Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

රැකියා අවස්ථා අපගේ කාර්ය මණ්ඩලය

අපගේ කාර්ය මණ්ඩලය

අපගේ රක්ෂණ විසඳුම් හා සේවාවන් ජනතාව වෙතට රැගෙන යාමේ මෙහෙවර ඉටුවන්නේ අපගේ කාර්ය මණ්ඩලයෙනි. ඔවුන්ගේ ආචාරශීලී බව හා වෘත්තීය ගරුත්වය වැනි ගුණාංග නිසා සමාගම සිය ගනුදෙනුකරුවන් හා වෙනත් සමාගම් අතර මෙන්ම පොදුවේ සමස්ත ජනතාව අතරද විශාල ප්‍රසාදයක් දිනා ඇත. මෙම සාමාජික සාමාජිකාවන්ගේ කුසලතා, නම්‍යශීලී බව සහ කැපවීම ආදිය හේතුවෙන් අපට බාධක මැඩගෙන පෙරට යාමට ධෛර්යය ශක්තිය ලැබී තිබේ.

මානව සම්පත් සංවර්ධනය අතින් අප ලබා ඇති ජයග්‍රහණ අපට ඉමහත් ගෞරවයකි. සෑම සාමාජිකයෙකු/සමාජිකාවකටම සිය වෘත්තීය හා පෞද්ගලික අපේක්ෂා හා අවශ්‍යතාවන්ට අනුව දියුණුව කරා යා හැකි සාධනීය රැකියා වටාපිටාවක් ගොඩනැංවීම සඳහා අප හැකි සෑම පියවරක්ම ගෙන ඇත. පුහුණුව, කුසලතා සංවර්ධනය, පොදු/සහභාගීත්ව වැඩසටහන්, උසස් අධ්‍යාපනය සඳහා මූල්‍ය සහය ලබාදීම වැනි දේ අඛණ්ඩව සිදුකෙරෙමින් පවතී. සමාගමේ අනාගත දියුණුව සඳහා කණ්ඩායමේ අදහස් විමසීම මගින් යුනියන් ඇෂුවරන්ස් ඉදිරි ගමනට ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම නිරන්තරයෙන් සිදුවේ. වාර්ෂික සම්මාන උළෙල යනු සාමාජික සාමාජිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කරන එක් සුවිශේෂී වැඩපිළිවෙළකි. ක්ෂේත්‍රයේ ඉහළම තලයේ වැටුප්, දීමනා හා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් යුනියන් ඇෂුවරන්ස් කීර්තියක් දිනා සිටී. කාර්ය මණ්ඩලයේ සුභසිද්ධිය උදෙසා සමාගම දරන කැපවීම හේතුවෙන් රැකියා අවස්ථා සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ පළමු තේරීම බවට පත්වීමට යුනියන් ඇෂුවරන්ස් සමත් වී ඇත.