Preloader images
Preloader icon

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ජාතිය මුහුණ දෙන තීරණාත්මක අභියෝගවලට මුහුණ දීම සඳහා කැපවුණු HOPE ක්‍රියාන්විතය හරහා ප්‍රජා යහපැවැත්ම ශක්තිමත් කිරීමට සිය නොසැලෙන කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යයි. පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා ප්‍රවේශය සහතික කිරීමේ හදිසි අවශ්‍යතාව හඳුනා ගනිමින්, පිරිසිදු පානීය ජලය සැපයීමට සහ පාසල් ළමුන්ට සනීපාරක්ෂක නිෂ්පාදන මිල දී ගැනීමට ඇති නොහැකියාව පිළිබඳ ගැටලු විසඳීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සමාගම, ‘කටු කම්බි පදනම’ නමැති ලාභ නොලබන සංවිධානය සමග එක්ව සිටී.

මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස පොළොන්නරුව, අලුත්වැව මහා විද්‍යාලයට නවීනතම ජල පෙරීමේ පද්ධතියක් ස්ථාපනය කර භාරදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි. මෙම අදියර යටතේ පොලොන්නරුවේ ලක්ෂඋයන විද්‍යාලය, හිඟුරක්දමන මහා විද්‍යාලය, ශාන්ති මහා විද්‍යාලය, කිරිමැටිය මහා විද්‍යාලය සහ විජයරාජ මහා විද්‍යාලය ඇතුළු තවත් පාසල් 5ක ජල පිරිපහදු යන්ත්‍ර සාර්ථකව ප්‍රතිසංස්කරණය කර භාර දීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කළේය.

ඊට අමතරව, යූනියන් ඇෂුවරන්ස් සමාගම මාස 6ක කාලයක් සඳහා භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා බෙදා දෙනු ලැබූ අතර, ඒ සමග පාසල් බෑග් සහ ටී-ෂර්ට් ද පිරිනමන ලදී. මෙම ඒකාබද්ධ ප්‍රයත්නයන් පොළොන්නරුවේ පාසල් සිසුන් 1000කට අධික පිරිසකගේ අධ්‍යාපන කටයුතුවලට ධනාත්මක ලෙස බලපා ඇත.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ HOPE ක්‍රියාන්විතය හරහා ප්‍රජා යහපැවැත්ම ශක්තිමත් කිරීම ක්‍රමානුකූලව සිදුවෙමින් පැවතීම සැලකිය යුතු කරුණකි. 2022 වසරේදී යූනියන් ඇෂුවරන්ස් සමාගම, එහි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ නොමසුරු දායකත්වයෙන්, වෛද්‍ය උපකරණ හිඟ කාල පරිච්ඡේදයක රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කරමින් සිය සහයෝගය ලබා දුන්නේය.

යූනියන් ඇෂුවරන්ස්හි ප්‍රධාන මහජන නිලධාරී ඉම්තියාස් අනිෆ් මහතා ප්‍රකාශ කළේ, “ජනතාව වෙනුවෙන් අපගේ තියෙන කැපවීම ආයතනික සීමාවෙන් ඔබ්බට විහිදෙනවා. HOPE ක්‍රියාන්විතය සමාජයේ සියලු ම ස්ථරවල යහපැවැත්ම ශක්තිමත් කිරීමට අපගේ ඇති කැපවීම පෙන්නුම් කරනවා. අප දරන උත්සහයේ ප්‍රතිඵලයක් විදිහට ධනාත්මක වෙනස්කම් දකින විට, නොපසුබස්නා පෙලඹීමක් ඇති වෙනවා. මෙම කැපවීම අපේ ආචාර ධර්මවලට අත්‍යවශ්‍ය වන අතර, කල්පවතින වෙනසක් ඇති කිරීම සහ දිගු කාලීනව සමාජයේ අභිවෘද්ධිය සඳහා දායක වීම සම්බන්ධයෙන් අප තුළ ඇති විශ්වාසය පිළිබිඹු කරනවා,” යනුවෙනි.

“මානව ප්‍රගතිය සවිබල ගැන්වීම සඳහා හැකි සෑම ආකාරයකින් ම දායක වීමේ වැදගත්කම අපි හඳුනාගෙන සිටිනවා. සෑම වසරක ම, අවශ්‍යතා ඇති ජනයාගේ ජීවිතවලට අර්ථවත් බලපෑමක් ඇති කිරීමට අපගේ කැපවීම සමග පෙළ ගැසෙමින්, බොහෝ විට නොසලකා හරින ප්‍රධාන සමාජ ගැටලු විසඳීමට අපි අවධානය යොමු කරනවා. අපගේ අරමුණ වන්නේ, ප්‍රජාවන් තුළ ප්‍රබල බලපෑම් ඇති කළ යුතු බව අපි විශ්වාස කරන අතර, HOPE වැනි ක්‍රියාන්විත හරහා ධනාත්මක වෙනසක් ඇති කිරීමත් ඊළඟ පරම්පරාව සඳහා දීප්තිමත් අනාගතයක් සඳහා දායක වීමත් අපගේ අරමුණයි,” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මහතා පැවසීය.

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථකව දශක තුනක කාලයක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය 2023 සැප්තැම්බර් අවසන් වන විට රු. බිලියන 23.9ක් වූ අතර ජීවිත අරමුදල රු. බිලියන 63.9කි. ශ්‍රී ලාංකේය සිහින සවිබල ගැන්වීම සඳහා කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව, විශ්‍රාම සැලසුම් සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික සේවක බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස් සමාගම, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.