ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් විසින් පසුගිය දා බලංගොඩ, ගයිරෑනගම විද්‍යාලයේ නාට්‍ය ගුරුවරිය වන බුද්ධිමා අබේසිංහ මහත්මියගේ විශිෂ්ට කැපවීම අගැයීම සහ ඊට සහයවීම සඳහා පාසලට සංගීත භාණ්ඩ පරිත්‍යාග කරනු ලැබීය. නාට්‍යකරණය හඳුන්වා දීමෙන් විෂය මාලාව පුළුල් කිරීමට අබේසිංහ මහත්මිය දක්වන කැපවීම තුළින් සිසුන්ගේ නිම් වළලු පුළුල් කිරීම පමණක් නොව ඔවුන් සතු ඇදහිය නොහැකි හැකියාව ද ප්‍රදර්ශනය කර තිබේ.
2016 වසරේ පාසලට පත්වීමක් ලැබීමත් සමග එහි සෞන්දර්ය විෂය මාලාවේ සීමිත විෂයයන් සංඛ්‍යාවක් පමණක් ඇතැයි හඳුනාගෙන අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යමින් සිසුන්ට නාට්‍ය කලාව හඳුන්වා දීමට ක්‍රියා කළාය. ඇයගේ නොපසුබස්නා උත්සහය සහ ඇයගේ කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය හේතුවෙන් ගයිරෑනගම විද්‍යාලයේ යොවුන් කුසලතා රැසක් අගැයීමට ලක් විය.විවිධ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් තරගවලදී හොඳ ම පිටපත, හොඳ ම නාට්‍යය, හොඳ ම නළුවා සහ හොඳ ම නිළිය වැනි කැපී පෙනෙන සම්මාන රැසක් එම ජයග්‍රහණ අතරට ඇතුළත් විය.
මෙම සිසුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ සහ අබේසිංහ මහත්මියගේ විෂයට ඇති ළැදියාව අගයමින් යූනියන් ඇෂුවරන්ස් සමාගම, එම විෂයට උපකාරී වන විවිධ සංගීත භාණ්ඩ ගයිරෑනගම විද්‍යාලයට පරිත්‍යාග කිරීමට පෙරට ආවේය. සිසුන්ට සිය දක්ෂතා පෝෂණය කර ගැනීමට සහ ඔවුන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය සම්පත් සැපයීම මෙම පරිත්‍යාගයේ අරමුණයි.
අබේසිංහ මහත්මිය කෘතඥතාව පළ කරමින් සඳහන් කළේ, “අපේ දරුවන්ට බොහෝ දක්ෂතා ඇති බව මට පැහැදිලි වුණා. මට අවශ්‍ය වුණේ, ඒවා ප්‍රදර්ශනය කිරීමට උපකාරී වන ධනාත්මක බලවේගයක් වෙන්න විතරයි. නැතුව ම බැරි අවශ්‍යතාවක් හඳුනාගෙන මේ සංගීත උපකරණ පරිත්‍යාග කිරීමෙන් මෙම සිසුන්ට උපකාර කිරීමට වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස ඉදිරිපත් වීම පිළිබඳව යූනියන් ඇෂුවරන්ස් වෙත මගේ හෘදයාංගම ස්තුතිය පරිනමනවා. මේ හරහා ඔවුන්ට අනාගතයේදී මීටත් වඩා හොඳ දස්කම් දැක්වීමට සහ පාසලට කීර්තියක් අත් කර දීමට විශාල පිටිවහලක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.”
යූනියන් ඇෂුවරන්ස්හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මහතා මෙලෙස අදහස් පළ කළේ ය. “යූනියන් ඇෂුවරන්ස් අපගේ අරමුණ වෙන්නේ සියලු අභියෝගවලට එරෙහිව ශ්‍රී ලංකාවේ ප්‍රගතියට සහය වීම බවත්, අබේසිංහ මහත්මියගේ ආකර්ෂණීය කතාව අනාවරණය කර ගැනීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. දුෂ්කරතා පසෙක ලා ඇය, නාට්‍යකරණය සහ කලාව දරුවන්ට යථාර්ථයක් බවට පත්කළා. ඇය වැනි ශ්‍රේෂ්ඨ ගුරුවරුන් සිය සිසු සිසුවියන්ට නොමැකෙන බලපෑමක් ඇති කරන අතර අනාගත පරපුර සිය පූර්ණ දක්ෂතාවන්ට ළඟා කර වීමට ක්‍රියා කරනවා.”
මෙම ක්‍රියාන්විතයේ කොටස්කරුවෙකු වීම යූනියන් ඇෂුවරන්ස් සමාගමට ආඩම්බරයක් වන අතර සියලු ම ප්‍රජාවන්ගේ සමස්ත සංවර්ධනයට සහ යහපැවැත්මට දායක වන ප්‍රයත්නයන්ට සහය වීමට සමාගම කැපවී සිටී. යූනියන් ඇෂුවරන්ස් අධ්‍යාපනයේ පරිවර්තනීය බලය තරයේ විශ්වාස කරන අතර ගයිරෑනගම විද්‍යාලයේ සිසුන්ගේ අඛණ්ඩ සාර්ථකත්වය සහ දියුණුව දැක බලා ගැනීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රු. බිලියන 18.0ක් වන අතර ජීවිත අරමුදල 2023 ජූනි මස අවසන් වන විට රු. බිලියන 60.4 කි. ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම වර්ධනය කිරීමට සහ ජීවිත රැක ගැනීමට පිහිටුවා ඇති යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව, විශ්‍රාම ගැනීම සහ අධ්‍යාපනය ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික ශ්‍රම බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.