Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

ආයෝජනය යුනියන් සිංගල් ප්‍රිමියම් ඇඩ්වාන්ටේජ්

යුනියන් සිංගල් ප්‍රිමියම් ඇඩ්වාන්ටේජ්

යුනියන් සිංගල් ප්‍රිමියම් ඇඩ්වාන්ටේජ් යනු සාම්ප්‍රදායික රක්ෂණ සැලසුම්වලට සාපේක්ෂව බෙහෙවින් කැපීපෙනෙන සැලසුමකි. එය ඉහළ ආයෝජන ප්‍රතිලාභ ලබාදෙන අතරම විශ්වාසනීය රක්ෂණ සැලසුමක්ද වීම ඊට හේතුවයි. වගකීම් සහගත ජීවිත රක්ෂණයක රැකවරණය ලබන අතරම විශ්වාසනීය ක්‍රමයකට තම මුදල් ආයෝජනය කිරීමට කැමති අය වෙනුවෙන් මෙය විශේෂයෙන් සකස් කර තිබේ.

යුනියන් සිංගල් ප්‍රිමියම් ඇඩ්වාන්ටේජ් සඳහා ගෙවිය යුතු වන්නේ එක් වාරිකයක් පමණි. ආයෝජන කාලය (අවුරුදු 5 ත් 30 ත් අතර) තමන් කැමති පරිදි ආයෝජකයාටම තීරණය කළ හැක. සමාගම විසින් රක්ෂණහිමියා වෙනුවෙන් වෙනම ආයෝජන ගිණුමක් පවත්වාගෙන යනු ලබන අතර අදාළ ලාභාංශ එම ගිණුමට සෘජුවම බැරකෙරේ. මෙම සැලසුමේ ජීවිත රක්ෂණාවරණය, මූලිකව ගෙවන ලද වාරිකයේ වටිනාකම මෙන් 105% ක ප්‍රතිලාභයක් සහතික වීම මෙහි ප්‍රධානතම වාසියකි.

වාර්ෂික ලාභාංශ ප්‍රතිශතය හා ප්‍රගතිය


වර්ෂය වෙළඳපොළේ සාමාන්‍ය පොලී අනුපාතය* වර්ෂය සඳහා සහතික කරන ලද අවම ලාභාංශ අනුපාතය** ප්‍රකාශිත ලාභාංශ අනුපාතය**
2008 10.80 12.0 13.0
2009 10.61 11.5 13.5
2010 6.89 11.5 14.5
2011 6.40 11.5 11.5
2012 8.67 8 11.5
2013 10.23 9.5 11.75
2014 6.69 8.0 11.5
2015 5.99 8.0 9.5

*අදාළ වර්ෂය සඳහා වාණිජ බැංකුවල සාමාන්‍ය බරතැබූ තැන්පතු අනුපාතය අනුව ගණනය කරන ලදි (මූලාශය: ශ්‍රී ලංකා මහා බැංකුව)

** යුනියන් ඇෂුවරන්ස් වෙතින්

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාර්ථක ආයෝජන ක්‍රමෝපායන් නිසා 2007 වසරේ සිටම සැලසුම් හිමියන් වෙනුවෙන් ඉහළ ලාභාංශ අනුපාත ප්‍රකාශයට පත්කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමත් වී ඇත.

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ යුනියන් ඇෂුවරන්ස් පෞද්ගලික මූල්‍ය උපදේශකවරයෙකු අමතන්න. නැතිනම් 011 2 990 990 අංකයෙන් සෘජුව අප හා සම්බන්ධ වන්න.
සැ.යු.: වැඩි විස්තර සඳහා රක්ෂණ සැලසුමට අදාළ වගන්ති හා කොන්දේසි බලන්න.