ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මක පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකා දියවැඩියා සංගමය (DASL) සමඟ එක්ව නොවැම්බර් 14 වන දින සංකේතාත්මක නෙළුම් කුළුණ නිල් වර්ණයෙන් ආලෝකමත් කරමින් ලෝක දියවැඩියා දින ජාතික සැමරුමට එක්විය. මෙම සංකේතාත්මක ආලෝකකරණය, දියවැඩියාව පිළිබඳ දැනුවත්භාවයේ වැදගත්කම මෙන්ම රට මුහුණ දී සිටින ප්‍රධානතම සෞඛ්‍ය අභියෝගයක් වන දියවැඩියා තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය සාමූහික ප්‍රයත්නය සිහිපත් කරමින් ප්‍රබල පණිවිඩයක් ගෙන ආවේය. මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මුදිත හංසක විජේමුණි, ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සභාපති වෛද්‍ය මනිල්ක සුමනතිලක ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ යූනියන් ඇෂුවරන්ස් කළමනාකාරීත්වයේ සාමාජිකයින් සහභාගී වූහ.

මූල්‍ය ආරක්ෂාවෙන් ඔබ්බට ගිය දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ජාතියේ ප්‍රගතියට බලපාන සමාජීය අභියෝගවලට මුහුණ දීම සඳහා යූනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව කැපවී සිටියි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දියවැඩියා සංගමය සමඟ එක්ව ක්‍රියාත්මක කරන සමාගමේ ප්‍රමුඛතම ආයතනික සමාජ සත්කාරක වැඩසටහන වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ හරහා, ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින දියවැඩියා අර්බුදයට එරෙහිව කටයුතු කිරීම සමාගමේ අරමුණ වේ.

නිල් වර්ණයෙන් ආලෝකමත් වූ මෙම සුවිශේෂී සංකේතය, දියවැඩියාව සමඟ ජීවත් වන සියලු දෙනා සමඟ ඇති සහයෝගීතාවයේ සංකේතයක් ලෙසින් මෙන්ම මෙවර ලෝක දියවැඩියා දින තේමාව වන “දියවැඩියාව සම්බන්ධයෙන් කාලෝචිතව ක්‍රියාත්මක වීම” (Early Action on Diabetes) අවධාරණය කරමින් ද කැපී පෙනුණි. මෙම තේමාව සහ යූනියන් ඇෂුවරන්ස් සුවමඟ වැඩසටහනේ අරමුණු අතර පවතින සම්බන්ධතාවය, ප්‍රජාවන් තුළ දියවැඩියා කළමනාකරණය සඳහා කාලෝචිත සහයෝගය ලබාදීමේදී වැඩසටහනේ ඇති වැදගත්කම තවදුරටත් තහවුරු කරයි. තිරසාර, පුළුල් කළ හැකි සහ සැබෑ බලපෑමක් ඇති කරන මැදිහත්වීම් හරහා, මෙම වැඩසටහන දියවැඩියාවට එරෙහි ජාතික හා ගෝලීය ප්‍රයත්නයන් සඳහා දායක වෙමින් ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන්ගේ ප්‍රගතිය සුරක්ෂිත කිරීමට කටයුතු කරයි.

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 800කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 40.1ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 106.5ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රගතියේ රැකවරණය සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.