Preloader images
Preloader icon

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ ජීවිත රක්‍ෂණ ඔප්පු සඳහා පහසු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීමට කොමර්ෂල් බැංකුව සමග හවුල්කාරිත්වයක් ඇති කර ගත් බව ප්‍රකාශයට පත් කරන්නේ, මහත් වූ සතුටකිනි. මෙම සහයෝගීතාව තුළින්, යූනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ ඔප්පු හිමි කොමර්ෂල් බැංකුවේ මූල්‍ය කාඩ් හිමියන්ට මාස 12ක් පුරා පොළියක් නොමැතිව පහසු ගෙවීමේ ක්‍රමයට රක්ෂණ වාරික ගෙවීමේ පහසුකම හිමි වේ.

යූනියන් ඇෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ, අත්‍යවශ්‍ය මොහොතක අත්වැලක් සපයමින් තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකි වීම ගැන ආඩම්බර වේ. මෙම හවුල්කාරිත්වය මගින් සිය වටිනා ගනුදෙනුකරුවන්ගේ යහපැවැත්ම සහ මූල්‍ය ස්ථාවරත්වය සඳහා ආයතන දෙක ම දක්වන කැපවීම අවධාරණය කෙරේ.

රක්ෂණ ඔප්පු හිමියන්ට යූනියන් ඇෂුවරන්ස් Clicklife App එකට පිවිසීමෙන් ජීවිත රක්ෂණ වාරික මුදල් ගෙවීම්, පහසු ගෙවීමේ ක්‍රමයට වෙනස් කර ගත හැකි අතර, එසේ නැතහොත්, ඔවුන්ගේ මුල් ගනුදෙනුව සිදු කර වැඩ කරන දින හතක් ඇතුළත 0112 353 353 ඔස්සේ කොමර්ෂල් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් මෙම පහසුකම සක්‍රීය කර ගත හැකිය.

වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා, 011 2990 990 අංකය ඔස්සේ යූනියන් ඇෂුවරන්ස් හෝ 011 2353 353 අංකය ඔස්සේ කොමර්ෂල් බැංකුව අමතන්න. කොන්දේසි අදාළ වේ.

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රු. බිලියන 18.0ක් වන අතර ජීවිත අරමුදල 2023 මාර්තු අවසන් වන විට රු. බිලියන 60.4කි. සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා සූදානමින් සිටින යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව, විශ්‍රාමික ජීවිතය සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික ශ්‍රම බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.