Preloader images
Preloader icon

ජීවිතය

තණ ගසක මුඳුනක පිපුණ
හරි ලස්සන මලක්
තණ ගසත් මල ගැන හරිම ආඩම්බරයෙන්
අනේ ඒ වුණත්
දැවුණා ගිණියම් ඉරට
තෙමුණා සඳ දියට
අඩි උස සපත්තුවක බරටම
පතිත විය පෙත්ත දෙක මහපොළොවට
නොසිතූ මොහොතක වුණත්
තණ ගසට වුණා සමුදෙන්නට මලට
තණ ගසේ වැලපිල්ල
දරා ගත නොහැකි තැන
“රක්ෂණය කළා නම් එදා
අදටත් හිනැහෙන මලක්
ජීවිතයේ හැටි ඔහොමයි”
කිව්වේ තණ අග රැඳුණ
පුුංචි පිණි බිඳුවක්…