Preloader images
Preloader icon

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, සැප්තැම්බර් මාසයේ යෙදෙන රක්‍ෂණ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන BLOG IT 2.0 අඛණ්ඩව දෙවන වසරටත් නැවත පවත්වන බව ප්‍රකාශයට පත් කරන්නේ සතුටිනි.

“ජීවිත රක්‍ෂණයේ වැදගත්කම” යන මාතෘකාව යටතේ කැමති භාෂාවකින් රචනා, කතන්දර, හෝ කවි ඉදිරිපත් කරමින්, යූනියන් ඇෂුවරන්ස් පවත්වන සාහිත්‍ය උත්සවයට එක් වන ලෙස සියලු ම උද්‍යෝගිමත් ලේඛකයින්ට, වචන හරඹ කරන්නන්ට සහ කතා රචකයින්ට BLOG IT 2.0 ආරාධනා කරයි. ඔබගේ නිර්මාණ www.unionassurance.com/blog-it/si මගින් 2023 ඔක්තෝබර් 13 වන විට යොමු කළ හැකි ය.

මෙම තරගයට සහභාගි වන්නන්ගේ නිර්මාණශීලීත්වය සහ බුද්ධිය අගයමින් යූනියන් ඇෂුවරන්ස් සමාගම විසින් රු. 180,000ක් දක්වා ආකර්ෂණීය ත්‍යාග පිරිනමනු ඇත. ඊට අමතරව, ජයග්‍රාහකයින්ට යූනියන් ඇෂුවරන්ස් වෙබ් අඩවියේ පළ කෙරෙන සිය නිර්මාණ දැක ගැනීමේ ගෞරවය හිමි වන අතර, ඒවා සමාගමේ සමාජ මාධ්‍ය නාළිකා හරහා ප්‍රවර්ධනය කෙරේ.

BLOG IT 2.0 ව්‍යාපෘතිය, ජීවිත රක්‍ෂණයේ ඇති පරම වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම දක්වන අඛණ්ඩ කැපවීමේ අතිශයින් වැදගත් දිගුවක් ලෙස ක්‍රියාත්මක වේ. පුද්ගලයින්ගේ සමස්ත මූල්‍ය යහපැවැත්ම වැඩිදියුණු කිරීමෙන්, ජීවිත රක්ෂණයේ පවත්නා සැබෑ වැදගත්කම ග්‍රහණය කිරීමට හැකි වන පරිදි ඔවුන් සවිබල ගැන්වීම සමාගමේ අරමුණ වී තිබේ.

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රු. බිලියන 18.0ක් වන අතර ජීවිත අරමුදල 2023 ජූනි මාසය අවසන් වන විට රු. බිලියන 60.4කි. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ යහපැවැත්ම වර්ධනය කිරීම වෙනුවෙන් කැපවූ යූනියන් ඇෂුවරන්ස් සමාගම, ආරක්ෂණය, සෞඛ්‍යය, විශ්‍රාම ගැනීම, අධ්‍යාපනය සහ ආයෝජන අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් ශ්‍රම බළකායක් සමගින්, යූනියන් ඇෂුවරන්ස් සමාගම, ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය අවධානයක් සහිතව පුද්ගලයින්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරයි.