UNISHIP යනු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැකියාවන් හා කුසලතාවන් වැඩිදියුණු කරමින් ඔවුන් අනාගත නායක නායිකාවන් බවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවනු ලබන පුරෝගාමී සීමාවාසික පුහුණු වැඩසටහනකි. ව්‍යාපාරික ආයතනයක කටයුතු සිදුවන ආකාරය ප්‍රායෝගිකව අත්විඳිමින්, ආයතනික සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත්, තම වෘත්තීය ජීවිතයේ දියුණුවට වැදගත් වන අවස්ථා උදාකර ගැනීමටත් මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැකි වන ආකාරයට මෙය සැලසුම් කර තිබේ.
ඔබත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් අදම අයදුම් කරන්න.
Apply Nowරාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදාරන ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක විය යුතු ය.
වැඩසටහන මාසයක කාලයක් පැවැත්වෙන අතර, එහිදී යූනියන් ඇෂුවරන්ස් සමාගම තුළ සේවය කිරීම යනු කුමන ආකාරයේ අත්දැකීමක්ද යන්න ප්‍රායෝගිකව අත්විඳිමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව ලැබෙනු ඇත.
යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සාර්ථකත්වයට තුඩු දී ඇති එහි ආයතනික සංස්කෘතියේ විචිත්‍රත්වය වටහා ගැනීමට, සීමාවාසික පුහුණුවට එක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැකියාව ලැබේ.
අනාගත වෘත්තීය ජීවිතයට වැදගත් වන පුළුල් දැනුමක් සහ අත්දැකීම් පෙළක්
අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි විධිමත්ව, එහෙත් නම්‍යශීලී ලෙස පුහුණු කටයුතු සැලසුම් කෙරේ.
ව්‍යාපාර ලෝකයට පිවිසී, විශිෂ්ටයන්ගේ උපදෙස් ඔස්සේ දැනුම හා අත්දැකීම් ලබාගැනීමටත්, අනාගතයට වැදගත් වන සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත් ලැබෙන අගනා අවස්ථාවකි.
පුහුණුවෙන් අනතුරුව ඔබගේ කැපවීම හා දායකත්වය අගයමින් වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.