ශ්රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, සිය නියෝජිතායතන බෙදාහැරීම් නාලිකාව තුළ නායකත්ව හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා සැලසුම් කළ ව්යුහගත නායකත්ව සංවර්ධන වැඩසටහනක් වන යූනියන් ඇෂුවරන්ස් නියෝජෝතයනත කළමනාකරණ සංවර්ධ වැඩසටහන දියත් කිරීම සඳහා ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ හවුල් වී ඇත.
ශ්රී ලංකාවේ ජාතික අලෙවිකරණ ආයතනය වන ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), ගුණාත්මක අධ්යාපනය, වෘත්තීය සුදුසුකම්, නායකත්ව සංවර්ධනය සහ අධ්යනය මඟින් අලෙවිකරණ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය ප්රවර්ධනය කරමින්, වෘත්තිකයන් හා සංවිධානවලට ව්යාපාරික වර්ධනය ප්රවර්ධනය කිරීමට සහ ජාතික ආර්ථික සමෘද්ධියට දායක වීමට හැකියාව ලබා දෙයි.
මෙම හවුල්කාරිත්වය මෑතකදී අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීමත් සමඟ නිල වශයෙන් ස්ථාපිත වූ අතර, අනාගතයට සූදානම් නායකයින් බිහිකිරීම සහ ඉහළ කාර්යසාධනයක් සහිත විකුණුම් බලකායක් සංවර්ධනය කිරීම වෙනුවෙන් යූනියන් ඇෂුවරන්ස් දක්වන අඛණ්ඩ කැපවීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
විශේෂයෙන්ම නියෝජිතායතන කළමනාකරණ කණ්ඩායම සඳහා සංවර්ධනය කරන ලද මෙම වැඩසටහන, වෙනස්වන ව්යාපාරික පරිසරයක් තුළ සාර්ථකව කටයුතු කිරීම සඳහා අවශ්ය වන වැදගත් නායකත්ව හැකියාවන්ගෙන් සහභාගිවන්නන් සන්නද්ධ කිරීම අරමුණු කරයි. වැඩසටහන් අන්තර්ගතය නායකත්වය සහ සංස්කෘතික ගොඩනැගීම, තත්ත්වානුරූප නායකත්වය, ඉහළ කාර්යසාධනයක් සහිත කණ්ඩායම් ගොඩනැගීම, තීරණ ගැනීම හා ගැටලු විසඳීම, සහ නායකයින් සඳහා ව්යාපාරික මූල්ය කළමනාකරණය යන ප්රධාන ක්ෂේත්ර ආවරණය කරයි.
මෙම සහයෝගීත්වය හරහා, SLIM සමඟ එක්ව ලබාදෙන ක්ෂේත්රයේ පිළිගත් ඉගෙනුම් අත්දැකීම්වලින් සහභාගිවන්නන් ප්රතිලාභ ලබන අතර, එමඟින් තම නායකත්ව කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් කරමින් තම තමන්ගේ කණ්ඩායම් තුළ තිරසාර ව්යාපාරික වර්ධනය සහ කාර්ය සාධනය ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් යූනියන් ඇෂුවරන්ස්හි ප්රධාන නියෝජිතායතන නිලධාරී ඉම්තියාස් අනීෆ් මෙසේ පැවසීය, “යූනියන් අෂුවරන්ස්හි අප විශ්වාස කරන්නේ ශක්තිමත් නායකත්වය යනු ප්රත්යස්ථ, ඉහළ කාර්යසාධනයක් සහිත සංවිධානයක් ගොඩනැගීමේ මූලික පදනම බවයි. අපගේ නියෝජිතායතන බෙදාහැරීම් නාලිකාව දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත වටිනාකම් රැගෙන යාමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එම සාර්ථකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අපගේ නායකයින් සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීම අත්යවශ්ය වේ. SLIM සමඟ ඇති මෙම හවුල්කාරිත්වය තුළින්, අපගේ නියෝජිතායතන නායකයින්ගේ හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමට, ඔවුන්ගේ දැක්ම පුළුල් කිරීමට සහ ඉහළ කාර්යසාධනයක් සහිත කණ්ඩායම් මෙහෙයවීමට, තිරසාර වර්ධනය ළඟා කර ගැනීමට සහ වඩ වඩාත් ගතික පරිසරයක් තුළ, අපගේ සියලුම පාර්ශවකරුවන්ගේ ප්රගතිය උදෙසා රැකවරණය සැලසීමේ අපගේ පොරොන්දුව ඉටු කිරීමට අවශ්ය කුසලතා වර්ධනය කිරීමට අපි ඔවුන් සවිබල ගන්වන්නෙමු.”
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) හි ප්රධාන විධායක නිලධාරී චමිල් වික්රමසිංහ අදහස් දක්වමින් මෙසේ පැවසීය, “ශ්රී ලංකාවේ ජාතික අලෙවිකරණ ආයතනය ලෙස, අනාගතයට සූදානම් නායකයින් බිහිකිරීමට සහ විවිධ කර්මාන්ත ක්ෂේත්ර තුළ වෘත්තීය හැකියාවන් ශක්තිමත් කිරීමට SLIM කැපවී සිටී. යූනියන් අෂුවරන්ස් සමඟ ඇති මෙම හවුල්කාරිත්වය, අඛණ්ඩ ඉගෙනීම, නායකත්ව විශිෂ්ටත්වය සහ වෘත්තීය වර්ධනය සඳහා වන දෙපාර්ශවයේම පොදු කැපවීම පිළිබිඹු කරයි. මෙවැනි වැඩසටහන් හරහා, වෙනස්කම් වැළඳ ගැනීමට, නව්යකරණය ඉදිරියට ගෙන යාමට, සංවිධාන කාර්යසාධනය ඉහළ නැංවීමට සහ තිරසාර ව්යාපාරික වර්ධනයකට මෙන්ම ජාතික ආර්ථික සමෘද්ධියට දායක වීමට අවශ්ය දැනුම, කුසලතා සහ උපායමාර්ගික චින්තනය වෘත්තිකයින්ට ලබාදීම අපගේ අරමුණයි.”
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 800කට අධික ප්රමාණයක් සමඟ ක්රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 ජූනි මාසය අවසාන වනවිට රු. බිලියන 43.1ක වෙළෙඳපොළ ප්රාග්ධනකරණයක්, සහ රු. බිලියන 102.1ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්රී ලාංකිකයින්ගේ සෞඛ්ය, ආයෝජන, රැකවරණ, විශ්රාම, සහ අධ්යාපන අවශ්යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.
යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්රලාභී රක්ෂණ ආයතනයකි.