Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

‘යුනියන් මනුෂ්‍යත්වය’ දිනෙන් දින පුළුල් වෙමින් පෙරටම

‘යුනියන් මනුෂ්‍යත්වය - දැනුවත්, සුවපත්, යහපත් හෙටක්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රජා සත්කාර සන්නාමය මේ වනවිට නිරෝගී ජීවිතයක් සඳහා ජනතාවට මගපෙන්වීමේ වැඩපිළිවෙළ රටපුරා අතිසාර්ථක ලෙස ක්‍රියාවට නංවමින් සිටී. තැලසීමියාව, ඩෙංගු සහ දියවැඩියාව යන රෝග පාලනය කෙරෙහි මෙම වැඩසටහනෙහි මූලික අවධානය යොමුවී ඇත.

1: බදුල්ලේ පැවති තැලසීමියාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
2: දියවැඩියාව ඩෙංගු පිළිබඳ දැනුවත් කිරීමේ හා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් වූ ‘ක්‍රියාශීලී හෙටක්, දියවැඩියාවට තිතක්’ වැඩසටහන
3: යාපනය හින්දු කාන්තා විද්‍යාලයේදී පැවති ඩෙංගු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන

අදාළ බලධාරීන්ගේ ලැබෙන නොමඳ සහයෝගය සහ ශාඛා ජාලයේ කාර්ය මණ්ඩලයේ කැපවීම සමගින් යුනියන් මනුෂ්‍යත්වය 2018 වසර තුළ ඩෙංගු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 13 ක්, තැලසීමියාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 160 කට අධික සංඛ්‍යාවක් සහ දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 60 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාවට නැංවීමට සමත් විය.

කුරුණෑගල ජාතික තැලසීමියා මධ්‍යස්ථානය, ශාන්ත ජෝන් ගිලන්රථ සේවාව සහ Hemal’s Adolescent & Adult Thalassemia Care ආයතනය සමග එක්වී තැලසීමියාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමින්, මෙරට තුළ එම රෝගය පාලනය කිරීමේ මෙහෙවරට නොමඳ දායකත්වයක් ලබාදීමට යුනියන් ඇෂුවරන්ස් සමාගමට හැකියාව ලැබිණි. මේ යටතේ 2018 වසර තුළදී ද තැලසීමියා රුධිර පරීක්ෂණ වැඩසටහන් 136 ක් සහ දැනුවත් කිරීමේ සැසි 38 ක් පවත්වන ලදි.

තවද දියවැඩියා රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සමග එක්වී පරීක්ෂාවන් හා දැනුවත් කිරීම් සිදුකිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරිණි. මේ යටතේ 2018 වසරේදී වැඩසටහන් 67 ක් පවත්වමින් 3497 දෙනෙකුට දියවැඩියාව පාලනය කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මගපෙන්වීම් ලබාදීමට හැකි විය.

මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස, දියවැඩියාව පාලනය කිරීම සඳහා ජනතාවට මගපෙන්වීම උදෙසා ‘ක්‍රියාශීලී හෙටක්, දියවැඩියාවට තිතක්’ යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක් 2018 දෙසැම්බර් 08 වනදා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්විණි. ඊට 150 කට අධික පිරිසක් සහභාගී වූහ.

2018 වසරේ ඩෙංගු මර්දන වැඩසටහනට දොරින් දොර දැනුවත් කිරීම් සහ පාසල් ශ්‍රමදාන වැඩසටහන්ද ඇතුළත් විය. මේ යටතේ තෝරාගත් ප්‍රදේශ වල නිවාස 70 ක පමණ නිවැසියන් දැනුවත් කරන ලද අතර පාසල් 12 ක ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාවට නැංවිණි.

විශ්වාසය යන සන්නාම පොරොන්දුව සහ විනිවිදභාවය, ගෞරවණීයත්වය සහ පහසුව යන ගුණාංග සමගින් තම ගනුදෙනුකරුවන් සමග දීර්ඝකාලීන සම්බන්ධතාවන් ගොඩනංවා ගන්නා අතරම වඩාත් නිරෝගී හා සුරක්ෂිත සමාජයක් බිහිකිරීම යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අරමුණයි.

මෙම අරමුණ වෙනුවෙන් අනාගතයේදී තවත් වැඩසටහන් රාශියක් පැවැත්වීමට නියමිත අතර ඒ සියල්ල සමගින් යුනියන් මනුෂ්‍යත්වය තවතවත් ශක්තිමත් වෙමින් ඉදිරියටම යනු නිසැක ය.