Preloader images
Preloader icon

ජීවිත රක්ෂණය යනු කෙනෙකුගේ මූල්‍ය සැලසුම් වල අනිවාර්ය අංගයක් විය යුතු දෙයකි. එය දීර්ඝකාලීනව, පුළුල් පරාසයක පැතිරුණු ප්‍රතිලාභ පිරිනමන ආයෝජනයක් වීම ඊට ප්‍රධානතම හේතුවයි. මෙය කවුරුත් පාහේ වඩාත්ම ඵලදායී ආයෝජන ක්‍රම සම්බන්ධයෙන් උනන්දු වන කාලයකි. මේ මොහොතේ අප වටහාගත යුතු එක් වැදගත් කරුණක් නම්, අපගේ නිරෝගී බව අන් සියල්ලට වඩා වැදගත් වන බවයි. එම නිසා ඒ වෙනුවෙන් සිදුකරන ආයෝජනය අන් සියල්ලට වඩා වැදගත් වේ. ජීවිත රක්ෂණයක් යනු කෙනෙකු සිදුකළ යුතු අත්‍යවශ්‍යම ආයෝජනයක් වන්නේ මේ අර්ථයෙනි.

ජීවිතය යනු අනපේක්ෂිත සිදුවීම් වලින් පිරි ගමනකි. එබඳු අනපේක්ෂිත සිදුවීම් හමුවේ අපගේත් අපගේ ආදරණීයයන්ගේත් ආරක්ෂාව තහවුරු කිරීමට අප ප්‍රමුඛත්වය ලබාදිය යුතුම ය. ජීවිත රක්ෂණය අපට වැදගත් වන්නේ එබැවිනි. එය නිරෝගී බව, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ රැකවරණය ලබාදෙමින් ඉහළම ප්‍රතිලාභ පිරිනමන ආයෝජනයක් ලෙස හැඳින්විය හැකි වේ.

වර්තමානයේ අපේ රටේ පවතින අනපේක්ෂිත හා අවිනිශ්චිත තත්ත්වයන් හමුවේ ජීවිත රක්ෂණයක වටිනාකම තවදුරටත් වැඩි වී තිබේ. මෙම තත්ත්වයන් නිසා සුරක්ෂිතභාවය පිළිබඳ අප තුළ මෙතෙක් පැවති විශ්වාසයන් ප්‍රශ්න කෙරෙමින් පවතී. වේගයෙන් ඉහළ යන උද්ධමනය දැනටමත් සෑම කෙනෙකුටම පාහේ බලපා තිබේ. ඒ අනුව ඉදිරියේදී ආර්ථික අර්බුදය රටේ කාටත් පොදුවේ දැනෙනු ඇත.

මෙවැනි තත්ත්වයක් හමුවේ, සෞඛ්‍යය හා යහපැවැත්ම උදෙසා අන් කවරදාටත් වඩා අවධානයක් යොමුකළ යුතු බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙහිදී අපගේ පමණක් නොව, අපගේ ආදරණීයයන්ගේද රැකවරණය පිළිබඳව අවධානය යොමුකළ යුතුම ය. කෙසේ නමුත් ඔබට ජීවිත රක්ෂණයක් තිබේ නම්, ඔබගේත් ඔබගේ ආදරණීයයන්ගේත් අනාගතය අනතුරේ හෙළන අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට ඔබට හැකිවනු ඇත.

ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව අඩු වන විට, ඔවුහු අලුතින් රක්ෂණ මිලදී ගැනීමට හෝ තමන් සතු රක්ෂණ වල වාරික ගෙවීමට පසුබට වෙති. එය අත්‍යවශ්‍ය කරුණක් නොවේ යැයි ඔවුන් කල්පනා කරන නිසා, රක්ෂණ සම්බන්ධ වියදම් හා තීරණ ඔවුහු පසුවට කල්තබති. කෙසේ වුවත් මෙය අතිශය අදූරදර්ශී පියවරකි. රටේ පවතින තත්ත්වය අනුව, අපගේ ජීවිත වලට වඩාත්ම වැදගත් වන්නේ මොනවාද යන්න නිවැරදිව හඳුනාගෙන ඒවාට නිසි අවධානයක් යොමුකළ යුතු ය. ජීවිත රක්ෂණය යනු රක්ෂණ හිමියන්ටත් ඔවුන්ගේ පවුල් වලටත් රැකවරණය ලබාදෙන විසඳුමකි. මෙවැනි දුෂ්කර කාලයක එබඳු රැකවරණයක වටිනාකම මිල කළ නොහැක.

