Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

ආයෝජනය යුනියන් සුපර් බෙනිෆිට්

යුනියන් සුපර් බෙනිෆිට්

ඇතැම් විට හදිසි අවශ්‍යතාවක් නිසා ඔබ එතෙක් ඉතිරි කළ මුදල් ආපසු ලබාගැනීමට ඔබට සිදුවනු ඇත. කෙසේ වෙතත් නිවැරදි ආකාරයේ රක්ෂණ සැලසුමක් තිබේ නම් මෙවැනි අවස්ථාවකදී එය ඔබට රැකවරණයක් සේම ආයෝජනයක්ද වීමට ඉඩ තිබේ. එවන් සැලසුමකදී ඔබට කල් පිරීමටත් පෙර කාලයෙන් කාලයට එහි ප්‍රතිලාභ අත්විඳීමට හැකිවනු ඇත. යුනියන් සුපර් බෙනිෆිට් යනු එවන් සුවිශේෂී රක්ෂණාවරණයකි.

රක්ෂිත මුදලින් කොටසක් ආපසු ලබාගන්න

යුනියන් සුපර් බෙනිෆිට් යනු සැලසුම් කාලය අතරතුර වාරික ගෙවන කාලයේදී කලින් කලට අත්තිකාරම් මුදල් (වසර 3 කට වරක්, රක්ෂිත මුදලේ කොටසක්) ලබාදෙන සුවිශේෂී සැලසුමකි. එමෙන්ම සැලසුම් කාලය පුරාම ජීවිත රක්ෂණ ආවරණය නොවෙනස්ව පවතින නිසා එය ඔබටත් ඔබේ පවුලේ අයටත් අවශ්‍ය රැකවරණය ලබාදෙයි.

ඔබගේ ආදරණීයයන්ට රැකවරණය ලැබෙන ආකාරය

ඔබේ බලාපොරොත්තු ඉටුකරගැනීමට අත්වැලක් වනු පිණිස කලින් කලට අත්තිකාරම් මුදල් ලබාදෙන නමුත් කිසියම් අවාසනාවන්ත සිදුවීමක් ඇතිවූ අවස්ථාවකදී රක්ෂණ සැලසුම යටතේ යැපෙන්නන්ට මුළු රක්ෂිත මුදලම ගෙවනු ලැබේ. මෙය ඔබගේ පවුලේ අයට මුදල් හදල් අතින් ඇතිවන දුෂ්කරතා අවම කිරීමට උපකාරී වෙයි. එමෙන්ම ඔවුන්ගේ රැකවරණය සැලසීම සඳහා ඔබ ගන්නා උත්සාසය කෙරෙහි ඔවුන් බෙහෙවින් කෘතවේදී වනු නිසැක ය. .

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ යුනියන් ඇෂුවරන්ස් පෞද්ගලික මූල්‍ය උපදේශකවරයෙකු අමතන්න. නැතිනම් 011 2 990 990 අංකයෙන් සෘජුව අප හා සම්බන්ධ වන්න.
සැ.යු.: වැඩි විස්තර සඳහා සැලසුමට අදාළ වගන්ති හා කොන්දේසි බලන්න.