Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් සමාගමට 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන 3 ක්

යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගියදා පැවති 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන 3 කින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි.

යුනියන් ඇෂුවරන්ස් කණ්ඩායම ආයතනික යහපාලනය සඳහා වන රන් සම්මානය පිළිගනිමින්
යුනියන් ඇෂුවරන්ස් කණ්ඩායම රක්ෂණ කාණ්ඩයේ රන් සම්මානය පිළිගත් අවස්ථාව
යුනියන් ඇෂුවරන්ස් කණ්ඩායම අතිවිශාල පරිමාණයේ සමාගම් අතර තෙවන ස්ථානයට හිමි සම්මානය ලබාගත් අයුරු

සම්මාන උළෙලේදී ආයතනික යහපාලනය සඳහා වන රන් සම්මානය, අතිවිශාල පරිමාණයේ සමාගම් අතර තෙවන ස්ථානය සහ රක්ෂණ කාණ්ඩයේ සම-ප්‍රථම ස්ථානය යුනියන් ඇෂුවරන්ස් සමාගම වෙත හිමි විය.

“ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දිගින් දිගටම මේ ආකාරයට සම්මානයට පාත්‍ර වීමට ලැබීම අපට විශාල සතුටක්. මේ සම්මාන වල ගෞරවය අපගේ සාර්ථකත්වයට උර දෙන සියලුම දෙනා වෙත හිමි විය යුතුයි. එමෙන්ම මීටත් වඩා සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු සිදුකරමින් අඛණ්ඩව පෙරට යාමට අප සූදානම්.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩර්ක් පෙරෙයිරා මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයට ආදර්ශ රැසක් සපයමින්, එය ශක්තිමත් කිරීමට දායක වන යුනියන් ඇෂුවරන්ස් සමාගම මේ වනවිට වසර 30 ක සාඩම්බර ඉතිහාසයකින් යුත් සමාගමකි. ශාඛා හා කාර්යාල 120 කට වැඩි සංඛ්‍යාවක් සහ 4,500 කට අධික ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයක් සමගින්, ස්ථාවර හා විශිෂ්ට ව්‍යාපාරික ක්‍රමවේද සහිත සමාගමක් ලෙස, සිය ගනුදෙනුකරුවන් හා අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ට පුළුල් ප්‍රතිලාභ සලසමින් යුනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව දියුණුව කරා ගමන් කරමින් සිටී.