Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් 2018 වාර්ෂික සම්මාන උළෙල තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ 2018 වාර්ෂික සම්මාන උළෙල මෙවර තායිලන්තයේ බැංකොක් නුවරදී පවත්වන ලදි. එම සමාගම සිය වාර්ෂික සම්මාන උළෙල විදේශ රටකදී පැවැත්වීමට අඛණ්ඩව කටයුතු කළ 3 වන අවස්ථාව මෙයයි. ඉතාමත් උත්කර්ෂවත් අංග රැසකින් සමන්විත වූ මෙම සම්මාන උළෙල 2019 අප්‍රේල් 02 දින බැංකොක් නුවර ප්‍රතුනාම් ප්‍රදේශයේ The Berkeley Hotel හිදී පවත්වන ලද අතර, සමාගමේ අලෙවි බලකාය තුළ විශිෂ්ට දක්ෂතා දක්වන ලද සාමාජික සාමාජිකාවෝ මෙහිදී ඇගයීමට ලක්වූහ. මෙම අවස්ථාවට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය සහ යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩර්ක් පෙරෙයිරා මහතාද සහභාගී විය.

‘Champion of the Champions’ සම්මානය දිනාගත් කැලුම් ජයසිංහ මහතා

මෙම විශිෂ්ටයන්ගේ ජයග්‍රහණයන් ශ්‍රී ලංකාවේ සැමදෙනාටම දැකබලාගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා සම්මාන උළෙල සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශනය කරන ලදි.

සම්මාන උළෙලේදී විවිධ කාණ්ඩ යටතේ විශිෂ්ටයෝ 250 දෙනෙක් ඇගයීමට ලක්වූහ. උළෙලේ ප්‍රමුඛතම සම්මානය වූ ‘Champion of the Champions’ සම්මානය කැලුම් ජයසිංහ මහතා වෙත හිමි විය. කැලුම් ජයසිංහ මහතා මේ ආකාරයට මෙම ගෞරවණීය සම්මානයෙන් පිදුම් ලැබූ 4 වන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි හා බෙදාහැරීම්) දර්ශන අමරසිංහ මහතා මෙසේ පැවසී ය. “වාර්ෂික සම්මාන උළෙල අඛණ්ඩව 3 වන වරටත් විදේශ රටකදී පැවැත්වීමට කටයුතු කළ එකම ජීවිත රක්ෂණ සමාගම වීම සම්බන්ධයෙන් අප බෙහෙවින් ආඩම්බර වනවා. ඒ වගේම අපගේ අලෙවි බලකාය මේ ආකාරයට දිගින් දිගටම විශිෂ්ට දක්ෂතා දැක්වීම අපට විශාල සතුටක්. මේ දක්ෂතා, සමාගමක් ලෙස අප සතු ඉලක්ක හා අරමුණු ළඟාකරගැනීමට අපට බෙහෙවින් උපකාරී වනවා. ඒ වගේම මෙම සම්මාන උළෙල මේ ආකාරයට විදේශ රටකදී පැවැත්වීම, අපගේ අලෙවි බලකායේ සාමාජික සාමාජිකාවන්ට කිසිදා අමතක නොවන අත්දැකීම් රැසක් තිළිණ කරන පියවරක් වී ඇති බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ. යුනියන් ඇෂුවරන්ස් අලෙවි බලකාය යනු දක්ෂතා වලින් පිරිපුන් සාමාජික සාමාජිකාවන් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක්. මෙම සම්මාන වැඩසටහන නිසා ඔවුන් අභියෝග ජයගනිමින් වඩාත් ඉහළ දක්ෂතා දක්වීමට පෙළඹී ඇති ඇති බව අපගේ විශ්වාසයයි.”

දක්ෂයන් රැසකට නිසි ඇගයීම් ලබාදෙමින් තවත් අතිසාර්ථක වාර්ෂික සම්මාන උළෙලක් නිමා කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමත් විය. මෙවැනි වැඩසටහන් වලින් ලබන පන්නරය පෙරදැරිව, ජනතාවගේ ජීවන වෙනසකට උරදෙන බැඳීමක් සමගින් දිගින් දිගටම දියුණුව කරා යාම යුනියන් ඇෂුවරන්ස් හි අරමුණ වේ.