ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, Cinnamon Life හිදී පැවැති 2025 වසරේ හවුල්කාරිත්ව බෙදාහැරීම් වාර්ෂික සම්මාන උළෙලේදී සිය හවුල්කාරිත්ව බෙදාහැරීම් අංශයේ විශිෂ්ට ජයග්‍රහණ සැමරීය. ‘Record Breakers: The Power of Performance’ යන තේමාව යටතේ පැවැති මෙම උළෙල මඟින්, 2025 වසර පුරා ව්‍යාපාර වර්ධනය ඉදිරියට ගෙනයෑම සහ පාරිභෝගිකයින්ට ඉහළ වටිනාකමක් පිරිනැමීම සම්බන්ධයෙන් අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකළ විශිෂ්ටතමයින් ඇගයීමට ලක් කෙරිණි.

මෙම අවස්ථාවට රක්ෂණ සබඳතා නිලධාරීන් (IROs)” ප්‍රාදේශීය කළමනාකරුවන්, කලාප කළමනාකරුවන්, ආයතනික ගිණුම් කළමනාකරුවන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, සහ සහායක කණ්ඩායම් ඇතුළු එම අංශයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ. හවුල්කාරිත්ව බෙදාහැරීම් අංශය සඳහා සවිමත් වර්ධනයක් සහිත වසරක් වෙනුවෙන් කැපවීම, ස්ථාවරත්වය, සහ ප්‍රතිඵල හරහා දායක වූ පිරිස අගයමින් විවිධ කාර්යසාධන කාණ්ඩ යටතේ සමස්ත වශයෙන් සම්මාන 150ක් මෙහිදී පිරිනමනු ලැබිණි. මෙම ජයග්‍රහණ මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රබලතම බැංකු රක්ෂණ (Bancassurance) සේවා සපයන්නකු ලෙස හවුල්කාරිත්ව බෙදාහැරීම් අංශය විසින් හිමිකරගෙන සිටින පිළිගැනීම තවදුරටත් තහවුරු කෙරිණි.

වසර පුරා දැක්වූ විශිෂ්ට කාර්යසාධනය සහ දායකත්වය අගයමින්, නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් හවුල්කාරිත්ව බෙදාහැරීම් අංශයේ දිනේෂි ප්‍රනාන්දු වෙත සම්භාවනීය Champion of Champions 2025 සම්මානය පිරිනැමීම මෙම උළෙලේ සුවිශේෂතම අවස්ථාවක් විය. එසේම, මෙහිදී ප්‍රධාන කාණ්ඩ යටතේ ඉහළම කාර්යසාධනය පළ කළ නායකයින් ද ඇගයීමට ලක් කෙරුණු අතර, නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් කණ්ඩායමේ චරිත් අබේවර්ධන Best Zonal Manager – Channel 01 ලෙසද, සම්පත් බැංකු කණ්ඩායමේ හර්ෂණ ප්‍රනාන්දු Best Zonal Manager – Channel 02 ලෙසද සම්මාන ලැබූහ. ප්‍රාදේශීය කළමනාකාර කාණ්ඩ යටතේ නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් කණ්ඩායමේ චමෝද් නාකන්දල සහ සෙලාන් බැංකු කණ්ඩායමේ ජනිත් වික්‍රමසිංහ Best Regional Managers – Channel 01 ලෙසද, සම්පත් බැංකු කණ්ඩායමේ ඉමල් පතිරාජ සහ චානක දුමින්ද Best Regional Managers – Channel 02 ලෙසද ඇගයීමට පාත්‍ර වූහ.

රැස්ව සිටි පිරිස අමතමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන හවුල්කාරිත්ව බෙදාහැරීම් නිලධාරිනී වත්සලා අලුත්ගෙදර මෙසේ අදහස් පළ කළාය: “අද අප සමරන ජයග්‍රහණ ව්‍යාපාර කාර්යසාධනයෙන් ඔබ්බට විහිද යනවා. ආරක්ෂාව සහ මූල්‍ය සුරක්ෂිතතාව වඩාත් පහසුවෙන් හිමිකර ගත හැකි වන සහ පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට අදාළ වන ආකාරයට සකස් කරමින් සවිමත් හවුල්කාරිත්වයන් ඔස්සේ ජීවිත රක්ෂණයේ පරාසය වඩාත් පුළුල් කිරීමට අපට ඇති හැකියාව ඒවායෙන් පිළිබිඹු වෙනවා. අපගේ හවුල්කාරිත්ව බෙදාහැරීම් අංශයේ ශක්තිය ගොඩනැගෙන්නේ අපගේ හවුල්කරුවන් සමඟ අප පවත්වා ගන්නා විශ්වසනීය සම්බන්ධතා සහ පාරිභෝගිකයින් වෙනුවෙන් අර්ථවත් වටිනාකම් නිර්මාණය කරමින්, වඩාත්ම වටින සැම දේ සැමදා රැක ගැනීමට ඔවුන්ට සඳහා අඛණ්ඩව කටයුතු කරන අප කණ්ඩායමේ කැපවීම මතයි. අද සන්ධ්‍යාවේ පිරිනමන ලද ඇගයීම් මඟින් ඔවුන්ගේ වෘත්තීයභාවය, පාරිභෝගික කේන්ද්‍රීයතාව, සහ විශිෂ්ටත්වය හඹා යෑමේ ගුණාංගය යළි සහතික කෙරෙනවා. අපගේ සම්මානලාභීන් අභිමානයෙන් යුතුව අගයන අතරම, වඩාත්ම වටින සැම දේ සැමදා රැකගැනීම සඳහා වූ තවත් වසරක් සඳහා ලබාදෙන සිය දායකත්වය වෙනුවෙන් සමස්ත හවුල්කාරිත්ව බෙදාහැරීම් කණ්ඩායමට ස්තූතිය පුදකර සිටිනවා.”

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 800කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 ජූනි මාසය අවසාන වනවිට රු. බිලියන 43.1ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 102.1ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.

Share on