය සහ පාරිභෝගික ප්රවේශය ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුළ යූනියන් ඇෂුවරන්ස් සතු විශේෂඥතාව සමඟ සම්බන්ධ කිරීම මඟින් එක් එක් අයගේ අවශ්යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැකසූ අංගසම්පූර්ණ රැකවරණය, ඉතුරුම්, සහ ආයෝජන විසඳුම් ලබාගැනීමේ හැකියාව මෙම හවුල්කාරිත්වය හරහා පාරිභෝගිකයින් දහස් ගණනකට සලසා දී ඇත.
ආයතන දෙක අතර පවතින සම්බන්ධතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම හවුල්කාරිත්වය නැවත අලුත් කිරීම මඟින් ඉදිරි වර්ධන අදියර සඳහා අවශ්ය පදනමද ගොඩනැඟෙයි. ඩිජිටල් නවෝත්පාදනය, වඩාත් ශක්තිමත් කරන ලද උපදේශන හැකියාවන්, සහ ශ්රී ලාංකිකයින්ගේ වෙනස් වෙමින් පවතින මූල්ය සහ රැකවරණ අවශ්යතාවලට සරිලන පාරිභෝගික කේන්ද්රීය විසඳුම් හරහා පාරිභෝගිත අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීමට යූනියන් ඇෂුවරන්ස් සහ නේෂන්ස් ට්රස්ට් බැංකුව එක්ව අඛණ්ඩව කටයුතු කරනු ඇත.
මෙම හවුල්කාරිත්වය නැවත දීර්ඝ කිරීම පිළිබඳව අදහස් දක්වමින්, නේෂන්ස් ට්රස්ට් බැංකුවෙහි අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා මෙසේ පැවසීය: “යූනියන් ඇෂුවරන්ස් සමඟ අපගේ හවුල්කාරිත්වය දීර්ඝ කිරීම මඟින්, විශ්වසනීය ජීවිත රක්ෂකයෙකු ඔස්සේ පාරිභෝගිකයින්ට පුළුල් මූල්ය විසඳුම් ලබාදීමට අප දක්වන කැපවීම යළි තහවුරු වෙනවා. පාරිභෝගික අපේක්ෂාවන් නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින පසුබිමක ඒකාබද්ධ බැංකුකරණ සහ රැකවරණ විසඳුම්වල අවශ්යතාව වඩ වඩාත් වැදගත් වී තිබෙනවා. යූනියන් ඇෂුවරන්ස් සමඟ එක්ව, අපගේ බෑන්ක්ඇෂුවරන්ස් සේවා කටයුතු තවදුරටත් ඉහළ නැංවීමටත්, නව්යකරණයෙන් යුතු පාරිභෝගික කේන්ද්රීය විසඳුම් හරහා ඉහළ වටිනාකමක් පිරිනැමීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”
යූනියන් ඇෂුවරන්ස් හි අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා අදහස් පළ කරමින් මෙසේ පැවසීය: “නේෂන්ස් ට්රස්ට් බැංකුව සමඟ අපගේ හවුල්කාරිත්වය ගොඩනැඟී ඇත්තේ, මූල්ය රැකවරණ විසඳුම් අවහිරතාවකින් තොරව ලබාගැනීමේ හැකියාව සලසමින් පාරිභෝගිකයින්ට අර්ථවත් වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා වූ සාමූහික දැක්මක් මතයි. විශ්වාසවන්ත ආයතන දෙකක ශක්තිය ඒකාබද්ධ කිරීම මඟින් වසර ගණනාවක් පුරා මෙම සහයෝගිතාව හරහා නිරන්තරයෙන්ම ඉතා ඉහළ ප්රතිඵල පිරිනමා තිබෙනවා. අප මේ හවුල්කාරිත්වය අලුත් කරමින්, නවෝත්පාදනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමටත්, සම්බන්ධතා පහසුව පුළුල් කිරීමටත් පියවර ගන්නවා. ඒ හරහා තව තවත් ශ්රී ලාංකිකයින්ට තම අනාගත අරමුණු වෙත විශ්වාසයෙන් යුතුව ප්රගතියේ ගමන්මඟ ඔස්සේ ඉදිරියට ගමන් කරමින්, වඩාත්ම වටින සැම දේ සැමදා රැකගැනීමට සහාය වීමට අපි නිබඳව කැප වී සිටිනවා.”
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 800කට අධික ප්රමාණයක් සමඟ ක්රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 ජූනි මාසය අවසාන වනවිට රු. බිලියන 43.1ක වෙළෙඳපොළ ප්රාග්ධනකරණයක්, සහ රු. බිලියන 102.1ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්රී ලාංකිකයින්ගේ සෞඛ්ය, ආයෝජන, රැකවරණ, විශ්රාම, සහ අධ්යාපන අවශ්යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.
නේෂන්ස් ට්රස්ට් බැංකුව පුළුල් භෞතික හා ඩිජිටල් සේවා ජාලයක් හරහා පාරිභෝගික, වාණිජ හා ආයතනික බැංකුකරණ අංශවල ගනුදෙනුකරුවන්ට සේවය සපයයි. නව්ය බැංකුකරණ විසඳුම් සහ උසස් ඩිජිටල් හැකියාවන් තුළින් ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සඳහා බැංකුව අඛණ්ඩව අවධානය යොමු කරයි. ශ්රී ලංකාවේ American Express කාඩ්පත් නිකුත් කිරීම සහ ඒවා සඳහා එකම අත්පත්කරුවා (sole acquirer) ලෙස නේෂන්ස් ට්රස්ට් බැංකුව කටයුතු කරන අතර, ප්රමුඛ බැංකුකරණ සේවාවන්හි ඉදිරිපෙළ ස්ථානයක් තවදුරටත් පවත්වාගෙන යයි.
යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්රලාභී රක්ෂණ ආයතනයකි.