ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය සමරමින් සැප්තැම්බර් මාසයේ පවත්වන ලද ඵලදායී වැඩසටහන අඛණ්ඩව තුන්වැනි වසරද සපිරීම සනිටුහන් කරමින් BLOG-IT 3.0 සාර්ථකව නිමා කරන ලද බව දැනුම් දී සිටින්නේ ඉමහත් සතුටිනි. මෙම වසරේදී, රට පුරා විවිධ ප්‍රදේශවලින් ලද 1,100කට අධික දැවැන්ත ඉදිරිපත් කිරීම් ප්‍රමාණයක් ඔස්සේ සහභාගි වූවන් විසින් සිය නිර්මාණශීලීත්වය සහ අදහස් පළකරනු ලැබිණි.
BLOG-IT 3.0 යනු ජීවිත සුරැකීම සහ සැමට පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වූ සිය සන්නාම මෙහෙවර ඉදිරියට ගෙන යෑමට යූනියන් ඇෂුවරන්ස් හි කැපවීම විදහාපාන තහවුරුවකි. BLOG-IT 3.0 වැනි අධ්‍යාපනික වැඩසටහන් වෙත යොමු වූ ව්‍යුහාත්මක ප්‍රවේශයක් සහිතව, හෙට දවසට ගැළපෙන ක්‍රියාකාරී මූල්‍ය සැලසුම්කරණයන් මඟින් ස්ථාවර අනාගතයක් සුරක්ෂිත කිරීම උදෙසා ඉටුකරනු ලබන අතිශය වැදගත් කාර්යභාරය පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය ඉහළ නැංවීම ඔස්සේ සිය ප්‍රගතිය උදාකර ගැනීම සඳහා වන සුවිශේෂ මංපෙත් හරහා සැම සවිබලගැන්වීම සමාගමේ අරමුණ වේ.
රු. 180,000 දක්වා වූ වටිනාකමින් යුත් ත්‍යාග එකතුවක් සමඟින්, සිය විශිෂ්ට නිර්මාණ සඳහා ජයග්‍රාහකයින් ඇගයීමට පාත්‍ර කෙරෙනු ඇති අතර, සිය නිර්මාණ යූනියන් ඇෂුවරන්ස් හි සමාජ මාධ්‍ය ජාල පසුතල සහ ප්‍රධාන පෙලේ ප්‍රකාශන හරහා පළකර ගැනීමටද ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 ජූනි මාසය අවසාන වනවිට රු. බිලියන 28.6ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 71.6ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.