Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

ACCA තිරසාරත්ව සම්මාන උළෙලේදී යුනියන් ඇෂුවරන්ස් වෙත සුවිශේෂී ජයක්

2018 ACCA Sri Lanka තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේ මූල්‍ය සේවා හා රක්ෂණ කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකරගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. මෙම සම්මාන උළෙල 2019 මැයි 30 වන දින පැවැත්විණි.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (කාර්ය සම්පාදන හා ප්‍රසම්පාදන) මහේෂ් ජයසූරිය මහතා සම්මානය පිළිගනිමින්

ACCA විසින් මෙම සම්මාන උළෙල අඛණ්ඩව පවත්වන ලද 15 වන අවස්ථාව මෙයයි. මේ අතරින් අවස්ථා 11 කදී යුනියන් ඇෂුවරන්ස් සමාගම සිය තිරසාරත්ව ක්‍රමවේද වෙනුවෙන් ඇගයීමට ලක්වී තිබේ.

සියලුම පාර්ශ්වකරුවන් සමග ශක්තිමත් සහ ඵලදායී සම්බන්ධතා පවත්වාගැනීම, තම සාර්ථකත්වය සඳහා ඉතාමත් වැදගත් සාධකයක් බව යුනියන් ඇෂුවරන්ස් සමාගම විශ්වාස කරයි.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සේවාවක් සමගින් ගනුදෙනුකරුවන්ට පුළුල් පරාසයක පැතිරුණු විසඳුම් ලබාදීම, කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංවර්ධනය හා ප්‍රගමනය උදෙසා ආයෝජනයන් සිදුකිරීම, ව්‍යාපාරික හවුල්කරුවන් සමග ශක්තිමත් සම්බන්ධතා ගොඩනංවාගැනීම, සමාජයේ යහපත උදෙසා දායක වීම සහ සමාගමේ කටයුතු වලින් පරිසරයට එල්ල විය හැකි බලපෑම් අවම කිරීම යුනියන් ඇෂුවරන්ස් හි ප්‍රමුඛත්ව හිමිවන කරුණු වේ.

“මෙම සම්මානයෙන් පිදුම් ලැබීම අප ලද විශාල ගෞරවයක්. තිරසාර ව්‍යාපාර ක්‍රමවේදයන් පවත්වාගැනීම සඳහා අපගේ කණ්ඩායම දරන උත්සාහයට ලැබුණු ඇගයීමක් සහ එම උත්සාහය තවදුරටත් දිරිගැන්වීමක් ලෙස මෙය පෙන්වා දීමට පුළුවන්.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩර්ක් පෙරෙයිරා මහතා පැවසී ය.

ජීවන වෙනසක බැඳීම ඉලක්ක කරගෙන අඛණ්ඩව මානව සම්පත්, සේවා සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආයෝජනයන් සිදුකරමින් දිනෙන් දින ශක්තිමත් වෙමින් ඉදිරියට යාම යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අරමුණ වී තිබේ.