ශ්රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් විසින්, 2026 වසරේ ප්රථම අර්ධය තුළ සුවිශේෂ දක්ෂතා දැක්වූ ඉහළම විශිෂ්ටයින් ගෞරව ප්රණාමයට පාත්ර කරමින්, පසුගියදා පැවැති මධ්ය-වාර්ෂික සම්මාන හා ඇගයුම් උළෙලේදී සිය නියෝජිතායතන බලකාය විසින් හිමිකර ගත් ජයග්රහණ සමරනු ලැබිණි. දිවයින පුරා විසිරී සිටින ජයග්රාහී උපදේශකයින් සහ නායකයින් 150ක පමණ පිරිසකගේ සහභාගිත්වය සහිතව පවත්වන ලද මෙම උළෙලේදී වඩාත්ම වටිනා සැම දේ සැමදා රැකගැනීම සඳහා ශ්රී ලාංකිකයින්ට සහාය වීම සඳහා පාරිභෝගික සේවාව, ව්යාපාර වර්ධනය, නායකත්වය, සහ කැපවීම යන අංශවලින් විශිෂ්ටත්වය පළ කළ පුද්ගලයින් සහ කණ්ඩායම් ඇගයීමට ලක් කෙරිණි.
‘Half Time – Full Force’ යන තේමාව යටතේ පැවැති මෙම උළෙල මඟින් වසරේ මැද භාගය කෙරෙහි අවධානය යොමු කරන අතරම, ඉදිරි මාස තුළ වඩාත් ඉහළ කාර්යසාධනයක් ළඟාකර ගැනීම සඳහා අවශ්ය පසුබිම සකස් කරනු ලැබිණි. සමාගමෙහි වර්ධනයට නිරන්තරව දායක වෙමින්, රට පුරා විසිරී සිටින පාරිභෝගිකයින්ට අර්ථවත් රැකවරණ විසඳුම් පිරිනැමීමට කටයුතු කරන යූනියන් ඇෂුවරන්ස් හි නියෝජිතායතන බලකායේ කැපවීම සහ ස්ථාවරත්වය ඇගයීමට ලක් කරන ලද අවස්ථාවක් ලෙසද මෙය වැදගත් විය.
මෙම උළෙලේදී ප්රාදේශික, කලාප, සහ පොකුරු සිය විශිෂ්ට ජයග්රහණ වෙනුවෙන් ඇගයීමට ලක් කෙරිණි. පිටකොටුව ප්රාදේශිකය හොඳම විශාල ප්රාදේශිකය ලෙසද, මාතර 02 ප්රාදේශිකය හොඳම මධ්යම ප්රමාණයේ ප්රාදේශිකය ලෙසද පිළිගැනීමට පාත්ර විය. උතුරු 01 කලාපය හොඳම කලාපය ලෙස නම් කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර හොඳම පොකුර සඳහා වන සම්මානය හිමිකර ගත්තේය.
ජාතික නව ව්යාපාර ශූරතා කාණ්ඩය යටතේ මෙරට ඉහළම කාර්යසාධනය සහිත නව ව්යාපාර උත්පාදකයින්ද මෙම උළෙලේදී ඇගයුමට ලක් කෙරිණි. එහිදී චානක අප්පුහාමි ජයග්රාහකයා ලෙස කිරුළු පැළැඳි අතර, අදාළ කාලපරිච්ඡේදය තුළ දැක්වූ විශිෂ්ට දායකත්වයන් වෙනුවෙන් තිනේෂ් ඩේවිඩ් බාස්කරන් සහ උදාන් සිල්වා පිළිවෙළින් ප්රථම සහ දෙවන අනුශූරයින් ලෙස ඇගයීමට පාත්ර වූහ.
ඉහළම විශිෂ්ටතා පළ කළ පිරිසට සුබ පතමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්රධාන නියෝජිතායතන නිලධාරී ඉම්තියාස් අනීෆ් මෙසේ පැවසීය: “යූනියන් ඇෂුවරන්ස් හි සාර්ථකත්වය වෙනුවෙන් අපගේ නියෝජිතායතන බලකාය අඛණ්ඩව වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අද දින පිර්නමන ලද ඇගයීම් මඟින් අප ලැබූ සුවිශේෂ ප්රතිඵල වගේම, රට පුරා විසිරී සිටින අපගේ උපදේශකයින් සහ නායකයින් විසින් දක්වන ලද කැපවීම, වෘත්තීයභාවය, සහ පාරිභෝගික අවධානය යනාදියත් සමරනු ලබනවා. වසරේ මුල් භාගයේදී අත්පත් කර ගත් ශක්තිමත් කාර්යසාධනය, නව ජවයකින් සහ අධිෂ්ධානයෙන් ඉදිරියට යෑම සඳහා අපට සවිමත් පදනමක් සපයනවා. අපගේ සියලුම ජයග්රාහකයින්ට සුබ පතන අතරම, අපගේ සාමූහික සාර්ථකත්වයට දායක වූ නියෝජිතායතන බලකායේ සෑම සාමාජිකයෙකුටම මාගේ ස්තූතිය පළ කරනවා.
මෙරට විශාලතම සහ ඉහළම සාර්ථකත්වයක් හිමිකර ගත් නියෝජිතායතන ජාලයක් වශයෙන්, ඇගයුමට පාත්ර වන වෘත්තීය ජීවිත ගොඩනඟා ගැනීමටත්, විශිෂ්ට පාරිභෝගික අත්දැකීම් පිරිනැමීමටත්, අපගේ සේවය ලබන ප්රජාවන් වෙනුවෙන් කල් පවතින වටිනාකමක් නිර්මාණය කිරීමටත් අවශ්ය වන පුහුණුව, සම්පත්, සහ අවස්ථා ලබාදෙමින් අපගේ සේවා බලකාය සවිබල ගැන්වීමට අපි නිබඳව කැප වී සිටිනවා.”
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 800කට අධික ප්රමාණයක් සමඟ ක්රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 ජූනි මාසය අවසාන වනවිට රු. බිලියන 43.1ක වෙළෙඳපොළ ප්රාග්ධනකරණයක්, සහ රු. බිලියන 102.1ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්රී ලාංකිකයින්ගේ සෞඛ්ය, ආයෝජන, රැකවරණ, විශ්රාම, සහ අධ්යාපන අවශ්යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.
යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්රලාභී රක්ෂණ ආයතනයකි.