Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් උසස් අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරා

යුනියන් ඇෂුවරන්ස් උසස් අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන මේ වනවිට සාර්ථක ලෙස දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. දශක තුනකට අධික කාලයක් පුරා මෙරට ජනතාවගේ විශ්වාසය දිනූ යුනියන් ඇෂුවරන්ස්, කීල්ස් සමූහ ව්‍යාපාරයේ පිටුබලය සහිත සමාගමකි. එදා මෙදාතුර එම සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වලට රැකවරණය සලසමින්, ඔවුන්ගේ ජීවිත වල වැදගත් අවස්ථාවලදී සමීපයේ හිඳිමින්, අවශ්‍ය මූල්‍යමය මගපෙන්වීම් ලබාදීමට කටයුතු කර තිබේ.

HE1 පාසල් සිසු සිසුවියන් Virtual Reality තාක්ෂණය අත්විඳිමින්
HE2 ‘ලොකු වුණාම මම‘ චිත්‍ර තරගයේ ජයග්‍රාහිකාවන් ත්‍යාගද සමග
HE3 දෙමාපියන් වෙනුවෙන් පැවති විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

දරුවෙකුට හොඳම අධ්‍යාපනයක් ලබාදීම යනු සියලුම දෙමාපියන්ගේ බලාපොරොත්තුවයි. දේශීය රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළු වීම මේ වනවිට බෙහෙවින් අභියෝගාත්මක කටයුත්තක් වී ඇති නිසා බොහෝ දෙමාපියෝ තම දරුවන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තුළදී හෝ විදේශ විශ්ව විද්‍යාල වලදී උසස් අධ්‍යාපනය ලබාදීමට පෙළඹී සිටිති. එහෙත් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීම පහසු නැත. එවැනි පසුබිමක් තුළ, තම දරුවන්ගේ අනාගත සිහින යථාර්ථයක් බවට පත්කිරීම සඳහා විශාල කැපකිරීම් සිදුකිරීමට දෙමාපියන්ට සිදුවී තිබේ.

මේ හේතුව නිසා, තම දරුවන්ගේ අනාගත අධ්‍යාපනය වෙනුවෙන් සුරක්ෂිත ආයෝජන සැලැස්මක ආයෝජනය කිරීමට සූදානමින් සිටින දෙමාපියන්ට ඒ සඳහා අත්වැලක් සැපයීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම ඉදිරිපත් වී සිටී. අනාගත සිහින සැබෑ කරගැනීම සඳහා සිසු සිසුවියන් හා දෙමාපියන් දිරිමත් කිරීමේ අරමුණ ඇතිව, දිවයින පුරා උසස් අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යුනියන් ඇෂුවරන්ස් කටයුතු කළේ ඒ වෙනුවෙනි.

මෙම ප්‍රවර්ධන වැඩසටනනට ‘ලොකු වුණාම මම’ යන මාතෘකාව යටතේ පාසල් සිසුන් වෙනුවෙන් පැවැත්වෙන චිත්‍ර තරගයක් සහ Virtual Reality තාක්ෂණය අත්විඳීමේ අවස්ථාව ලබාදීමේ වැඩසටහනක්ද ඇතුළත් වේ. එමෙන්ම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නැණවත්ව ආයෝජනය කරන්නේ කෙලෙසද යන්න සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වන අතර ඒවා මෙහෙයවනු ලබන්නේ අපගේ හොඳින් පුහුණුවලත් පෞද්ගලික මූල්‍ය උපදේශකවරුන් විසිනි.

යුනියන් ඇෂුවරන්ස් යනු මෙරට 30 වසරක අඛණ්ඩ මෙහෙයුම් කාලයක් සම්පූර්ණ කළ ප්‍රථම පෞද්ගලික රක්ෂණ සමාගමයි. අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් සහ ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් සහිත එය ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රතිරක්ෂණ සමාගම් සමග සම්බන්ධතා ගොඩනංවාගෙන ඇත. විශ්වාසය, විනිවිදභාවය, පහසුව සහ ගෞරවණීයත්වය යනු යුනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන ගුණාංග වේ.