යූනියන් ඇෂුවරන්ස්
සුවමඟ ඵලදායිත්ව වාර්තාව - 2025
යූනියන් ඇෂුවරන්ස් හි අපගේ සන්නාම දැක්ම වන ‘රැකවරණයෙන් සවිබල ගැන්වෙන මානව ප්‍රගතිය’ යනු හුදු ප්‍රකාශයක් පමණක්ම නොවේ. එය, ව්‍යාපාර කටයුතුවලින් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ ජනතාවට සේවය කිරීම සඳහා අප දක්වන නොසැලෙන කැපවීම විදහා දක්වන පිළිබිඹුවකි. එය, සිය සුවිශේෂ ප්‍රගතියේ ගමන්මඟ ඔස්සේ ඉදිරියට යන සෑම අයෙකු සමඟ නිබඳ රැඳෙමින්, ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල ආදරණීයයන්ටත් දීප්තිමත් අනාගතයක් වෙත පියවර නැඟීම සඳහා ඔවුන් සවිබල ගැන්වීම උදෙසා දෙනු ලබන ප්‍රතිඥාවකි.
යූනියන් ඇෂුවරන්ස් සුවමඟ බිහි වූයේ එම සාර සංකල්ප ඔස්සේමය. යූනියන් ඇෂුවරන්ස් සුවමඟ යනු, ශ්‍රී ලංකාවේ දියවැඩියාව ඉහළ යෑමේ තත්ත්වය සම්බන්ධයෙන් කල්තියා නිසි පියවර ගැනීම මඟින් ප්‍රජා යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා කැප වූ අපගේ ප්‍රධානතම ප්‍රජා සත්කාර වැඩසටහනය. මෙම වැඩසටහන ගොඩ නැඟෙන්නේ දියවැඩියාව සහ එහි අවදානම් තත්ත්වයන් පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, අධ්‍යාපනය සහ සහභාගිත්ව ක්‍රියාකාරකම් ඔස්සේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටා ප්‍රවර්ධනය කිරීම, කල්තියා රෝග හඳුනාගැනීම සහ අවදානම් කළමනාකරණය සඳහා සහාය වීම මෙන්ම, ප්‍රජා සහභාගිත්වය ඉහළ නැංවීම යන උපායමාර්ගික පදනම් මාර්ග හතරක් ඔස්සේය.
යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ඵලදායිත්ව වාර්තාව 2025 (Union Assurance Suwamaga Impact Report 2025) යනු මේ අර්ථවත් ගමන පිළිබඳ සැමරුමකි. එහි පිටු අතර යූනියන් ඇෂුවරන්ස් සුවමඟ පිළිබඳ කතා පුවත, එහි ආරම්භය, විකාශය, සහ එමඟින් අඛණ්ඩව වෙනස් කරන ජීවිත ගැන තොරතුරු ඔබට හමු වනු ඇත. අපව මෙන්ම, දසලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් වෙත යහපත් ආකාරයේ බලපෑමක් ඇති කරමින්, සෑම දිනෙකම අප නිර්මාණය කරන්නට වෙර දරන ප්‍රගතියද ඉදිරියට රැගෙන යන සන්නාම දැක්ම පිළිබඳ වැදගත් මතක ආවර්ජනයක් එයින් සිදුකෙරෙයි.
මෙම තොරතුරු කෙරෙහි අවධානය යොමුකරමින්, සාමූහිකව ක්‍රියාත්මක වීම සඳහා තීරණාත්මක පියවර ගැනීමට මහජනතාව, ප්‍රතිපත්ති සකසන්නන් සහ ආයතන ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ට අපි ආරාධනා කර සිටිමු. දියවැඩියාව ජාතික මට්ටමෙන් ජයගැනීම සඳහා රෝග වැළැක්වීම සඳහා වන උපායමාර්ග සවිමත් කිරීම සහ පුළුල් දැනුවත්භාවයක් ගොඩ නඟන නව වැඩසටහන් ඉදිරියට රැගෙන යෑම යනාදිය මෙයට ඇතුළත්ය. අප සැමට එකට එක්ව, සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වඩාත් සුවැති අනාගතයක් නිර්මාණය කළ හැකිය.