Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් සමාගමට 2015 SLITAD මානව සංවර්ධන සම්මාන උළෙලේදී දියමන්ති සම්මානයක්

ශ‍්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය (Sri Lanka Institute of Training and Development-SLITAD) විසින් සංවිධානය කරන ලද 2015 මානව සංවර්ධන සම්මාන උළෙලේදී දියමන්ති සම්මානයකින් පිදුම් ලැබීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. මෙම සම්මාන උළෙල පසුගිය නොවැම්බර් 26 වනදා කොළඹ ගලධාරී හෝටලයේදී පවත්වන ලදි.

ශ‍්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය (Sri Lanka Institute of Training and Development-SLITAD) විසින් සංවිධානය කරන ලද 2015 මානව සංවර්ධන සම්මාන උළෙලේදී දියමන්ති සම්මානයකින් පිදුම් ලැබීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. මෙම සම්මාන උළෙල පසුගිය නොවැම්බර් 26 වනදා කොළඹ ගලධාරී හෝටලයේදී පවත්වන ලදි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ සමාගම් හා ආයතන මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ගන්නා පියවර ඇගයීමේ අරමුණින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී අඛණ්ඩව තුන්වැනි වරටත් යුනියන් ඇෂුවරන්ස් සමාගමට රන් සම්මානයක් හිමි විය. මේ ආකාරයට අඛණ්ඩව වසර 3 ක් තිස්සේ රන් සම්මාන දිනාගැනීම වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් සහ තවත් එක් සමාගමකට දියමන්ති සම්මාන පිරිනැමිණි. ප‍්‍රථම වරට පිරිනැමුණු මෙම දියමන්ති සම්මානය SLITAD මානව සම්පත් සංවර්ධන සම්මාන උළෙලේ ඉහළම සම්මානය ලෙස සැලකේ. තම කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ සංවර්ධනය හා සුභසිද්ධිය උදෙසා යුනියන් ඇෂුවරන්ස් සමාගම ගන්නා විවිධාකාර උත්සාහයන්ගේ සාර්ථකත්වයට මෙම සම්මානය මනා සාක්ෂියකි. ශ‍්‍රී ලංකාව තුළ මානව සම්පත් සංවර්ධන හා පුහුණු පරිචයන් හඳුන්වා දීම සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය, කාර්මික හා අධ්‍යාපන ඇතුළු සියලූම සමාගම් හා ආයතන එකම වේදිකාවකට රැගෙන ඒම SLITAD මානව සංවර්ධන සම්මාන උළෙලේ පරමාර්ථයයි. අංශ 10 ක් යටතේ සුදුසුකම් ලැබීමේ සීමාව ඉක්මවා ලකුණු ලබාගත් ආයතනවලට මෙම සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමේ. ව්‍යාපාර ක‍්‍රමෝපාය, ඉගෙනුම් හා සංවර්ධන ක‍්‍රමෝපාය, මානව සම්පත් කළමනාකරණ ක‍්‍රමෝපාය, නායකත්ව හා කළමනාකරණ ක‍්‍රමෝපාය, කළමනාකරණ කාර්යක්ෂමතාව, පිළිගැනීම සහ ඇගයීම, සම්බන්ධ කරගැනීම සහ බලගැන්වීම, ඉගෙනුම හා සංවර්ධනය, කාර්යසාධන මිනුම් සහ අඛණ්ඩ වර්ධනය යනු ඒ සඳහා සලකා බැලෙන අංශ දහයයි. ශ‍්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ රක්ෂණ සේවා සම්පාදකයා වන යුනියන් ඇෂුවරන්ස් මේ වනවිට වසර 27 ක මෙහෙයුම් කාලයක් සම්පූර්ණ කර තිබේ. ශාඛා 110 ක්, 4,500 කට අධික සාමාජික සාමාජිකාවන් පිරිසක් සහ රට පුරා විසිරුණු ක්ෂේත‍්‍ර කාර්ය මණ්ඩලයක් සහිත එම සමාගම මේ වනවිට දිවයින පුරා අඩ මිලියනයකට ආසන්න පිරිසකට රැුකවරණය සැලසීමට සමත් වී ඇත.