Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයට නව මුහුණුවරක්

පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීමේ අරමුණ ඇතිව සිය ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය නව මුහුණුවරකින් යුතුව විවෘත කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගිය මාර්තු 18 වනදා කටයුතු කළේ ය. තම සේවාවන් සියල්ල පාරිභෝගිකයන්ට ලබාදෙන පූර්ණ ක්‍රියාකාරී ශාඛා දිවයින පුරා ව්‍යාප්ත කිරීමට යුනියන් ඇෂුවරන්ස් පියවර ගනිමින් සිටී.

යුනියන් ඇෂුවරනස් කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය නව ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය විවෘත කරන අවස්ථාවේදී

නව ශාඛා පරිශ්‍රය තුළ රථවාහන නැවැත්වීම සඳහා විශාල වශයෙන් ඉඩ පහසුව ඇති අතර එය පෙරවරු 8.30 සිට පස්වරු 05.00 දක්වා විවෘතව තැබෙනු ඇත. ශාඛාවේ අභ්‍යන්තර සැලසුම, පහසකුම් හා ආලොක්කරණය වැනි බොහෝ අංග මේ යටතේ පරිවර්තනයනට ලක්වී තිබේ. කාර්ය මණ්ඩලයට ඵලදායී ලෙස රාජකාරී කිරීමට මෙන්ම සැහැල්ලුවෙන් සිටීමටත්, තම වෘත්තීය සගයන් සමග මනාව සම්බන්ධ වෙමින් කටයුතු කිරීමටත් අවස්ථා සලසා දෙන ස්ථාන සහිතව මෙම ශාඛා අභ්‍යනත්රයන් සැලසුම් කර ඇත.

යුනියන් ඇෂුවරන්ස් ශාඛා ඔස්සේ පෞද්ගලික ගනුදෙනුකරුවන්ට මෙන්ම සමාගම් හා ආයතනවලටද ගැළපෙන, පුළුල් පරාසයක විසිරුණු ජීවිත රක්ෂණ විසඳුම් ලබාගැනීමේ හැකියාව පවතී. එමෙන්ම සුපුරුදු ලෙසම මෙම ශාඛාවද අතිනවීන තොරතුරු තාක්ෂණ පහසුකම්වලින් පරිපූර්ණ වන අතර පෞද්ගලික මූල්‍ය උපදේශකවරුන් හට කාර්යලයෙන් පිටතදී පවා ගනුදෙනුකරුවන්ට ඉක්මන් හා නිවැරදි සේවාවක් ලබාදිය හැකිවන පරිදි ඔවුන්ට ලැප්ටොප් පරිගණක හා ටැබ්ලට් උපාංග වැනි මෙවලම්ද ලබාදී තිබේ.

නව ශාඛාව 280/2, කොළඹ පාර, කළුවැල්ල, ගාල්ල යන ස්ථානයේ පිහිටා ඇත. මෙරට වසර 30 කට වැඩි කාලයක් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කළ ප්‍රථම පෞද්ගලික රක්ෂණ සමගම වන්නේ යුනියන් ඇෂුවරන්ස් සමාගමයි. අත්දැකීම් බහුල ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් කණ්ඩායමක්, ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් සහ ලෝකයේ ඉහළම ශ්‍රේණියේ ප්‍රති-රක්ෂණ සමාගම් සමග ව්‍යාපාරික සම්බන්ධතාද එය සතු වේ. සිය ප්‍රතිඥාව වන ‘විශ්වාසය’ හැමවිටම ප්‍රමුඛත්වයෙහි ලා සලකන යුනියන් ඇෂුවරන්ස් සියලුම පාර්ශව සමග ගනුදෙනු කිරීමේදී විනිවිදභාවය, පහසුව සහ ගෞරවණීයත්වය තහවුරු කිරීමට පසුගිය වසර 28 පුරාම පියවර ගෙන ඇත.