Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

ආයෝජනය යූනියන් ජයමග ප්ලස්

යූනියන් ජයමග ප්ලස්

අනාගතය ගැන සතුටින් හා සැහැල්ලුවෙන් සිතන්නට කවුරුත් කැමති බව රහසක් නොවේ. එහෙත් ඔබේ අනාගත සැලසුම් හදිසියේ වැරදී ගියොත්? ඔබ දුටු අනාගත සිහින සියල්ල සැබෑ නොවූ සිහින පමණක් වන්නට ඉඩ තිබෙනවා නොවේද? කල්පිරීමේදී නිසැක ප්‍රතිලාභ ලබාදෙන රක්ෂණයක් ඔබට වැදගත් වන්නේ ඒ නිසාවෙනි.
ඉතින් ඔබත් දිවිය පුරාවට සතුටත් සැහැල්ලුවත් ගෙනෙන යුනියන් ජයමග ප්ලස් සැලසුම තෝරාගන්න.

යුනියන් ජයමග ප්ලස් සැලසුමේ විශේෂත්වය

ඔබේ මාසික වාරිකයේ වෙනසක් සිදුනොවී වසරක් පාසා රක්ෂිත මුදල 10% කින් වැඩිවේ. කල් පිරීමේදී වැඩිවූ රක්ෂිත මුදල ඔබට හිමිවනු ඇත.

ඒ අනුව මේ සැලසුම තුළදී ඔබට ලැබෙන ප්‍රතිලාභ නිරන්තරයෙන් වැඩි වේ. ඒ නිසා මේ සුවිශේෂී සැලැස්ම උද්ධමනයේ බලපෑමෙන් ඔබ ආරක්ෂා කරයි.

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ යුනියන් ඇෂුවරන්ස් පෞද්ගලික මූල්‍ය උපදේශකවරයෙකු අමතන්න. නැතිනම් 011 2 990 990 අංකයෙන් සෘජුව අප හා සම්බන්ධ වන්න.
සැ.යු.: වැඩි විස්තර සඳහා රක්ෂණ සැලසුමට අදාළ වගන්ති හා කොන්දේසි බලන්න.