Preloader images
Preloader icon

යූනියන් ඇෂුවරන්ස් වෙතින් ශරීර සුවතාව වෙනුවෙන් නවතම ඩිජිටල් විසඳුමක්

Clicklife App යනු ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් තම රක්ෂණ සම්බන්ධ කටයුතු කළමනාකරණය කරගැනීමට උපකාරී වීම සඳහා, යූනියන් ඇෂුවරන්ස් විසින් හඳුන්වා දෙන ලද පරිපූර්ණ ඩිජිටල් විසඳුමකි. මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ එබඳු යෙදුමක් හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව එය ලෙස සැලකේ. එම උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ගනුදෙනුකරුවන්ට නිරෝගී ජීවිතයකට අත්වැලක් වීම සඳහා Clicklife App හරහා ශරීර සුවතාව ප්‍රවර්ධනය කිරීමටද

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2022 ප්‍රථම කාර්තුවේදී සාධනීය ප්‍රතිඵල වාර්තා කරයි

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2022 ප්‍රථම කාර්තුවේදීත් සාධනීය මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. අභියෝගකාරී වාතාවරණයක් තුළ පවා, දළ වාරික ආදායමේ සිට බදු-පෙර ලාභය සහ සමස්ත ශුද්ධ ආදායම දක්වා සියලු ප්‍රධාන අංශයන්හි යහපත් ප්‍රතිඵල පෙන්නුම් කිරීමට සමාගම සමත් වී ඇත. එමෙන්ම පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ රු. බිලියන 1 ක හිමිකම් මුදල් ඉල්ලීම් පියවූ යූනියන්

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් තවත් ජාත්‍යන්තර සම්මාන 4 ක්

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, තවත් ජාත්‍යන්තර සම්මාන 4 කින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. නවෝත්පාදනයේ සහ ඩිජිටල්කරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ‘Global Business Magazine’ විසින් මෙම සම්මාන යූනියන් ඇෂුවරන්ස් වෙත පිරිනමන ලදි. ලොව ක්ෂේත්‍ර රැසක පරිවර්තනයන් හා නවෝත්පාදනයන් සිදුකිරීමට පෙරමුණ ගන්නා සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීමේ අරමුණින් Global Business Magazine විසින් මෙම සම්මාන

යූනියන් ඇෂුවරන්ස් මෙරට වඩාත්ම ආදරය දිනූ රක්ෂණ සන්නාමයක් ලෙස නම්කෙරේ

යූනියන් ඇෂුවරන්ස් මෙරට වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ සන්නාම අතරට එක් වී සිටී. ව්‍යාපාරික සඟරාවක් වන LMD සහ, ලොව ප්‍රමුඛතම සන්නාම තක්සේරුකරණ සමාගමක් වන Brand Finance එක්ව සිදුකරන ලද සමීක්ෂණයක් මගින් මේ ආකාරයට යූනියන් ඇෂුවරන්ස් මෙරට වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ සන්නාම තුන අතරින් එකක් ලෙස නම්කර ඇත. මෙම සමීක්ෂණය, සන්නාම සම්බන්ධ වඩාත්ම විශ්වාසනීය හා

යූනියන් ඇෂුවරන්ස් සමාගම ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් සමග බැංකු රක්ෂණ හවුල්කාරීත්වයකට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු රක්ෂණ සේවා සම්පාදකයා වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, ලොව බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් සමග බැංකු රක්ෂණ සේවා හවුල්කාරීත්වයකට එළඹී තිබේ. මෙය යූනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ සේවාවන් දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි. මෙම හවුල්කාරීත්වය යටතේ යූනියන් ඇෂුවරන්ස් සමාගම, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ගනුදෙනුකරුවන් වෙත ඉහළම තලයේ රක්ෂණ විසඳුම් පිරිනමනු

යූනියන් ඇෂුවරන්ස් සමාගම කොමර්ෂල් බැංකුව සමග හවුල්කාරීත්වය සමරයි

යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ කොමර්ෂල් බැංකුව අතර පවතින බැංකු රක්ෂණ හවුල්කාරීත්වය යටතේ සංවිධානය කෙරෙන වාර්ෂික සම්මාන උළෙලේ නවතම අදියර පසුගිය පෙබරවාරි 15 වන දින පැවැත්විණි. මෙම අවස්ථාවට යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ කොමර්ෂල් බැංකුව නියෝජනය කරන විශාල පිරිසක් සහභාගී වූ අතර, ඉහළම ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ ප්‍රාදේශිකයන්, ශාඛා සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත මෙහිදී සම්මාන පිරිනැමිණි. 

යූනියන් ඇෂුවරන්ස් මෙරට බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම රැකියා ස්ථාන 10 අතරට නම් කෙරේ

යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම රැකියා ස්ථාන 10 අතරට නම් කර තිබේ. කාර්ය මණ්ඩලය සවිබල ගන්වන ඵලදායී රැකියා පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ‘Great Place to Work’ (GPTW) ආයතනය මගිනි. GPTW ආයතනය මෙම කාණ්ඩය යටතේ සමාගම් හා ආයතන ඇගයීමට ලක් කළ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කරයි

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගනිමින්, මෙරට පුරෝගාමී රක්ෂණ සමාගමක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගැනීමට සමත් වී තිබේ. ප්‍රධාන අංශ කිහිපයක් සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කරගැනීමට සමාගමට හැකියාව ලැබිණි. ක්ෂේත්‍රයේ සාමාන්‍ය නව ව්‍යාපාර වර්ධනයේ (Regular New Business Growth) සාමාන්‍ය අගය වූ 29% ට සාපේක්ෂව 45% ක වර්ධනයක් වාර්තා

යූනියන් ඇෂුවරන්ස් සමාගම නවතම තාක්ෂණය සමගින් රක්ෂණ ක්ෂේත්‍රය ජයගනී

යූනියන් ඇෂුවරන්ස් සමාගම පසුගිය කාලය තුළ තම මෙහෙයුම් හා සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා, අතිනවීන තාක්ෂණික විසඳුම් භාවිතයට ගැනීමට කටයුතු කළේ ය. මේ නිසා මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ පෙරමුණ ගැනීමට එම සමාගම මේ වනවිටම සමත් වී ඇති අතර, එය ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් වලටද ආදර්ශයක් බවට පත්වී ඇත. මෙම තාක්ෂණික වැඩසටහන් අතරින් ප්‍රමුඛ පෙළේ වැඩසටහන් කිහිපයක්ම

යූනියන් ඇෂුවරන්ස් විශිෂ්ටයන්ට මධ්‍ය වාර්ෂික සම්මාන උළෙලේදී ඇගයුම්

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ මධ්‍ය වාර්ෂික සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. රක්ෂණ නියෝජිත, බැංකු රක්ෂණ සහ ආයතනික විකිණුම් යන අංශ වල සාමාජික සාමාජිකාවෝ 300 කට අධික පිරිසක් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වූහ. ජයග්‍රාහකයන් සියලුම දෙනා වෙත සිය උණුසුම් සුබපැතුම් එක්කළ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා, අභියෝග පිරුණු වසරක් වූ 2021 වසර