Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් සමාගම CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළලේදී සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් සංවිධානය කරන ලද 54 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ආයතනික ප්‍රජා සත්කාර වාර්තාකරණය වෙනුවෙන් රන් සම්මානයකින් පිදුම් ලැබීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ විශිෂ්ට වාර්තාකරණයන් ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ. සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා යමින්, විනිවිදභාවය, වගකීම්සහගත බව සහ ආයතනික යහපාලනය ප්‍රවර්ධනය කෙරෙන ආකාරයට, විධිමත් හා පැහැදිලි ලෙස සිදුකරනු ලබන වාර්තාකරණයන් මෙහිදී ඇගයීමට ලක්වේ.

යුනියන් ඇෂුවරන්ස් කණ්ඩායම ආයතනික ප්‍රජා සත්කාර වාර්තාකරණය උදෙසා වූ රන් සම්මානය පිළිගත් අවස්ථාව
යුනියන් ඇෂුවරන්ස් කණ්ඩායම 2017 වාර්ෂික වාර්තාවට රක්ෂණ කාණ්ඩය යටතේ හිමිවූ රිදී සම්මානය පිළිගනිමින්

‘යුනියන් මනුෂ්‍යත්වය’ සන්නාමය යටතේ යුනියන් ඇෂුවරන්ස් සමාගම සමාජයේ යහපත වෙනුවෙන් සිදුකරන ලද මෙහෙවර සම්බන්ධ වාර්තාකරණය උදෙසා මෙම රන් සම්මානය හිමිවී ඇත. තැලසීමියාව, ඩෙංගු සහ දියවැඩියාව යන රෝග මර්දනය කිරීම අරමුණු කරගෙන ජනතාව දැනුවත් කිරීම සහ ඒ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ‘යුනියන් මනුෂ්‍යත්වය’ වැඩසටහනේ ඉලක්කය වේ. ඊට අමතරව ජල සම්පත සුරැකීම, ප්‍රතිචක්‍රීයකරණය සහ කඩදාසි භාවිතය අවම කිරීම වැනි කරුණු උදෙසාද යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අවධානය දැඩි ලෙස යොමුවී ඇත.

මීට අමතරව යුනියන් ඇෂුවරන්ස් සමාගමේ 2017 වාර්ෂික වාර්තාවට රක්ෂණ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමි විය.

“යුනියන් ඇෂුවරන්ස් සමාගමේ දියුණුවට උරදෙන සියලුම දෙනාට මේ සම්මානය අයිතියි. විශ්වාසනීය සම්බන්ධතාවන් ගොඩනංවා ගනිමින්, ශ්‍රී ලංකාවේ ජනතාව වෙත යහපත ළඟාකර දීම උදෙසා සමාගම දරන උත්සාහයේ සාර්ථකත්වයට මෙම සම්මාන සාක්ෂි දරනවා. ඉදිරියේදී තවදුරටත් විනිවිදභාවයෙන් යුතුව, ආයතනික යහපාලනය පවත්වා ගනිමින්, දිගින් දිගටම විශිෂ්ටත්වය කරා යාමට මෙම සම්මාන අපගේ සියලුම සාමාජික සාමාජිකාවන් දිරිමත් කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (මූල්‍ය හා සැලසුම්කරණ) ආශා පෙරේරා මහත්මිය පැවසුවා ය.

අත්දැකීම් බහුල හා උද්‍යෝගීමත් වෘත්තිකයන් කණ්ඩායමක්, ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් සහ ලොව ඉහළම තලයේ ප්‍රති-රක්ෂණ සමාගම් සමග ඇතිකරගත් හවුල්කාරීත්වයන් වැනි සාධකවලින් පන්නරය ලබන යුනියන් ඇෂුවරන්ස් සමාගමේ මූලික ඉලක්කය වන්නේ සිය තිස් වසරක විශිෂ්ටත්වය සමගින් ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සමගින් ඉහළම තලයේ සේවාවක් සැලසීම ය. නිර්මාණශීලී ප්‍රවේශයන් සමගින් ක්‍රමෝපායිකව සිය ව්‍යාපාර කටයුතු ඉදිරියට රැගෙන යන අතරම ගනුදෙනුකරුවන්ට උපරිම වටිනාකම් ළඟාකර දෙමින් ඔවුන්ගේ ජීවන වෙනසක බැඳීමක් වෙනුවෙන් සමාගම කැපවී කටයුතු කරමින් සිටී.