වියදම් කිරීමේ හැකියාවන් අඩු වන විට අප කළ යුතු වැදගත්ම දෙයක් නම්, හදිසි සෞඛ්‍ය ගැටලු නිසා ඇතිවිය හැකි වියදම් ආවරණය කිරීමට ක්‍රමයක් සොයාගැනීම ය. අවාසනාවකට හෝ එවැනි හදිසි තත්ත්වයක් උදා වූයේ නම් කෙනෙකුට තම ඉතුරුම් වලින් එම වියදම් පියවීමට සිදුවනු ඇත. මෑතකාලීනව සෞඛ්‍ය වියදම් බෙහෙවින් ඉහළ ගොස් තිබෙන බවද මෙහිදී අප අමතක නොකළ යුතු ය. සෞඛ්‍ය රක්ෂණයක් තිබේ නම්, මෙවැනි දේවල් ගැන සිත් තැවුල් ඇතිකර ගැනීමට ඔබට අවශ්‍ය නොවනු ඇත.

මේ වනවිට ඉතුරුම් සඳහා ලැබෙන පොලිය ඉහළ මට්ටමක පවතී. එම නිසා හදිසි අවස්ථාවකදී ඉතුරුම් වලින් මුදල් වියදම් කිරීම නැණවත් දෙයක් නොවේ. ජීවිත රක්ෂණයක් තිබේ නම් ඔබට හදිසි අවස්ථාවකදී ඔබ දුක් මහන්සියෙන් උපයාගෙන ඉතිරි කරගත් මුදල් වැය කිරීමට සිදු නොවනු ඇත.

යූනියන් ඇෂුවරන්ස් යනු මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී නවෝත්පාදන ලෙස හැඳින්විය හැකි රක්ෂණ විසඳුම් එකතුවක් පිරිනමන පුරෝගාමී ජීවිත රක්ෂණ සමාගමකි. රක්ෂණ හිමියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට රැකවරණය සලසමින්, ශ්‍රී ලාංකික සිහිනය සවිබල ගැන්වෙන ආකාරයට මෙම රක්ෂණ සැලසුම් කර තිබේ. මූලික වශයෙන් සෞඛ්‍යය, අධ්‍යාපනය, රැකවරණය, ආයෝජනය සහ විශ්‍රාම ජීවිතය යන අංශ ආවරණය වන පරිදි මෙම රක්ෂණ විසඳුම් හඳුන්වා දී ඇත.

ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින් ඔවුන්ට විශිෂ්ට සේවාවක් ලබාදෙන සමාගමක් ලෙස කීර්තියක් දිනාගැනීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී තිබේ. 2021 වසරේදී එම සමාගම වෙත ඉදිරිපත් වූ සෞඛ්‍ය හිමිකම් මුදල් ඉල්ලීම් අතරින් 93% ක්ම එක් දිනක් තුළ ගෙවා අවසන් කිරීමට එම සමාගම සමත් විය. ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන්ද සමාගම ඉදිරියෙන්ම සිටී. උදාහරණයක් ලෙස, මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ වඩාත්ම පරිපූර්ණ ජීවන විලාසිතා රක්ෂණ යෙදවුම ලෙස සැලකෙන Clicklife App හඳුන්වා දී ඇත්තේ යූනියන් ඇෂුවරන්ස් සමාගම විසිනි. මෙම යෙදවුම මගින් ගනුදෙනු කරුවන්ට ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට තම රක්ෂණ සම්බන්ධ කටයුතු කළමනාකරණය කරගැනීමටත්, ශරීර සුවතාව ආදිය සම්බන්ධ සුවිශේෂී සේවාවන් රාශියක් ලබාගැනීමටත් අවස්ථාව හිමි වේ. විවිධ අභියෝග හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති මෙවැනි කාලයක මෙම යෙදවුම අතිශයින් ප්‍රයෝජනවත් හා ප්‍රායෝගික විසඳුමක් ලෙස ඇගයීමට ලක් වී තිබේ.

ජනතාව වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු කරවීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් Clicklife App හරහා මෑතකදී ‘Calorie Counter’ නමින් විශේෂ අංගයක්ද හඳුන්වා දෙන ලදි. නවීනතම තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙය ජනතාවට තමන් එදිනෙදා ගන්නා ආහාර පාන වල අඩංගු කැලරි ප්‍රමාණයන් හඳුනා ගැනීමට උපකාරී වෙයි.

මෙම හඳුන්වා දීමත් සමග යූනියන් ඇෂුවරන්ස් සමාගම, නැවුම් ක්‍රමවේදයක් ඔස්සේ නිරෝගී ජීවිතයක් සඳහා ජනතාව යොමුකරවීමට මෙවැනි නිර්මාණශීලී හඳුන්වා දීමක් සිදුකළ මෙරට ප්‍රථම රක්ෂණ සමාගම බවට පත් විය.