යූනියන් ඇෂුවරන්ස් යනු සියලු ශ්‍රී ලාංකිකයින්ගේ මූල්‍ය, මානසික, සහ කායික යහපැවැත්ම ඉහළ නංවන නවෝත්පාදක විසඳුම් ඔස්සේ ප්‍රගතිය සවිබල ගැන්වීමට කැප වූ, ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික ජීවිත රක්ෂන සමාගමයි.
රැකවරණයෙන් සවිබල ගැන්වෙන මානව ප්‍රගතියක් යූනියන් ඇෂුවරන්ස් හි අපගේ දැක්ම වන්නේ එකිනෙකාට සුවිශේෂී වූ දිවි ගමනේ ප්‍රගතිය සවිබල ගැන්වීමයි. ජීවිත රක්ෂණය සැමට ළඟාකරමින්, ජීවිතයේ සියලු සිහින හඹා යන්නට අවශ්‍ය දිරිය, සවිය හා විශ්වාසය සැලසීම අපගේ අරමුණයි. මෙම පුද්ගල සවිබල ගැන්වීම දේශයේ සංවර්ධනයට, ආර් ථික වර් ධනයට, සමාජ ප්‍රගතියට හා ජාතියේ සාමූහික දියුණුවට බලපාන මූලික පදනම බව අපි තරයේ විශ්වාස කරමු.
පිරිපුන් දිවියට නිති රැකවරණය අපගේ දැක්ම සාක්ෂාත් කරගැනීම උදෙසා රැකවරණයෙන්, පිරිපුන්බවෙන් සපිරි දිවියක් සියලුදෙනාගේ ප්‍රගතිය සවිබල ගැන්වීමට අවැසි අත්‍යවශ්‍ය සාධක බව අපි හඳුනාගෙන සිටින්නෙමු. ඒ අනුව, අපගේ පැවැත්මේ පදනම ලෙස අපගේ මෙහෙවර ක්‍රියාවට නැංවෙන්නේ සැමගේ මූල්‍ය, මානසික, කායික වශයෙන් පිරිපුන් ජීවිත නිර් මාණය කිරීමෙනි.
අපි සැමවිටම නිවැරදි දේ කිරීමට බිය නොවන අතර, ගෞරවනීයව සහ විනිවිදභාවයකින් යුතුව වගකීම් දැරීමට කැපවී සිටින්නෙමු.
ගෞරවය, විවෘතභාවය සහ කණ්ඩායම් හැඟීම පෙරදැරි කරගනිමින්, අපි සැමවිටම ශක්තිමත් සබඳතා තහවුරු කරන්නෙමු.
සෑම අයෙකුටම සමාන අවස්ථා හිමිවන විශිෂ්ට සේවා පරිසරයක් මෙන්ම සමාජීය වශයෙන් වගකීම් සහගත වටපිටාවක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.
අපගේ සියලු මෙහෙයුම් කටයුතුවලදී අඛණ්ඩව ප්‍රමිතීන් ඉහළ නැංවීමට සහ බලාපොරොත්තු වූවාට වඩා වැඩි සාර්ථකත්වයක් අත්කර ගැනීමට අපි බැඳී සිටින්නෙමු.
අපගේ නිර්මාණශීලී බව සහ කඩිසර බව මගින් අපි අලුත් වෙනස්කම් ඇති කරන අතර, එමගින් අපගේ සේවකයින්ට, නිෂ්පාදනවලට සහ ක්‍රියාවලීන්ට නව වටිනාකමක් එකතු කරමු.