Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

ආයෝජනය යුනියන් ලයිෆ් ඇඩ්වාන්ටේජ්

යුනියන් ලයිෆ් ඇඩ්වාන්ටේජ්

ජීවිතය යනු අනපේක්ෂිත සිදුවීම්වලින් පිරුණු තැනකි. එය ඉදිරියට ඇදෙන්නේ දිනුම හා පැරදුම අතර දෝලනය වෙමිනි. අනාගතය ගැන අනාවැකි කීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැත. එහෙත් නිවැරදි සැලසුමක් ඇතිව ජීවිත ගමනේ නොවැටී ඉදිරියට යන්නට නම් නිසි රක්ෂණාවරණයක් තිබීම ඉතාමත් වැදගත් වේ. ඒ නිසා ජීවිතයේ අනපේක්ෂිත සිත්තැවුල්වලට සදහටම සමුදෙන්නට යුනියන් ලයිෆ් ඇඩ්වාන්ටේජ් තෝරාගන්න. .

වැඩි ප්‍රතිලාභ

  • ඔබේ මුදල් යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ අරමුදලේ ආයෝජනය කෙරේ. වෘත්තීය මට්ටමින් කළමනාකරණය කෙරෙන එය දිගු කාලයක් තිස්සේ ආකර්ෂණීය ප්‍රතිලාභ පිරිනැමීමට සමත් වී ඇත.
  • ජීවිත රක්ෂණ අරමුදලේ බෙදාදිය හැකි ආයෝජන ලාභාංශ 100% ක් ඔබගේ පුද්ගලික ආයෝජන ගිණුමට ලාභාංශ ලෙස බැර කෙරේ.
  • සෑම ලිත් මාසයක් ආරම්භයේදීම නිශ්චිත අවම ලාභාංශය ප්‍රකාශයට පත්කෙරෙන අතර සත්‍ය ලාභාංශය මෙම ප්‍රකාශිත ලාභාංශයට වඩා අඩු නොවන බවට යුනියන් ඇෂුවරන්ස් වගබලාගනී.
  • වැඩි ප්‍රතිලාභ ලබාදීම සඳහා ඔබගේ පෞද්ගලික ආයෝජන ගිණුම මාසිකව වර්ධනය වේ.

වාර්ෂික ලාභාංශ ප්‍රතිශතය හා ප්‍රගතිය

වර්ෂය වෙළඳපොළේ සාමාන්‍ය පොලී අනුපාතය* වර්ෂය සඳහා සහතික කරන ලද අවම ලාභාංශ අනුපාතය** ප්‍රකාශිත ලාභාංශ අනුපාතය**
2008 10.80 12.0 13.0
2009 10.61 11.5 13.5
2010 6.89 11.5 14.5
2011 6.40 11.5 11.5
2012 8.67 8 11.5
2013 10.23 9.5 11.75
2014 6.69 8.0 11.5
2015 5.99 8.0 9.5

*අදාළ වර්ෂය සඳහා වාණිජ බැංකුවල සාමාන්‍ය බරතැබූ තැන්පතු අනුපාතය අනුව ගණනය කරන ලදි (මූලාශය: ශ්‍රී ලංකා මහා බැංකුව)

** යුනියන් ඇෂුවරන්ස් වෙතින්

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාර්ථක ආයෝජන ක්‍රමෝපායන් නිසා 2007 වසරේ සිටම සැලසුම් හිමියන් වෙනුවෙන් ඉහළ ලාභාංශ අනුපාත ප්‍රකාශයට පත්කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමත් වී ඇත.

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ යුනියන් ඇෂුවරන්ස් පෞද්ගලික මූල්‍ය උපදේශකවරයෙකු අමතන්න. නැතිනම් 011 2 990 990 අංකයෙන් සෘජුව අප හා සම්බන්ධ වන්න.
සැ.යු.: වැඩි විස්තර සඳහා සැලසුමට අදාළ වගන්ති හා කොන්දේසි බලන්න.