Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් මනුෂ්‍යත්වය වෙතින් ‘ක්‍රියාශීලී හෙටක්, දියවැඩියාවට තිතක්’

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර සන්නාමය වන ‘යුනියන් මනුෂ්‍යත්වය’ මගින් ‘ක්‍රියාශීලී හෙටක්, දියවැඩියාවට තිතක්‘ නමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලී ජීවිතයක් ගෙවමින් දියවැඩියාවෙන් ආරක්ෂා වීම හෝ එය පාලනය කිරීම සිදුකරන්නේ කෙසේද යන්න නිර්මාණශීලී ක්‍රම මගින් පෙන්වා දෙන වැඩසටහනක් වූ මෙය පසුගිය දෙසැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවති අතර, 150 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. වැඩසටහන මෙහෙයවන ලද්දේ ජනප්‍රිය නිවේදක දෙපළක් වන නාරද බක්මීවැව සහ තනුජා ජයවර්ධන විසිනි.

නාරද සා තනුජා ‘ක්‍රියාශීලී හෙටක්, දියවැඩියාවට තිතක්‘ වැඩසටහන මෙහෙයවමින්
නොමිලේ දියවැඩියා පරීක්ෂාව සහ ශරීර ස්කන්ධ දර්ශක පරීක්ෂාව
අක්ෂි පරීක්ෂණ කඳවුර
දියවැඩියාව වළක්වාගැනීම හා පාලනය සම්බන්ධ දැනුවත් කිරීමේ සැසි

තැලසීමියාව, දියවැඩියාව සහ ඩෙංගු වැනි රෝග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින්, එම රෝග වලින් ආරක්ෂා වීමට මගපෙන්වීම යුනියන් මනුෂ්‍යත්වය වැඩසටහනේ මූලික අරමුණ වේ. එහි තේමාව වන්නේ ‘යුනියන් මනුෂ්‍යත්වය - දැනුවත්, සුවපත්, යහපත් හෙටක්’ යන්නයි.

‘ක්‍රියාශීලී හෙටක්, දියවැඩියාවට තිතක්’ වැඩසටහනේදී නොමිලේ දියවැඩියා පරීක්ෂණ, ශරීර ස්කන්ධ දර්ශක පරීක්ෂණ, අක්ෂි කඳවුරක්, දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීමේ සැසි, තොරතුරු කවුන්ටර සහ ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා මගපෙන්වීමේ වැඩසටහන් වැනි බොහෝ දේ සංවිධානය කර තිබිණි. මේ සඳහා අදාළ ක්ෂේත්‍ර වල විශේෂඥයෝ පිරිසක් සිය දායකත්වය ලබාදුන්හ.

වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා තවත් පාර්ශ්ව රැසකින් විශාල සහයෝගයක් ලැබිණි. එහි ප්‍රධාන වෛද්‍ය සේවා සම්පාදක ආයතනය ලෙස CDEM (Center for Diabetes Endocrinology and Cardio – Metabolism) කටයුතු කළ අතර GOYO, ‘ඇවිදින්නෝ’ සහ ‘යමං’ එක්වී සක්‍රීය ජීවන රටාවක වැදගත්කම පෙන්වා දීමට සහය විය. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ උත්සාහයට දායකත්වය ලැබුණේ 'Eat Right' වෙතිනි.

දිනක කාලයක් සීනි ආහාරයට ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වැළකීම සඳහා ජනතාවට අභියෝගයක් ලබාදෙමින් ‘ක්‍රියාශීලී හෙටක්, දියවැඩියාවට තිතක්’ අවසන් විය. නාරද සහ තනුජා මෙම අභියෝගය භාරගැනීමට ඉදිරිපත් වූ අතර, ඔවුන් එය සම්පූර්ණ කළ ආකාරය සම්බන්ධ විස්තර යුනියන් ඇෂුවරන්ස් නිල Facebook, Instagram සහ YouTube පිටුවල දක්වා තිබේ.

තම ආයතන ප්‍රජා සත්කාර වැඩසටහන් සමගින් සෞඛ්‍ය සම්පන්න හා සුරක්ෂිත ප්‍රජාවන් නිර්මාණය කිරීම යුනියන් මනුෂ්‍යත්වය වැඩසටහනේ ඉලක්කය වේ. ඒ සඳහා සෘජුව ජනතාව දැනුවත් කරමින් මෙන්ම විවිධ ඩිජිටල් මාධ්‍ය භාවිතා කරමින් සමස්ත දිවයිනම ආවරණය කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කර ඇත. විශ්වාසය යන පොරොන්දුව සුරැකීමට කැපවී කටයුතු කරන යුනියන් ඇෂුවරන්ස් සමාගම දිගින් දිගටම මෙරට නීරෝගී ප්‍රජාවන් බිහිකිරීමේ මෙහෙවරට උරදෙනු ඇත.