Preloader images
Preloader icon

යූනියන් ඇෂුවරන්ස්. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ජීවිත රක්‍ෂණ සමාගම, දක්ෂයින් පෝෂණය කිරීම සඳහා කැප වූ නව්‍ය සීමාවාසික වැඩසටහනක් වන Uniship ආරම්භ කිරීම පිළිබඳව සතුටින් යුතුව නිවේදනය කරයි. Uniship ව්‍යාපෘතිය මගින් උපාධි අපේක්ෂකයින්ට ඔවුන්ගේ වෘත්තීන්හි විශිෂ්ටත්වය කරා යාමට මාර්ගයක් සකස් කරමින්, සමාගම් මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට සහය වීම සඳහා නිර්මාණය කර ඇති අද්විතීය සීමාවාසික අවස්ථාවක් පිරිනමයි. උපාධි අපේක්ෂකයින්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගැනීමට, ඔවුන්ගේ වෘත්තීය ජාලය පුළුල් කිරීමට සහ ආයතනික ලෝකයේ සැරිසරමින් අත්දැකීම් ලබා ගැනීමට Uniship ව්‍යාපෘතියෙන් අවස්ථාව හිමි වෙයි.

උපාධි අපේක්ෂකයින් 12 දෙනෙකුට සීමිත වූ අවස්ථාවක් සැලසෙන මෙම ව්‍යාපෘතිය පුද්ගලාරෝපිත සහ බලපෑම්සහගත අත්දැකීමක් සහතික කරයි. මෙම ව්‍යාපෘතිය සාර්ථකව සම්පූර්ණ කරන උපාධි අපේක්ෂකයින්ට, සීමාවාසික පුහුණුව ලබන කාලසීමාවේ ඔවුන්ගේ කැපවීම සහ දායකත්වය අගයමින් ගෞරවාන්විත සහතිකයක් පිරිනැමේ.

Uniship සාමාජිකත්වය අයැදුම් කරන්නන්, රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී සිටිය යුතු ය. අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝම්බර් 10 දක්වා සිදු කෙරෙන අතර, අපේක්ෂකයින්ට ඒ සඳහා යූනියන් ඇෂුවරන්ස් වෙබ් අඩවිය ඔස්සේ අයැදුම් කළ හැකිය. www.unionassurance.com/uniship.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන පිරිස් නිලධාරී, ඉමිටියාස් අනිෆ් සඳහන් කළේ, “අපගේ නව සීමාවාසික වැඩසටහන වන Uniship ව්‍යාපෘතිය හඳුන්වා දීමට ලැබීම සතුටක්. Uniship කියන්නේ, සාම්ප්‍රදායික සීමාවාසික පුහුණුවකට එහා ගිය දෙයක්; ඒක, අපේ රටේ ඊළඟ නායකත්ව පරම්පරාව හැඩ ගස්වන ක්ෂේත්‍රයේ පළමු වරට ලබා දෙන ජීවිත වෙනස් කරන අත්දැකීමක්. දක්ෂතා පෝෂණය කිරීම සහ තරුණ මනසට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ විශිෂ්ටතා දැක්වීමට අවශ්‍ය මෙවලම් සැපයීම මෙමගින් සිදු වනු ඇතැයි අප විශ්වාස කරන අතර, Uniship ව්‍යාපෘතිය හරහා ආයතනික නිරාවරණය, උපදේශනය මෙන් ම ආකර්ෂණීය සහ ක්‍රියාශීලී සංවිධානයක කොටස්කරුවෙකු වීමේ සුවිශේෂී අවස්ථා රැසක් පිරිනමයි. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වර්ධනය, ඉගෙනීම සහ පෞද්ගලික සංවර්ධනය පදනම් කර ගත් ගමනක් ආරම්භ කරන ලෙස මම සියලු ම සුදුසුකම් සහිත උපාධි අපේක්ෂකයින්ට ආරාධනා කරනවා.”

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රු. බිලියන 18.0ක් වන අතර ජීවිත අරමුදල 2023 ජූනි මාසය අවසන් වන විට රු. බිලියන 60.4කි. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ යහපැවැත්ම වර්ධනය කිරීම වෙනුවෙන් කැපවූ යූනියන් ඇෂුවරන්ස් සමාගම, ආරක්ෂණය, සෞඛ්‍යය, විශ්‍රාම ගැනීම, අධ්‍යාපනය සහ ආයෝජන අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික සවිමත් ශ්‍රම බළකායක් සමගින්, යූනියන් ඇෂුවරන්ස් සමාගම, ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය අවධානයක් සහිතව පුද්ගලයින්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරයි.