Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් ‘Banca Mastermind’ ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය අතිසාර්ථකයි

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ අංශය සංවිධානය කළ ‘Banca Mastermind’ අන්තර් කලාප ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය පසුගිය ඔක්තෝබර් 11 දින තලවතුගොඩ Grand Monarch හෝටලයේදී පැවැත්විණි. එම අංශය මෙතරම් පුළුල් වැඩසටහනක් සංවිධානය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

ඡායාරූපය; Bancassurance Mastermind ශූරතාව දිනාගත් සම්පත් බැංකු (කොළඹ කලාපය) කණ්ඩායම යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂක රැ ප්‍රධාන විධායක නිලධාරී ඩර්ක් පෙරෙයිරා මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී (බැංකු රක්ෂණ සේවා) සමන්ත හේරත් මහතා සමග

බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා, ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සහ පොදුවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව යුනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ කණ්ඩායමේ තරුණ වෘත්තිකයන්ගේ දැනුම පුළුල් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. ඔවුන්ගේ දැනුම හා ආකල්ප වඩාත් යහපත් කරමින්, ඔවුන් පෙරටත් වඩා පුළුල් ලෙස සමාගමේ ඉදිරි ගමනට සම්බන්ධ කරගැනීම මෙහි තවත් ඉලක්කයක් වූ අතර, මෙය බැංකු රක්ෂණ සේවා අංශයේ සාමාජිකයන්ට එකිනෙකා හා සම්බන්ධ වෙමින් දැනුම බෙදාහදාගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක්ද විය.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ දීපව්‍යාප්ත බැංකු රක්ෂණ සේවා අංශයේ කණ්ඩායම් 25 ක් 'Banca Mastermind’ වැඩසටහෙන්දී එකිනෙකා සමග තරග වැදිණි. මෙහි ශූරතාව සම්පත් බැංකු කණ්ඩායම (කොළඹ කලාපය) වෙත හිමි වූ අතර දෙවන ස්ථානය යුනියන් බැංකුව (කොළඹ කලාපය) වෙතද, තුන්වන ස්ථානය කොමර්ෂල් බැංකුව (වයඹ කලාපය) වෙතද හිමි විය.

“බැංකු රක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් පැවති මෙම තරගාවලියට සියලුම දෙනා ඉතාමත් උනන්දුවෙන් සහභාගී වීම අපට මහත් සතුටක්. මෙය අපගේ කාර්ය මණ්ඩලයේ උද්යෝගය තවත් වැඩිකිරීමට ඉවහල් වනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (බැංකු රක්ෂණ සේවා) සමන්ත හේරත් මහතා පැවසී ය.

'Banca Mastermind’ වැඩසටහන ඔස්සේ ලබාගත් දැනුම හා පළපුරුද්ද සමගින් යුනියන් ඇෂුවරන්ස් බැංකු රක්ෂණ සේවා අංශයේ සාමාජිකයන් එම අංශය තවතවත් දියුණු කිරීමට කටයුතු කරනු ඇත. මෙය ඔවුන් තුළ ඇති කුසලතා මුවහත් කරමින් ඔවුන්ටත් සමාගමටත් අභිවෘද්ධිය සලසන සුවිශේෂී පියවරක් වනු ඇති බව යුනියන් ඇෂුවරන්ස් සමාගමේ විශ්වාසය වේ.