Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

දරුවාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ ආදරය ආරක්ෂිතව ආයෝජනය කරන්න.

තම දරුදැරියන්ට හොඳම මට්ටමේ අධ්‍යාපනයක් ලබාදෙමින් ඔවුන්ගේ අනාගත සිහින සැබෑ කරදීම දෙමාපියන් කාටත් පොදු බලාපොරොත්තුවකි. කෙසේ වුවද, එවැනි අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය මුදල් සපයාගැනීම සැමදෙනාටම පහසු නොවේ. විශේෂයෙන්ම දරුවාගේ උසස් අධ්‍යාපනයේදී මෙම ගැටලු වඩාත් තීව්‍ර වන්නේ, රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා තෝරාගැනෙන සිසු සිසුවියන් සංඛ්‍යාව ඉතාමත් සීමිත බැවිනි.

යුනියන් ඇෂුවරන්ස් උසස් අධ්‍යාපන සැලසුම් හඳුන්වා දී ඇත්තේ මෙබඳු අවස්ථා සඳහා දෙමාපියන්ට අත්වැලක් වීමට ය. මෙම නිර්මාණශීලී සැලසුම් වලදී තමන්ගේ කැමැත්ත හා හැකියාව අනුව ආයෝජනය කරමින්, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ආයෝජන සැලැස්මක් නිර්මාණය කිරීමට දෙමාපියන්ට අවස්ථාව සැලසේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අලෙවි ප්‍රධානී කසුන් සමීර මහතා මෙසේ පැවසී ය. “ආර්ථික අභියෝගයන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති තරගකාරීත්වය නිසා දරුවන්ට ඉහළම මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීම අද විශාල අභියෝගයක් බවට පත්වී තිබෙනවා. දෙමාපියන්ට අවශ්‍ය මගපෙන්වීම් සහ දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහින සැබෑ කිරීමට මුල්‍යමය වශයෙන් සැලසුම් කිරීමේ ඇති වැදගත්කම අවබෝධකර දීමට අප සූදානම්ග මෙම සැලසුම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඉදිරියේදී අප දිවයින පුරා සංචාරය කිරීමට නියමිත අතර, එහිදී අප සමග අත්වැල් බැඳගනිමින්, දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ගන්නා නැණවත් තීරණයක් ලෙස යුනියන් ඇෂුවරන්ස් උසස් අධ්‍යාපන සැලසුම් වල ආයෝජනය කරන මෙන් මා සමස්ත ශ්‍රී ලංකාවාසී දෙමාපියන්ට ආරාධනය කරනවා.”

යුනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම රක්ෂණ සමාගම් අතරින් එකකි. වසර 30 ක් පුරා මෙරට ජනතාවට විශිෂ්ටතම රක්ෂණ විසඳුම් සමගින් අතිවිශිෂ්ට සේවාවක් ලබාදීමට එම සමාගම කටයුතු කර ඇත. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ යටතේ ඇති, ශක්තිමත් ප්‍රාග්ධන පදනමකින් යුතු එම සමාගම ශ්‍රී ලාංකිකයන්ට ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී අත්වැලක් වන නිර්මාණශීලී විසඳුම් රාශියක් හඳුන්වා දෙමින් එදාමෙදාතුර ඔවුන්ට ඉහළම රැකවරණයක් සලසා දී තිබේ.

දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඵලදායී, සුරක්ෂිත ආයෝජනයක් සිදුකරන ආකාරය සම්බන්ධයෙන් දෙමාපියන්ට මගපෙන්වීම සඳහා යුනියන් ඇෂුවරන්ස් කණ්ඩායම 2019 පෙබරවාරි සිට මාර්තු දක්වා සිය පෞද්ගලික මූල්‍ය උපදේශකවරුන් සමග එක්වී රටපුරා සංචාරය කිරීමට නියමිත ය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා යුනියන් ඇෂුවරන්ස් පෞද්ගලික මූල්‍ය උපදේශකවරයෙකු හා සම්බන්ධ වන්න. නැතිනම් 077 0 501 501 අංකය අමතන්න.