අපගේ දිනුම් ඇදීමට අදාළ නියමයන් හා කොන්දේසි පහත දැක්වේ. දිනුම් ඇදීමට සම්බන්ධ වීමට පෙර කරුණාකර ඒවා හොඳින් කියවා අවබෝධ කරගන්න.
දිනුම් ඇදීමට ඇතුළත් වීම මගින් ඔබ මෙහි දැක්වෙන නියමයන් හා කොන්දේසි වලට එකඟ වූ ලෙස සැලකේ.
- දිනුම් ඇදීම 2021 ජනවාරි 01 දින සිට 2021 මාර්තු 31 දින දක්වා වලංගු වේ.
- මාසයකට රු. 15,000/- ක්, මාස 3 කට රු. 45,000/- ක්, මාස 6 කට රු. 75,000/- ක් සහ වර්ෂයකට රු. 150,000/- ක් හෝ ඊට වැඩි වාරික වටිනාකමක් සහිත රක්ෂණ හිමි ගනුදෙනුකරුවන්ට මෙම දිනුම් ඇදීමට ඇතුළත් විය හැක.
- එක් ගනුදෙනු කරුවෙකුට/රක්ෂණ හිමියෙකුට දිනුම් අවස්ථා කිහිපයක් සඳහා සුදුසුකම් ලැබිය හැකි අතර, ගෙවන ලද සෑම රු. 100,000 ක වාර්ෂිකකරණය කරන ලද වාරිකයක් (ANBP) සඳහාම දිනුම් වාරය බැගින් හිමි වේ.
- රක්ෂණ සැලසුම් කිහිපයක් ඔස්සේ දිනුම් අවස්ථා කිහිපයක් හිමිවුවද එක් ගනුදෙනු කරුවෙකුට/රක්ෂණ හිමියෙකුට ජයග්‍රහණය ලැබිය හැක්කේ එක් වාරයක් සහ එක් ත්‍යාගයක් පමණි. (පහත වගුව බලන්න**)
- දිනුම් ඇදීමට අදාළ කාලසීමාව තුළ සියලුම රක්ෂණ ඔප්පු හඳුන්වා දී, පිළිගෙන තිබිය යුතු ය.
- තනි වාරික සහ DTA රක්ෂණ මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් නොලබයි.
- 2021 අප්‍රේල් මස 03 වන සතියේදී දිනුම් ඇදීම පැවැත්වෙන අතර ජනමාධ්‍ය වල පළකෙරෙන දැන්වීම් ඔස්සේ ජයග්‍රාහකයන් නිවේදනය කෙරේ.
- දිනුම් ඇදීම සිදුවන අවස්ථාව වන විට අදාළ සියලුම රක්ෂණ ඔප්පු වලංගු වී පැවතිය යුතු අතර, හිඟ වාරික නොතිබිය යුතු ය.
- යුනියන් ඇෂුවරන්ස් සේවක මණ්ඩලය (අලෙවි කණ්ඩායම ඇතුළුව) සහ ඔවුන්ගේ ලඟම ඥාතීන් මෙම තරඟයට සුදුසුකම් නොලබයි.
- දිනුම් ඇදීමෙන් ලැබෙන ත්‍යාග මුදල් බවට පරිවර්තනය කළ නොහැක.
*වාර්ෂිකකරණය කරන ලද වාරික (Annualized Premium – ANBP) යනු වාරික ගෙවන ලද ක්‍රමය අනුව වර්ෂ 1 ක් සඳහා ගණනය කරන ලද (ගුණනය වන ආකාරය – මාසික= 12, ත්‍රයිමාසික = 4, අර්ධ වාර්ෂික = 2, වාර්ෂික = 1) වාරික වටිනාකම වන අතර, ගණනය කිරීම් සඳහා මෙය ආසන්න රු. 100,000/- ට වටයනු ලැබේ.
** Gifts table
|
| Prize | No of winners |
1st Place |
| iPhone 12 ProMax – 512GB | 1 |
2nd Place | iPad Air 2020 (Cellular & WiFi) + Apple Pencil 2nd Gen + Keyboard | 1 | |
3rd Place |
| SAMSUNG Smart TV 55″ | 1 |
4th Place | 10th Place | ASUS UX363 Laptops | 7 |
11th Place | 20th Place | SAMSUNG Smart TV 43″ (Full HD) | 10 |
21th Place | 30th Place | Samsung A30 phones | 10 |
31st Place | 50th Place | Mobitel Wifi router + free connection for 1 year (50GB per month) | 20 |