ශ්රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, යෞවන කටයුතු හා ක්රීඩා අමාත්යාංශය සහ ශ්රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සහයෝගිතාවයෙන් පවත්වන ලද Colombo Marathon 2026 වැඩසටහන සාර්ථකව නිමා කිරීම සඳහා සහාය ලබාදෙමින් සහභාගි වූ සැමට සමාගම සිය සුබ පැතුම් පිරිනමයි. ජාත්යන්තර මැරතන් සහ දුර ධාවන තරග සංගමය (Association of International Marathons and Distance Races / AIMS) විසින් පිළිගැනීමට පාත්ර කරන ලද මෙම මැරතන් වැඩසටහන ශ්රී ලංකාවේ මෙවැනි ඉසව්වක් සඳහා පළමු වරට හිමි වූ අවස්ථාවක් වන ලෝක මලල ක්රීඩා ගෝලීය දිනදර්ශනයට ඇතුළත් වීමේ වරම් හිමිකරගෙන ඇති අතර, එමඟින් එහි ජාත්යන්තර විශ්වසනීයත්වය සවිමත් කරන අතරම, කොළඹ නගරය ප්රමුඛතම ජාත්යන්තර මැරතන් ගමනාන්තයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා එය සතුව ඇති අභිලාෂය යළි තහවුරු කෙරිණි. මෙම ඉසව්ව ඉදිරිපත් කරමින්, ශ්රී ලංකාව ගෝලීය ධාවන ක්ෂේත්රය තුළ ස්ථිරසාර ලෙස ස්ථානගත කිරීම සඳහා වූ සන්ධිස්ථානමය මුලිපිරීමකට සහාය දැක්වීමට ලැබීම යූනියන් ඇෂුවරන්ස් ලද අභිමානයකි.
“Steps for Peace and Humanity” යන තේමාව යටතේ සැප්තැම්බර් 13 වැනිදා පවත්වන ලද Colombo Marathon 2026 වැඩසටහන මඟින් ශ්රී ලංකාවේ මාර්ග ධාවන තරගවල විකාශය හා සම්බන්ධ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කෙරිණි. ජාත්යන්තර ධාවන තරග නිලධාරීන් විසින් නිල වශයෙන් කාලය මැනීමේ කටයුතු සිදු කරන ලද මෙම ඉසව්ව මෙරට එවැන්නක් සිදු වූ ප්රථම අවස්ථාව වූ අතර, එමඟින් ගෝලීය වශයෙන් පිළිගත් ධාවන තරග ප්රමිතීන්ට අනුකූලව එහි පෙළගැස්ම ඉහළ නැංවිණි. දේශීය සහ ජාත්යන්තර තරගතරුවන් 5,000 කට අධික පිරිසකගේ සහභාගිත්වය සහිතව සියලුම වයස්වල සහ යෝග්යතා මටට්මවල ධාවකයින් සඳහා සම්පූර්ණ මැරතන්, අර්ධ මැරතන්, කිලෝමීටර 10, කිලෝමීටර 5 විනෝද ධාවනය සහ ළමුන් සඳහා කුඩා ධාවනය යන කාණ්ඩ පහක් ඔස්සේ මෙම මැරතන් තරගය පැවැත්විණි.
මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මෙසේ පැවසීය: “Colombo Marathon 2026 තරගය ඉදිරිපත් කරමින් මෙවැනි පරිමාණයක් සහ පිළිගැනීමක් සහිත ඉසව්වකට සහාය ලබාදීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. ජාත්යන්තර මට්ටමේ මැරතන් තරගයක් සාර්ථකව පැවැත්වීම ලංකාවේ ක්රීඩා ක්ෂේත්රයට සහ කොළඹ නගරය පිළිගත් මැරතන් ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා වන අපේක්ෂාවන්ට අදාළ වැදගත් සන්ධිස්ථානයක්. ක්රීඩා හා සම්බන්ධ වැදගත්කමට අමතර වශයෙන්, ජාත්යන්තර පිළිගැනීමක් සහිත ලෝක මට්ටමේ ඉසව් පැවැත්වීමට ශ්රී ලංකාවට ඇති හැකියාව මේ මැරතන් තරගය මඟින් විදහා දැක්වෙනවා.”
වැඩිදුරටත් අදහස් පළ කරමින්, “යූනියන් ඇෂුවරන්ස් සුවමඟ හරහා සෞඛ්ය සම්පන්න ජීවන රටාවන් ප්රවර්ධනය කිරීමට සහ අද වනවිට ශ්රී ලාංකිකයින්ට බලපෑම් එල්ල කරන වඩාත් සුලබ බෝ නොවන රෝග අතරින් එකක් වන දියවැඩියාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට අපි කැප වී සිටිනවා. එයට අදාළව කොළඹ මැරතන් තරගය ඉදිරිපත් කිරීම සම්බන්ධ අපගේ කාර්යභාරයද ඉතා වැදගත් වන අතර, එමඟින් සෞඛ්ය සම්පන්න චර්යාවන් සහ ක්රියාශීලී ජීවිතයක් වෙත යොමුවීමේ වැදගත්කම පිළිබඳ අපගේ විශ්වාසය පිළිබිඹු වෙනවා. සහභාගි වූ සියලු දෙනාගේ කැපවීම සහ අධිෂ්ඨානය අප අගය කරන අතර, මේ සුවිශේෂ ඉසව්ව සාර්ථක කරගැනීමට සාමූහිකව කටයුතු කළ සංවිධායකයින්, හවුල්කරුවන් සහ ස්වේච්ඡා සේවකයින් ඇතුළු සියලුදෙනාට අපගේ කෘතවේදීත්වය පිරිනමනවා.” යැයිද ඔහු සඳහන් කළේය.
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 800කට අධික ප්රමාණයක් සමඟ ක්රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 ජූනි මාසය අවසාන වනවිට රු. බිලියන 43.1ක වෙළෙඳපොළ ප්රාග්ධනකරණයක්, සහ රු. බිලියන 102.1ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්රී ලාංකිකයින්ගේ සෞඛ්ය, ආයෝජන, රැකවරණ, විශ්රාම, සහ අධ්යාපන අවශ්යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.
යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්රලාභී රක්ෂණ ආයතනයකි.