යූනියන් ඇෂුවරන්ස් සමාගමේ අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට මගපෙන්වීමක් සමගින් අතිවිශිෂ්ට සේවාවක් පිරිනැමීම ය.
අපගේ ‘යූනියන් ඇෂුවරන්ස්’ උපදේශකවරුන් යනු සෑම පියවරකදීම අපගේ අරමුණු ඉටුකිරීම වෙනුවෙන් කැපවුණු, විශ්වාසවන්ත වෘත්තිකයින් පිරිසකි.
ඔබට වඩාත්ම වටිනා දේ සුරක්ෂිත කර දීම උදෙසා, අප සතු පුළුල් රක්ෂණ විසඳුම් සහ සේවාවන් භාවිත කරමින් ඔවුන් ඔබට පුද්ගලීකරණය කළ මගපෙන්වීම් ලබා දෙයි.