යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ පෑන් ඒෂියා බැංකුව අතර බැංකු රක්ෂණ හවුල්කාරීත්වය සැමරීමේ විශේෂ උත්සවයක් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු රක්ෂණ සේවා සම්පාදක සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සහ, සැබැවින්ම ශ්‍රී ලාංකික බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුව අතර මෙම බැංකු රක්ෂණ හවුල්කාරීත්වය 2022 ජූනි මාසයේදී ආරම්භ විය. මෙමගින් බැංකු සේවාවන්ට අමතරව, ඉතුරුම්, රැකවරණය සහ ආයෝජනය යන ප්‍රධාන ඉලක්ක සපුරාලන පුළුල් මට්ටමේ රක්ෂණ විසඳුම්ද තම ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමට පෑන් ඒෂියා බැංකුවට හැකි වී තිබේ.
මෙම අවස්ථාවට යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ නිලධාරිනී වින්ධ්‍යා කුරේ මහත්මිය සහ පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නලීන් එදිරිසිංහ මහතා ඇතුළුව, දෙපාර්ශ්වය නියෝජනය කරන නිලධාරීහු පිරිසක් එක්වූහ. මෙය සමාගම් දෙකට තම සමීපත්වය වැඩිදියුණු කරගනිමින්, ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ සේවාවක් සැලසිය හැකි ආකාරය පිළිබඳව සුහද පිළිසඳරක යෙදීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.
“දශක තුනක පටන් යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකික සිහින බලගැන්වීමට කැප වී සිටිනවා. අද වනවිට අප මෙරට බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වී සිටින අතර, රටේ ප්‍රමුඛතම බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුව සමග ඇතිකරගෙන තිබෙන මෙම හවුල්කාරීත්වය, අපගේ බැංකු රක්ෂණ සේවා ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. අපගේ ඩිජිටල් තාක්ෂණික හැකියාවන් සහ බැංකු රක්ෂණ සේවා පළපුරුද්ද සමගින්, පෑන් ඒෂියා බැංකුවේ ගනුදෙනුකරුවන්ට පරිපූරණ රක්ෂණ විසඳුම් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්.” ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ නිලධාරිනී වින්ධ්‍යා කුරේ මහත්මිය පැවසුවා ය.
“අප සෑම කටයුත්තකදීම ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙනවා. නවීනතම තාක්ෂණය භාවිතා කිරීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සිදුකිරීමට අපට හැකි වුණා. Clicklife app යනු එම උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක්. සේවාවන් රාශියක් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙන Clicklife, ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ඩිජිටල් අත්දැකීමක් ලබාදෙනවා. මේ හවුල්කාරීත්වය නිසා දැන් පෑන් ඒෂියා බැංකුවේ ගනුදෙනුකරුවන්ටත් Clicklife ඔස්සේ සේවාවන් ලබාගැනීමට පුළුවන්. එමෙන්ම අප සමග අත්වැල් බැඳගෙන සිටින හවුල්කරුවන් 85 කට අධික සංඛ්‍යාවක් වෙතින් විවිධ දීමනා හිමිකර ගැනීමටත් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව, ගනුදෙනුකරුවන්ගේ නිරෝගී බව හා යහපැවැත්ම ඉලක්ක කරගත් ක්‍රියාකාරකම් මාලාවකුත් Clicklife විශේෂාංග එකතුවට ඇතුළත්.” වින්ධ්‍යා කුරේ මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.
“ඵලදායී හවුල්කාරීත්වයන් මගින් ව්‍යාපාර දියුණු වන අතර, එමගින් සියලුම පාර්ශ්වයන්ට වාසිදායක ප්‍රතිඵල ලැබෙනවා. පෑන් ඒෂියා යනු වසර 27 කට අධික කාලයක් මෙරට ජනතාවට සේවාවන් සැලසූ බැංකුවක්. කිසිදු භේදයකින් තොරව සියලුම දෙනා වෙත ජාත්‍යන්තර තලයේ සේවාවන් පිරිනැමීම අපගේ අරමුණයි. අප දිනා ඇති දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැස, අපගේ සාර්ථකත්වයට සාක්ෂි දරනවා. මෙහි තවත් පියවරක් වශයෙන්, මෙරට කීර්තිමත් හා විශ්වාසය දිනූ රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම සමග එක් වේ, ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන නවීනතම රක්ෂණ විසඳුම් පිරිනැමීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය අපගේ ව්‍යාපාර කටයුතු වල ඵලදායී වෙනසක් ඇතිකරන හවුල්කාරීත්වයක් බවට පත්වනු ඇතැයි කියා අප සිතනවා.” පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නලීන් එදිරිසිංහ මහතා පැවසී ය.
යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැකු රක්ෂණ සේවා සම්පාදක සමාගමකි. මේ වනවිට රටේ ප්‍රධාන බැංකු කිහිපයක් සමග එක් වී, ශාඛාවන් 600 කට අධික සංඛ්‍යාවක් හරහා සේවාවන් පිරිනමමින්, එය ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු රක්ෂණ සේවා ජාලය ගොඩනංවා ඇත. ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන අතර, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 ජූනි මාසය වන විට රු. බිලියන 15.7 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීයකරණයක් අත්පත් කරගෙන තිබේ. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සහිත එම සමාගම, ‘සේවය කිරීමට වඩාත්ම යෝග්‍ය ස්ථානයක්’ වශයෙන් අඛණ්ඩව වසර නවයක් පුරා ‘Great Place to Work©’ ඇගයීමට පාත්‍ර වී ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩිම MDRT සුදුසුකම්ලාභීන් සංඛ්‍යාවක් බිහිකළ ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ අතර, රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.