Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

ලෝක ළමා දිනය නිමිත්තෙන් යුනියන් ඇෂුවරන්ස් වෙතින් නිරෝගී ළමාදිවියකට මගපෙන්වන සුවිශේෂී වැඩසටහනක්

යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගම යනු සිය ආයතනික ප‍්‍රජා සත්කාර වැඩසටහන් ඔස්සේ නිරෝගී සමාජයක් බිහිකිරීමට කැපවී සිටින සමාගමකි. මේ වෙනුවෙන් කලක පටන් තැලසීමියා රෝගය හා ඩෙංගු රෝගය වළක්වා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට සමාගම කටයුතු කරයි.

යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගම යනු සිය ආයතනික ප‍්‍රජා සත්කාර වැඩසටහන් ඔස්සේ නිරෝගී සමාජයක් බිහිකිරීමට කැපවී සිටින සමාගමකි. මේ වෙනුවෙන් කලක පටන් තැලසීමියා රෝගය හා ඩෙංගු රෝගය වළක්වා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට සමාගම කටයුතු කරයි. එහි තවත් සුවිශේෂී පියවරක් වශයෙන් නව යොවුන් වියේ පසුවන පාසල් සිසු දරුවන් උදෙසා ‘සාර්ථක ජීවිතයක්’ යන තේමාව මුල්කරගෙන විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට යුනියන් ඇෂුවරන්ස් පසුගිය ඔක්තෝබර් 8 වැනිදා කටයුතු කළේ ය. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශ‍්‍රවණාගාරයේ පැවති මෙම වැඩසටහනට ප‍්‍රදේශයේ ප‍්‍රමුඛ පෙළේ පාසල් 14 ක සිසු දරු දැරියෝ 300 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූහ. යොවුන් වියේදී දරුවෝ නොයෙකුත් කායික හා මානසික වෙනස්කම්වලට මුහුණ දෙති. මෙම වෙනස්කම්වලට නිසි ආකාරයට මුහුණ දීමට නොදන්නාකම නිසා දරුවන්ගේ ජීවිත අඳුරු වන අවස්ථා දුර්ලභ නොවේ. එවන් ඛේදජනක තත්ත්වයන් ඇති නොවීමට නම් දරුවන් මෙන්ම දෙමාපියන් හා ගුරුවරුන්ද දැනුවත් කිරීම අත්‍යවශ්‍යය. මේ බව වටහාගත් යුනියන් ඇෂුවරන්ස් සමාගම මේ වනවිට දෙමාපියන් හා ගුරුවරුන් වෙනුවෙන්ද විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු කරන අතර ඉදිරි වසර තුළදී මෙම පාසල් 14 තුළම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් නොමිලයේ පැවැත්වීමට සමාගම තීරණය කර තිබේ. මෙම වැඩසටහන් වලට සමගාමීව තැලසීමියා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද යුනියන් ඇෂුවරන්ස් සමාගම හා ජාතික තැලසීමියා මධ්‍යස්ථානය පවත්වාගෙන යන අතර මේ වනවිට වැඩසටහන් 42 කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා ඇත. සාමාන්‍යයෙන් වයස අවුරුදු 12 ට පසුව තැලසීමියා පරීක්ෂාව සිදුකිරීමේ හැකියාව පවතින නිසා නව යොවුන් වියේ දරුවන් මේ පිළිබඳව දැනුවත් කිරීම මගින් වැඩි ප‍්‍රතිඵල ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ජාතික තැලසීමියා මධ්‍යස්ථානය විශ්වාස කරයි. ”තැලසීමියාව වළක්වා ගැනීමට ඇති හොඳම මග ඒ පිළිබඳව දැනුවත් වීමයි. තැලසීමියාව සම්බන්ධයෙන් එවැනි දැනුවත් කිරීම් සිදුකිරීමට යුනියන් ඇෂුවරන්ස් කලක පටන් දායකත්වය ලබාදීම අප අගය කළ යුතු වනවා. ඒ වගේම මෙවර එම දායකත්වය තවත් පුළුල් කරමින් දරුවන් වෙනුවෙන් විශ්වාසනීය වූත් සාර්ථකවූත් අනාගතයක් ගොඩනගා ගත හැකි ආකාරය පෙන්වා දෙන මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීමට සමාගම කටයුතු කිරීම සතුටට කරුණක්.” ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ ආයතන භාර ළමා රෝග විශේෂඥ වෛද්‍යතුමන් සහ මෙම වැඩසටහනේ ප‍්‍රධාන දේශකයා වූ වෛද්‍ය ජේ. එම්. නිලාම් මහතා පැවසී ය. මෙම වැඩසටහනට සමගාමීව තැලසීමියා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පත‍්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් මහනුවර නගරය තුළ ක‍්‍රියාත්මක කරන ලද අතර ඒ සඳහා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ සාමාජිකයන්ගේ කාරුණික දායකත්වය හිමි විය. අනාගතයේදීද මෙවැනි වැඩසටහන් සමගින් රටේ අනාගත පරපුරේ මෙන්ම මුළුමහත් සමාජයේම නීරෝගී බව හා යහපැවැත්ම සහතික කිරීම යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ සමාගමේ අරමුණ වී ඇත.